Author: Bandara Senanayaka

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බව සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියවංශ බාලසූරිය මහතා පවසයි. තමන්ද ගම්මිරිස් ගොවියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස එම ප්‍රකාශය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඔහු අවධාරණය කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන පරිදි ගම්මිරිස් අක්කරයකින් රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබිය නොහැකි බව ඕනෑම අයෙකු දන්නා බවයි. දැනට වෙළඳපොලේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් පමණ වන අතර, අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න කිලෝ 600-650ක් පමණ වන බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව උපරිම ඵලදාවක් ලැබුණද අක්කරයකින් ලබාගත හැක්කේ රුපියල් ලක්ෂ 12ක පමණ ආදායමක් බවත්, පසුගිය වසරේ මෙන් අස්වැන්න අඩු කාලවලදී…

Read More

යක්කල චන්ද්‍රජෝති විහාරයෙන් – කැළණිය රජමහා විහාරයට ළඟා වේ. යක්කල – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (24) යක්කල චන්ද්‍රජෝති විහාරයෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි. ඒ අනුව…

Read More

මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම රාජපක්ෂවරුන්ගේ සමීපතමයන් විසින් ආයතන තුළ සිට සිදුකරන ලද බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පවසයි. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු බව අවධාරණය කරන ඔහු, මෙය ආයතන අභ්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක් බවට චෝදනා කරයි. චමීර පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජපක්ෂවරුන්ගේ සහචරයන් විවිධ රාජ්‍ය ආයතන අත්පත් කරගෙන සිටින බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ දැනට පවතින විමර්ශන දුර්වල කිරීම සහ ඒවා වෙනතකට යොමු කිරීම බවත්ය. රුපියල් කෝටි 800ක පමණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් පවා නිදහසේ සිටිමින් මෙවැනි මූල්‍ය කොල්ලයන් පිළිබඳව කතා කරන තත්ත්වයක් උදා…

Read More

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පැමිණෙන බව රුසියානු විදේශ අමාත්‍යාංශය අද (26) තහවුරු කළා. මොස්කව් නුවරදී පැවැත්වෙන සාකච්ඡාවලදී අරග්චි හෙට (27) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ. කලාපීය ආරක්ෂාව, සටන් විරාම සාකච්ඡා සහ මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පසුගිය දින කිහිපය තුළ ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තානය සහ ඕමානය යන රටවලද සංචාරය කළ අතර, රුසියානු සංචාරය ඔහුගේ මෙම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකෙනවා. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන සාකච්ඡාවල නවතම…

Read More

“කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර චීවරධාරීයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. අත්අඩංගුවට ගත් චීවරධාරීයා, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා 22 නමගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ. රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ “හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ, තායිලන්තයේ සිට පැමිණි මෙම චීවරධාරීන් පිරිස සමග…

Read More

ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙවන චාල්ස් රජු නිරන්තරයෙන් දැනුවත් කරන බව බකිංහැම් මාලිගය පවසයි. ලබන සඳුදා රජු අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර, සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීම එම සංචාරයේ මෙහෙයුම් සැලසුම්වලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව දෙරටේ නිලධාරීන් අතර මේ වන විට විශේෂ සාකච්ඡා ආරම්භ වී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ඇතුළු පිරිස උත්සව ශාලාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු වෙඩි තැබීමත් සමඟ ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කෙරිණි. එහිදී රහස් පරීක්ෂක සේවා නිලධාරියෙකුට වෙඩි වැදුණු නමුත් උණ්ඩ නොවදින ඇඳුම් නිසා ඔහුගේ ජීවිතය බේරී ඇත. අමෙරිකානු වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් පවසන්නේ රජුගේ…

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ. ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ ජයග්‍රහණ දිරිගැන්වීම අරමුණු කරගනිමින්, නව බෝනස් ගෙවීම් මෙන්ම වැටුප් කප්පාදු කිරීම්ද ඇතුළත් කර මෙම ගෙවීම් ක්‍රමවේදය සකසා ඇති බව සඳහන්ය. ඒ අනුව ඉදිරියට තරගාවලි ජයග්‍රහණ සඳහා බෝනස් හිමිවන්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 (Top 4)ට එරෙහිව ලබන ජයග්‍රහණ සඳහා පමණක් බව වාර්තා වේ. මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 9 අතර සිට ඕනෑම කණ්ඩායමකට එරෙහිව තරගාවලි ජයග්‍රහණයකට බෝනස් හිමිව ඇත. එමෙන්ම ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම ආකෘතියක තරගාවලියක් පරාජය වුවහොත්,…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Read More

මහව, බලගොල්ලාගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගමන්කරමින් සිටින අතරතුරදී දැදුරු ඔයේ දිය නෑම සඳහා ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී දියේ ගිලී මෙම අනතුර සිදුව ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

පසුගියදා පිලී පැනීමට ලක්වු ‘‘සාගරිකා‘‘ දුම්රිය අද (27) සිට යළි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතා පැවසුවේ අදාළ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවය. පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක් වූ අතර එහිදි දුම්රියේ මැදිරි 13න් 11ක් පිලීපැනීමට ලක්විය. එමෙන්ම පිලී පැනීමට ලක්වු සාගරිකා දුම්රියේ ගමන් කළ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දුම්රිය ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් වන තුරු ඔවුන් දුම්රිය ධාවන කටයුතු සදහා සහභාගී කර නොගැනීමට තීරණය කර…

Read More