Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

    April 22, 2026

    වත්මන් පාලනය පිළිබඳව සම්මානනී විජේසිංහ කනස්සල්ලෙන්

    April 22, 2026

    හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

    April 22, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්
    උණුසුම් පුවත්

    බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 22, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉකුත් අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළියන් තිදෙනෙකුට මත්වන සුළු බීම වර්ගයක් පානය කිරීමට ලබාදී සිහිසුන්කොට එම හිටපු හමුදා සෙබළියන් තිදෙනා පැළඳ සිටි රුපියල් ලක්ෂ 17 ක පමණ වටිනාකමකින් යුත් රණ් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවෙකු මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    මෙම සැකකරු විසින් දිවයිනේ තවත් විවිධ ප්‍රදේශවල සිදුකර ඇති බව කියන මෙවැනිම සංවිධානාත්මක ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කරනු ලැබුවා.

    මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ සාලියවැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

    මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියා සිටියේ පසුගිය අලුත් අවුරුදු සමයේ දිනයකදී අනුරාධපුරයේ සිට ඇල්ල මාර්ග ඔස්සේ කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පිටුපස අසුනේ පැමිණිලිකාර කානාතාවන් තිදෙනා සහ මෙම සැකකරු ගමන් කොට ඇති බවයි.

    එහිදි තමන් නාවික හමුදාවේ සේවය කරන නිලධාරියෙකු බව අදාල කාන්තාවන්ට තමන් හදුන්වාදී ඇති සැකකරු පසුව ඔවුන් සමග හිතවත්කමක් ගොඩනගා ගෙන ඇති බවද කියා සිටි පොලිසිය පසුව සැකකරු ඔවුනට කෙටි ආහාර වර්ගයක් කෑමට ලබාදී පසුව බීම වර්ගයක් පානය කිරීමට ලබාදී ඇති බවයි සඳහන්කර සිටියේ.

    සැකකරු ලබාදුන් බීම වර්ගය පානය කිරීමෙන් අනතුරුව කාන්තාවන් තිදෙනාම සිහිසුන් වු පසුව සැකකරු එම කාන්තාවන් ගෙල බැද සිටි රණ්භාණ්ඩ සියල්ල පැහැරගෙන බසයෙන් බැස පලාගොස් ඇති බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය සිහිසුන් වු කාන්තාවන් තිදෙනා රෝහල්ගත කර ඇති බවද පවසා සිටියා.

    සිසිටීව දර්ශන ඔස්සේ මේ පිළිබදව කඩිනම් විමර්ශනක් ඇරඹු බවද සදහන් කළ පොලිසිය ඒ අතර වාරයේ සැක කටයුතු හෝටලයක් පරීක්ෂා කිරීමේදී සැකකරු වෙනත් කාන්තාවක් සමග අදාළ හෝටලයේ කාමරයක් තුළ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

    සිහිසුන්වීම නිසා රෝහල්ගත කළ කාන්තාවන්ට සැකකරු විසින් පානය කිරීමට ලබාදී ඇති මත්වන සුළු පානය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා මගින් වාර්තාවක් කැඳවීමට පැමිණිලිකාර කාන්තාවන් ප්‍රතිකාර ලබන රෝහල මගින් කටයුතු කරමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වත්මන් පාලනය පිළිබඳව සම්මානනී විජේසිංහ කනස්සල්ලෙන්

    April 22, 2026

    හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

    April 22, 2026

    සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

    April 22, 2026

    නුවරඑළිය පොලිසිය සමඟින් තරුණ තරුණියන් එක්ව ක්‍රියාත්මක කල සුවිශේෂී වැඩක්

    April 22, 2026

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

    April 22, 2026

    ඉකුත් අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් කරමින්…

    වත්මන් පාලනය පිළිබඳව සම්මානනී විජේසිංහ කනස්සල්ලෙන්

    April 22, 2026

    හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

    April 22, 2026

    සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

    April 22, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

    April 22, 2026

    වත්මන් පාලනය පිළිබඳව සම්මානනී විජේසිංහ කනස්සල්ලෙන්

    April 22, 2026

    හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

    April 22, 2026

    සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

    April 22, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

    April 22, 2026

    වත්මන් පාලනය පිළිබඳව සම්මානනී විජේසිංහ කනස්සල්ලෙන්

    April 22, 2026

    හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

    April 22, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.