Author: Bandara Senanayaka

ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත. පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බවය. ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් හන්ග් කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් වේ. පසුගිය මාස කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ ඉහළ පෙළේ හමුදා නායකයින් අතරට ෆෙලන් ද එක් වේ. මොහු 2024 වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද අතර 2025 මාර්තු මාසයේදී නාවික හමුදා ලේකම් ලෙස දිවුරුම් දුන්නේය. ෆෙලන්ගේ ඉවත්වීමට නිශ්චිත හේතුවක් නාවික හමුදාව මෙතෙක් අනාවරණය කර…

Read More

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. මෙම දුරකථන සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කළ බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය පවසයි. ඉරාන විදේශ අමාත්‍යවරයා, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදුකළ බව කියන අපරාධ ගෙනහැර දක්වමින්, IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජනපදය විසින් සිදුකරන ලද “පෙර නොවූ විරූ යුද අපරාධයක්” ලෙස ද මෙහිදී…

Read More

පවතින බටහිර ආසියානු ගැටුම් පසුබිම් කරගනිමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිදුවන බාධා කිරීම් දුරස්ථ සිදුවීම් නොවන බවත්, ඒවා ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජු බලපෑම් එල්ල කරන රළු යථාර්ථයන් බවත් එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කරනවා. ඔහුගේ තෙදින ජර්මන් සංචාරයේ පළමු දිනයේදී එරට ආරක්ෂක සහ සුරක්ෂිතභාවය පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අද ලෝකය නව ආරක්ෂක තර්ජනවලට මුහුණ දී සිටින බවත්, තාක්ෂණික පරිවර්තනය හේතුවෙන් තත්ත්වය අතිශය සංකීර්ණ හා අන්තර් සම්බන්ධිත වී ඇති බවයි. වෙනස් වන පරිසරයට අනුගත වීමේ කැමැත්ත සහිත නව ප්‍රවේශයක් කාලීන අවශ්‍යතාවයක් බව අමාත්‍යවරයා එහිදී පැවසුවා. “තම බලශක්ති අවශ්‍යතාවලින් සැලකිය යුතු කොටසක්…

Read More

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමු කළා. ලාල් කාන්තගේ නීතීඥවරයා වෙත එමගින් දැනුම් දී ඇත්තේ, අදාළ එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එහි සඳහන් ඉල්ලීම්ද බැහැර කරන බවයි. නිවැරදි කිරීමේ අයිතිය පිලිගනිමින් අපගේ සේවාදායකයා වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු ටී.වී. සහ හිරු මාධ්‍ය ජාලයට අයත් අනෙකුත් සියලු මාධ්‍ය අවකාශයන් ඔස්සේ වහාම නිවැරදි කිරීමක් සිදුකළ බවද එම නීතිඥ සමාගම සිය ලිපිය මගින් දන්වා තිබෙනවා. 2023 අංක 09 දරණ දූෂණ…

Read More

සයිබර් හැකර්කරුවන් විසින් ආයතනය තුල ඇති දෙපාර්තමේන්තුවක පරිගණක පද්ධතියකට ඇතුළුවීම මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇත. 2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබද හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙත දැනුවත් කිරීම කරනු ලැබිණි. ඒ ඔස්සේ කරන ලද…

Read More

ඉකුත් අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළියන් තිදෙනෙකුට මත්වන සුළු බීම වර්ගයක් පානය කිරීමට ලබාදී සිහිසුන්කොට එම හිටපු හමුදා සෙබළියන් තිදෙනා පැළඳ සිටි රුපියල් ලක්ෂ 17 ක පමණ වටිනාකමකින් යුත් රණ් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවෙකු මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මෙම සැකකරු විසින් දිවයිනේ තවත් විවිධ ප්‍රදේශවල සිදුකර ඇති බව කියන මෙවැනිම සංවිධානාත්මක ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග…

Read More

මාගේ වචනයකින් හෝ කිසිවෙකු ඡන්දය දුන්නා නම් සමාවෙන්න සම්මානනී විජේසිංහ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණියක වන සම්මානනී විජේසිංහ මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, තමන් කළ ප්‍රකාශයක් හෝ ලියූ සටහනක් හේතුවෙන් යම් පාර්ශවයකට ඡන්දය දීමට කිසිවෙකු හෝ පෙළඹුණේ නම් ඒ පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බවයි. ඉන්දීය ලේඛක දීප චෙල්ලන්ගේ කෘතීන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කිරීමෙන් අනතුරුව ඇය මෙම සටහන තබා ඇත. එහිදී වත්මන් පාලනය පිළිබඳව ඇය සිය කලකිරීම ප්‍රකාශ කර තිබේ. යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් දායක විය හැකි ඕනෑම බලවේගයකට සහය වීමට තමන් සූදානම් බව පවසන ඇය, විශේෂයෙන්…

Read More

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගෙන ඇති බව එරට රජයේ පුවත් සේවා ප්‍රකාශ කර තිබේ. ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් සේවයට අනුව, මෙම නෞකා දෙක ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූල නොවන අයුරින් ක්‍රියා කර ඇති අතර, මෙලෙස හමුදා භාරයට ගෙන ඇත්තේ ‘MSC Francesca’ සහ ‘Epaminondas’යන නෞකා බව සඳහන් වෙයි. මීට පෙර එම මුහුදු තීරයේදීම වෙඩි තැබීමට ලක්වූයේ ද මෙම නෞකා දෙකම බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. අදාළ නෞකා මේ වන විට ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය මැයි මස 20වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ඔහුව තවදුරටත් රඳවුම් භාරයේ රඳවා ගැනීමට අධිකරණය මෙහිදී නියම කර තිබේ.

Read More

නුවරඑළිය ප්‍රදේශයේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පොලිසිය සමඟින් තරුණ තරුණියන් එක්ව ක්‍රියාත්මක කල සුවිශේෂී වැඩසටහනක්. නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ සංකල්පයකට අනුව, තම බල ප්‍රදේශයේ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම උදෙසා සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පලගොල්ල පෙර පාසලේ කලක පටන් අබලන්ව පවතින ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා 2026 අප්‍රේල් 17 වන දින නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි ඇතුළු මෙම ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා මූල්‍යමය දායකත්වයෙන් එක්වන පිරිස අතරින් Spin Riders (SR) සංවිධානයේ කොළඹ ශාඛාවේ සාමාජිකයින් සහ LR Platinum ආයතනයේ තරුණ තරුණියන් සමඟ එම පෙර පාසල් පරිශ්‍රයට ගොස්…

Read More