Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල් 500,000ක දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ගැසට් නිවේදන අනුව මිලිලීටර් 500 ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙස නියම කර තිබුණද, අදාළ ආයතනය එය රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, උපාය දූතයෙකු මගින් සාක්ෂි රැස් කර ඇති බව වාර්තා වෙයි. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වරද පිළිගත් සමාගමට අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සකස් කරන ලද “Tobacco Free Generation” විද්‍යාත්මක යෝජනාවලිය සහ සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත නිල වශයෙන් බාර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම සංකල්ප පත්‍රිකාවේ මුලික අරමුණ වී ඇත්තේ, 2010 වර්ෂයෙන් පසු උපන් මෙරට සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ අනුව, මෙම පත්‍රිකාව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල්. අමිල ඉසුරු යන විද්වතුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා වෙත පිළිගැන්වූවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු මෙහෙයුම් ,නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) වෙත මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද (30) පස්වරුවේ සිට HSBC බැංකු සේවා අත්හිටුවීමට නියමිත බව එම බැංකුව නිවේදනය කරනවා. නමුත් HSBC ආයතනික සේවා දිගටම පවත්වා ගෙන යන බවයි එන බැංකුව පවසන්නේ. Nations Trust Bank PLC (NTB) විසින් Hongkong and Shanghai Banking Corporation (HSBC) ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු ව්‍යාපාරය (retail banking business) රුපියල් බිලියන 18ක මුදලකට සහ අදාළ බදු ගෙවීම් මත මිලදී ගැනීමට එකඟතාවයකට එළඹ ඇති බව Nations Trust Bank මගින් පසුගියදා කොටස් වෙළඳපොළට දැනුම් දුන්නා. මෙම ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර බැඳීම් සහිත මිලදී ගැනීමේ සහ විකිණීමේ ගිවිසුමක් (binding Sale and…
වැල්ලවාය – හඳපානාගල අලුත්වැව ප්‍රදේශයේ වී ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාරය ලැබී නොමැති බවට ගොවීන් පවසනවා. මේ හේතුවෙන් කුඹුරු වගාවන් විනාශ වෙමින් පවතින අතර වගාවන් වෙනුවෙන් ලබා ගත් ණය මුදල් පවා ගෙවා ගැනීමට නොහැකිවී ඇති බවයි ඔවුන් කියා සිටියේ.
කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 2.8ක් දක්වා වැඩිවී ඇති අතර 2026 මාර්තු මාසයේදී එය වාර්තා වූයේ සියයට 0.7ක් ලෙසිනි. එමෙන්ම, 2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මාර්තු මාසයේදී එය සියයට 2.9ක් ලෙස වාර්තා විය.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර තිබේ. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් අද (30) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙනු ඇති බව ඔහු කීය. ලබන 05 වෙනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය ඉතා කාර්යබහුල සතියක් බවත් අණපනත් ගණනාවක් සම්මත කර ගැනීමට නියමිත බවත් කථානායකවරයා පැවසීය. එමෙන්ම ලබන අටවෙනිදා වියට්නාමයේ ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ජගත් වික්‍රමරත්න මහතා…
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළේය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. “මේකට පරිවර්තන කමිටුව කියන්නේ, යම් කිසි වෙනසක් කරන්න ඕනේ. ඒකයි පරිවර්තනීය කමිටුව කියලා නම් කරලා තියෙන්නේ. එතකොට ඒ වෙනස කරන්න. හුඟාක් මට්ටම් තියෙනවානේ, හැම මට්ටමේම සිදුවිය යුතුය. ව්‍යවස්ථාවේ ඉඳලාම බිම් මට්ටමට යනකම් හුඟාක් දේවල් සිදුවිය යුතුයි. ඒ නිසයි මේ පරිවර්තන කියන නම දාලා තියෙන්නේ. දිගු කාලීන සහ කෙටි කාලීන සැලැසුම් ගැන දැන්මම කතා කරන්න යන්නේ නැහැ. මුලින්ම අපිට තියෙන්නේ, ඇහුම්කන් දෙන්න. නැතිව සැලැසුමක් අරන් ඇවිත් අපේ සැලැස්ම ක්‍රියාත්මක…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුවල තීන්දු අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. ඒත් විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා සිදු කරන බවයි. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර…
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර තිබේ.
