Author: Bandara Senanayaka

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවී තිබු අතර එම වෙබ් අඩවියේ තොරතුරු වෙන්දේසි කර මුදල් ලබාගැනීම සඳහා සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ශවය විසින් උත්සහ දරා තිබූ බව සඳහන්වේ. කෙසේවෙතත් මෙහිදී අමාත්‍යාංශ වෙබ් අඩවියේ අතිශය සංවේදී තොරතුරුවලට හානියක් සිදුව නොමැති අතර පොදු තොරතුරු කිහිපයක් පමණක් වෙනත් පාර්ශ්වයක් අතට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න…

Read More

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අද (24) පෙරවරුවේ මහනුවර වල්වතු මහා විහාර පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මේ සම්බන්ධව විමර්ශන සිදුකරන බවත් මිට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ සඳහා ජාත්‍යන්තර සහායද මෙරටට ලැබී ඇති බවත් ඇය සඳහන් කළාය. රජයක් ලෙස මෙම සිදුවීම සම්බන්ධව සිදු කළ යුතු සියලු කාර්යන් සිදු කිරීමට පියවර ගන්නා බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය. මේ අතර අග්‍රාමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන බවට…

Read More

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2026 අගදී සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා පවසයි. මේ පිළිබඳ අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අගරගුරු පදවිය පිළිබඳ තීරණ ගනු ලබන්නේ වතිකානුව මඟින් වන බවය. කතෝලික සභා නීති අනුව අගරදගුරු වරයෙකුට වයස අවුරුදු 80ක් පිරෙන විට විශ්‍රාමය සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වුවද, එම තීරණය අවසානයේ ගනු ලබන්නේ පාප්වහන්සේ විසින්ය. ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලබන වසරේදී වයස අවුරුදු 80ක් පිරුණද, ඔහුගේ විශ්‍රාමය සම්බන්ධයෙන් කිසිදු නිල තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ද සඳහන් වේ.…

Read More

රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කළා. සැකකරුට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබෙනවා. ඒ, හිටපු ජනපතිගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කළින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ තමන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විත්ති කූඩුවේ සිට තමන් සිදු කළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළා. ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නා. මෙම නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අය ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් “පියුමා ” ලබන මැයි මස 06 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළා. සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සැකකරුගේ ගෝලයෙකු බව කියන සැකකරුවෙකු වන පියුම් හස්තික යන අය මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා. බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැති අතර සූම් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා සැකකරු නිරීක්ෂණය කළා. සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් නීතිපති උපදෙස් කඩිනමින් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළා. එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කළා. හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා නැමැති සැකකරුට…

Read More

2026 වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ආහාර පාලක නිලධාරීන් වෙත යොමු කර ඇති මෙම උපදෙස් මාලාව මගින් දන්සැල් සංවිධායකයන් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව පහතින්. 1. සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය. 2. දන්සැල් පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, ලිපිනය, දුරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් කරගත යුතුය. 3. සෞඛ්‍යාරක්ෂිතව දන්සැල්…

Read More

‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද (අප්‍රේල් 24) – මහනුවරින් මාවනැල්ලට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී බෙලිගම්මන රජමහා විහාරයට ළඟා වේ. මහනුවර – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (24) මහනුවරින් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 7.00ට මෙම සාම පා ගමන ආරම්භවීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල්…

Read More

“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23) යි. අද දිනයේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ සිට මහනුවර දළදා මාළිගාව දක්වා සාම පාද යාත්‍රාව සිදුකිරීමට නියමිතව තිබේ. වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ විසින් ඊයේ (22) දඹුල්ල පූජා නගරයෙන් මෙම සාම පාද යාත්‍රාව ආරම්භ කරනු ලැබීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.…

Read More