Author: Bandara Senanayaka

ලුණුගම්වෙහෙර මහානාගපුර මහා විද්‍යාලයේ ගුරුවරියක පාසල නිමවී නිවස බලා යමින් සිටියදී 28 දා මහානාගපුර සේවා පියස ඉදිරිපිට දී යතුරු පැදියක් හරස්කොට් යතුරුපැදිකරුගේ හිස් වැසුමෙන් ඇයට පහරදී ඇත. පහර කෑ ගුරුවරිය සේවා පියසට් දිව ගොස් ඇති අවස්ථාවේ පහර දුන් පුද්ගලයා ද එතුළට පැමිණ එහි සිටි ප්‍රජා සංවර්ධන නිලධාරිනියකට ද පහරදී තිබේ. පහර කෑමෙන් දෙදෙනාම් බරපතළ තුවාල සිදුව ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේය.තුවාල ලැබූ ගුරුවරිය සහ නිලධාරිනිය මේ වන විට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. මෙම පහරදීමෙන් පහර කෑ කාන්තාවන් දෙදෙනාගේ හිස සහ ශරීරයේ ස්ථාන කිහිපයකම් තැලුම් තුටාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම පහරදීම් සිදුකර ඇත්තේ ලුණුගම්වෙහෙර පුංචිඅප්පු…

Read More

අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ, වැඩකරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීමෙන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය මැයි දින පණිඩුඩය ප්‍රකාශයට පත්කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙරට වැඩකරන ජනතාව මේ මොහොතේ මුහුණදෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට බවය. වත්මන් රජයේ අදූරදර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇති බවද ඒ මහතා නිකුත්කළ මැයි දින පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ. විපක්ෂ නායකගේ මැදි දින පණිඩුඩය, “වසර 1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවරින් ඇරඹි ඓතිහාසික කම්කරු අරගලය සිහිපත් කරමින් අද දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට සමස්ත වැඩ කරන ජනතාව වෙත මාගේ ගෞරවය…

Read More

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බව ලෝක කම්කරු දිනය වෙනුවෙන් පනිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන බව සඳහන්ය. සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණක් වන අතර ඒ අනුව සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම වර්තමාන රජයේ මූලික අරමුනක් බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය කම්කරු දින ප…

Read More

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වත්මන් රජයේ ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ. අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි. මෙරට වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක් බව ජනාධිපති අනුර…

Read More

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබෙන අද (01) දිනයේ දේශපාලන පක්ෂ රැසක් විසින් පෙළපාලි, රැලි සහ උත්සව දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ මැයි දින රැලි දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැලි පැවැත්වෙන්නේ ජන රජයට ජන බලයක් තේමාවෙන්. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙන්ම අද පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදීද ජාතික ජන බලවේගයේ මැයි දින රැලි පැවැත්වීමට නියමිතයි. පච මදිවට හොරු යන්න තේමා කරගත් සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයේදී. සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අද පස්වරු 2:00ට ආරම්භ…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබේ. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි පළමු දින ලෝක කම්කරු දිනය සමරනු ලැබේ. ඒ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලී, රැලි සංවිධානය කරනු දක්නට ලැබේ. මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත.

Read More

මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් කරමින් සිටි කාන්තාවන් සිව් දෙනකු රෙමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසනවා. මෙම කාන්තාවන් සිව් දෙනා රෙමුණ ආදා දොලේ දිය නෑමට පැමිණ මත්පැන් පානය කර ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා. මොවුන් නිතර නිතර මෙම ස්ථානයට දිය නෑමට පැමිණ මෙලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති බවට පොලිසිය තොරතුරු ලද බව වාර්තා වෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ හොරණ සහ ගෝනපල ප්‍රදේශ වල පදිංචි අවු 26 ක් 29ත් අතර වයස්වල පසුවන කාන්තාවන් සිව් දෙනෙක්. මොවුන් සියලු දෙනා මත්පැන් පානය කර යතුරුපැදිවලින් ආපසු නිවෙස් බලා යෑම සදහා එකට ගමන් කරමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට පත් වී තිබේ.…

Read More

හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින බාධාවන් ගෝලීය ආර්ථිකය ‘හුස්ම හිරකරන’ (strangling) තත්ත්වයකට පත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. පවතින බාධාවන් හමුවේ ඉදිරියේදී ඇති විය හැකි හොඳම තත්ත්වය යටතේ වුවද, ගෝලීය ආර්ථිකයට ඉන් එල්ල වන දැඩි පීඩනය තවදුරටත් පවතිනු ඇති බවටයි ඔහු අනතුරු අඟවන්නේ. එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති සීමාවන් අද දින ඉවත් කරනු ලැබුවද, බිඳවැටී ඇති ලෝක සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත්වීම සඳහා තවත් මාස ගණනාවක් ගත වනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මෙම ප්‍රමාදය හේතුවෙන් ගෝලීය ආර්ථික නිෂ්පාදනය (economic output) තවදුරටත් පහළ මට්ටමක පවතිනු ඇති අතර භාණ්ඩ හා සේවා මිල ගණන් දීර්ඝ…

Read More

හබරාදුව ප්‍රාදේශිය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදි පිය පුතු දෙපළක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අද (30) සවස දුම්රියක හැපිමෙන් බරපතල තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කලබව හබරාදුව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ඔවුන් ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දරුවා හබරාදුව පෙර පාසලේ සිට කැදවාගෙ යමින් සිටියදි ගාල්ල සිට මාතර දෙසට ධාවනය වු මන්දගාමි දුම්රියේ හැපි ඇති බවයි. ත්‍රිරෝද රථය දුම්රියේ වදිනවාත් සමග ළමයා රථයෙන් එළියට විසිවි ගොස් ඇතැයි වාර්තා වෙනවා. තුවාලකරුවන් කරාපිටිය රෝහලටද ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බවයි.

Read More