Author: Bandara Senanayaka

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. අමාත්‍යවරයා වසර 14ක් තිස්සේ රජයේ දේපළ අවභාවිත කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රැඳී සිටි බවටයි එමගින් චෝදනා එල්ල කර ඇත්තේ. එම පෙරමුණ පවසන්න‍ේ, කේ. ඩී. ලාල්කාන්ත, 2001 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සිට 2010 වසරේ පෙබරවාරි මස 9 වැනිදා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර, මන්ත්‍රී ධූරයක් නොමැතිව 2010 වසරේ සිට 2024 වසර දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් වෙන්කර ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ D-10 නිවාසයේ පදිංචි වී සිට තිබෙන බවයි.

Read More

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවිසලක අද (24) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් එකකයේ නිළධාරීන් පැමිණ කඩිනමින් ගින්න පාලනය කිරීම හේතුවෙන් එම වෙලඳසල මෙන්ම අවට වෙලඳසල්වලට ගින්න පැතිරී යාම වළක්වා ගැනීමට හැකි වි ඇති බවයි වර්තා වන්නේ.

Read More

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවය. මේ පිළිබඳව අදහස් දක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය, ”අලාභ හානි වෙච්ච දුම්රිය අපිට ලොකු පාඩුවක්..මොකද දුම්රිය බල ඇණිය අපේ අඩුයි.. ඒ අලාභය අපිට තියනවා.. ඒකත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා… නමුත් ඒ…

Read More

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ. වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත. මෙම හදිසි අනතුර හේතුවෙන් දුම්රියේ ගමන් කළ මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු යොදා ඇත. අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. විශේෂයෙන් අද උදෑසන කාලයේ කොළඹ බලා ධාවනය වන අනෙකුත් කාර්යාල සේවා දුම්රියන් ද මේ හේතුවෙන් ප්‍රමාද විය හැකි බැවින් මගී ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න. දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති අතර,…

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූනි මස 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩුව අද (24) කැඳවනු ලැබීය. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළේය. එම නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා නියම වී ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා ඒ අනුව මෙම නඩුව සඳහාද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු…

Read More

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු නිලධාරීන් පැවසුවේ රුපියල් හතලිස් දෙලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් මෙලෙස නිලධාරීන් භාරයට ගත් බවය. එම ගුවන් මගීන් දෙදෙනා මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකරගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සහ 53 හැවිරිදි වියේ පසුවන බංග්ලාදේශ ජාතික කුලී රැකියාවල නිරත වන කම්කරුවන් දෙදෙනෙකි. චීන ජාතිකයෙකු විසින් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන කාම්බෝජය ඔස්සේ මැලේසියාවේ…

Read More

රත්නපුර මහජන පොල භූමියේ ඊයේ (23) හට ගත් ගින්න නිසා පොදු වෙළඳපොලේ වෙළඳ සැල් රාශියක් ගින්නට හසුවී විශාල විනාශයක් සිදුවී ඇති බව රත්නපුර පොලීසිය පවසනවා. ගින්නට හේතුව තවමත් සොයාගෙන නැති අතර ගින්නෙන් මහජන වෙලඳපොලේ කඩදුමාරයෙන් වැසී ගිය අතර මහජනපොලේ දෙවන මහල සහ වැඩ අවසන්වෙමින් තිබු තුන්වන මහලේ වහලයද ගිනිගෙන කඩාවැටී තිබෙනවා. වෙළඳුන් සහ අවට ප්‍රදේශවාසීන් සහ රත්නපුර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලදාරීන් එක්ව ගින්න නිවීමට පියවර ගෙන තිබෙනවා.ගින්න විදුලි කාන්දුවක් නිසා හටගත්තාද නැතිනම් වෙනත් හේතුවක් නිසා ගිනි ගත්තේද යන්න පොලීසිය පරීක්‍ෂණ පවත්වන අතර මාසයකට පෙර රත්නපුර මහජන පොල ඉදිරිපිට පිහිටි වෙලඳසැලක් දෙවන වරටත් ගිනි ගෙන විනාශයට පත්ව තිබෙනවා. රත්නපුර…

Read More

ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය මෙය වන අතර, 2011 වසරේ 78.29%ක පෙර වාර්තාවද මෙවර බිඳ වැටී ඇති බව සඳහන්ය‍චෙන්නායි නගරයේ පවා අද 5.00ට 81.34%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශය වී විශේෂත්වයකි. ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නවක ඡන්දදායකයින් සිට වැඩිහිටියන් දක්වා උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයින් පිළිගැනීමට “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීමද අවධානයට ලක් විය.එමෙන්ම චෙන්නායිහිදී අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමද…

Read More

මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය අද (24) දින වාර්තා වී තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.03ක් ලෙසත් විකුණුම් මිල රු. 321.87ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින සටහන්ව ඇත. මේ අතර ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද රු. 317.17ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. විදේශ විනිමය වෙළඳපොළේ මෙම වෙනස්වීම් ගෝලීය ආර්ථික තත්ත්වයන්, ආනයන-අපනයන ක්‍රියාකාරකම් සහ දේශීය මුදල් ප්‍රවාහයන් මත පදනම්ව සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙම…

Read More

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කලීඩ් කියාරි මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදුකළ නිල සංචාරය අතරතුර මෙම හමුව පවත්වා ඇත. කලීඩ් කියාරි මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන, සාම සාධක කටයුතු සහ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, අමෙරිකාව, ආසියාව සහ පැසිෆික් කලාපය භාර සහකාර මහලේකම්වරයා ලෙසින් කටයුතු කරනු ලබයි. මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යෝජිත හමුදා කණ්ඩායම් අනුයුක්ත කිරීමට අදාළව ගනු ලබන පූර්ව සූදානම පිළිබඳවද පුළුල් ලෙස පැහැදිලි කිරීමක් සිදුකර ඇත.…

Read More