නුවරඑළිය ප්‍රදේශයේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පොලිසිය සමඟින් තරුණ තරුණියන් එක්ව ක්‍රියාත්මක කල සුවිශේෂී වැඩසටහනක්.
නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ සංකල්පයකට අනුව, තම බල ප්‍රදේශයේ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම උදෙසා සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පලගොල්ල පෙර පාසලේ කලක පටන් අබලන්ව පවතින ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා 2026 අප්‍රේල් 17 වන දින නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි ඇතුළු මෙම ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා මූල්‍යමය දායකත්වයෙන් එක්වන පිරිස අතරින් Spin Riders (SR) සංවිධානයේ කොළඹ ශාඛාවේ සාමාජිකයින් සහ LR Platinum ආයතනයේ තරුණ තරුණියන් සමඟ එම පෙර පාසල් පරිශ්‍රයට ගොස් පලගොල්ල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමු වී, ගොඩනැගිල්ලේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.





