Author: Bandara Senanayaka

අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන්ය. පසුගිය අප්‍රේල් මස 20 වන දින අඩි 900කට ආසන්න දිගකින් යුත් මෙම නෞකාව ඉරාන ධජය සහිතව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණි. එහිදී අදාළ නෞකාවට නවත්වන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකළ නමුත් ඔවුන් එම…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉල්ලු‍ම් කළ ද, රජය විසින් රුපියල් බිලියන 15 ක සහනාධාරයක් ලබාදෙන බවට මහ භාණ්ඩාගාරය විසින් මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, මේ හේතුවෙන් විදුලි ගාස්තු වැඩි වුව ද පාරිභෝගිකයින් සියයට 95 ක ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවට කොමිසම නිර්දේශ කර ඇති බවයි. විදුලි ගාස්තු සියයට 18 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම, නව යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර තිබුණේ පෙරේදා දිනයේදීයි. වසරේ දෙවන සහ තෙවැනි කාර්තු සඳහා බලපැවැත්වෙන පරිදි එය…

Read More

‘මිහින්තලාවෙන් හඬක්’ යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයාට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම්, ඉකුත් අප්‍රේල් මස 03 වන දා මිහින්තලා පුද බිමට හෝ මිහින්තලා විහාරාධිපති හිමියන්ට අපහාස වන ආකාරයේ තොරතුරු ඇතුළත් බව කියන මිහින්තලාවෙන් හඬක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුදාහැර ඇති වැඩසටහන මින් මතුවට ප්‍රචාරය කිරීම අත්හිටුවීමට ද නියෝග කරනු ලැබී ය.එළැඹෙන මැයි මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විත්තිකාර පරිපාලකවරයාට නියෝග කළ දිසා විනිසුරුවරයා මෙම පෙත්සමට අදාළව විරෝධතා ඇත්නම් එදිනට ගොනු කරන ලෙසට ද නියෝග කෙරිණ.අනුරාධපුර දිසා විනිසුරුවරයා මෙසේ නියෝග කළේ, මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්…

Read More

තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි. ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225ක් වෙයි.

Read More

අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා නිවැරදි කිරීමට ඊයේ මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ඇති නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වඩාත් නිවැරදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) පිළිගෙන තිබෙනවා. ඒ අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනෙනු ඇති. ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම් ලිඛිතව අද (29) ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නිසි බලධාරියෙකු හෝ අතුරු පාලන කමිටුවකට පවරමින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

Read More

අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙසයි මෙය සැලකෙන්නේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඔහු අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස අප නියමකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි. ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත. ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී…

Read More