Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මාවනැල්ලෙන් තෝලංගමුවට මාවනැල්ල – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (25) මාවනැල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි. මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන්…
මියයන විට එතුමා 85 වන වියේ පමණ පසු විය.කලාත්මක පරිකල්පනයේ නිදහස උදෙසා දශක හයක් අරගල කළ. සිය සාහිත්‍යය වෙනුවෙන් මහපාරේ සිට සීඅයිඩීයේ හතරවන තට්ටුව දක්වා සියලු තන්හි නැගූ හඬද නිහඬය.ඉදිරියේදී උදා වන්නේ ඔබ වැන්නන් වැඩිපුර අවැසි කාලයකි. එතැන ඔබ නැතිවීම පාඩුවකි.සමුගනිමු! අපගේ සාතිශය සංවේග
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මූලික විමර්ශනවලදී මෙය අනාවරණ වූ බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම නැවත එම මුදල් ලබාගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුත්තක් බවත් එම ආයතනය ප්‍රකාශ කළේය. මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ රටතුළ දැඩි ආන්දෝලනයක් මතු කරනු ලැබීය. ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වන විට සිදු කෙරේ. ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී අද (24)පැවැත්විණි. මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට තාක්ෂණික…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්ව සිටින මොහොතේ රහස් පොලිසිය එතුමන්ගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීම හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද රෝගී වී සිටින මොහොතක පිටස්තරයන් එම නිවසට යාම ඔවුන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලන්නක් බවද අබේවර්ධන මහතා කීය. වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි
රුපියල් දෙකෝටි පනස්ලක්ෂ පනස්දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 505ක් සමගින් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. අද (25) අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිටයි මොහු මෙරටට පැමිණ ඇත්තේ. සැකකරු වියළි පළතුරු අඩංගු පැකට් තුළ මේවා සූක්ෂම ලෙස සගවාගෙන මෙරටට රැගෙනවිත් තිබුණා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (25) ප.ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි. ඒ, ‘සාගරිකා’ දුම්රිය 24 පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමෙන් සිදුවූ අවහිරය ඉවත් කිරීමත් සමඟය. ඒ අනුව පස්වරු 07.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) කඩිනමින් පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති වුවද, සාකච්ඡාවල ප්‍රගතිය අනුව අවශ්‍ය වුවහොත් ඉස්ලාමාබාද් බලා පිටත්ව යාම සඳහා සූදානමින් සිටින බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්. මෙම තීරණාත්මක හමුව පැවැත්වෙන නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී මතුවූ ගැටලුකාරී තත්ත්වය රජය විසින් හිතාමතා සඟවාගෙන සිටි එකක් නොවන බවත්, එය සැලසුම් සහගත ඉලක්කගත වංචාවකට වඩා සන්නිවේදන ක්‍රියාවලියේ පැවති දුර්වලතාවයක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා. එහිදී 2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ බලපෑම මත වෙනත් විද්‍යුත් ලිපිනයකට අදාළ ගිණුමකට බැර වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා. මෙම වංචාකාරී ක්‍රියාව සැලවූ වහාම මුදල් අමාත්‍යාංශ බලධාරීන් සහ රජය ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් බවත්, ඉන්දියාවට සිදු කිරීමට නියමිතව තිබූ තවත් ගෙවීමකදී ද මෙවැනිම වැරදි ගිණුම් අංකයක් ඉදිරිපත්ව…
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා හසලක යහන්ගල කන්ද නායගොස් උඩත්තව නෙළුම්මල ගම්මානයේ 31 දෙනෙකු අතුරුදන් වුණා. මෙම ව්‍යසනයෙන් සිව් මසක් ගතවීමට ආසන්න වී ඇතත් නෙළුම්මල ගම්මානය හා ඒ අවට ගම්මානවල ජනතාව තවමත් පීඩාවට පත්ව සිටින බවයි ගම්වාසීන් පවසන්නේ. දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පසුගිය වසරේ දෙසම්බර් 27 වැනිදා මහ වැසි මැද හසලක උඩත්තව නෙළුම්මල ගම්මානයේ 31 දෙනෙකු අතුරුදන් වුණේ යහන්ගල කන්ද නාය යාමෙන්. එහි දී නිවාස 14 සම්පූර්ණයෙන් විනාශ වී අක්කර සිය ගණනක කුඹුරු ද මුළුමනින්ම විනාශ වුණා. මේ ව්‍යසනය සිදු වී සිව් මසක් ගතවීමට ආසන්න වෙද්දී තවමත් නෙළුම්මල ගම්මානය අවට ජනතාව සිය ජීවිත යථා තත්ත්වයට පත් කර…
