Author: Bandara Senanayaka

මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී සිදු කළ බව කියන මූල්‍ය වංචා ගනුදෙනුවට ආණ්ඩුවට විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, තමන්ගේ මිම්මෙන් වර්තමාන රජය මැනීමට උත්සාහ නොකරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා. ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචාව සිදු කරන සමයේ අනුගමනය කළ ක්‍රමවේදයන් හා නියෝග පිළිබඳව හිටපු පාලකයන් හොඳින් දන්නා බවයි. එමෙන්ම පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස චෝදනා නගන්නේ ඔවුන් සතු දූෂිත අත්දැකීම් පදනම් කරගෙන බවත් ඔහු සඳහන් කළා. මුදල් අමාත්‍යාංශයේ ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 2.5ක වංචාවක් සිදු වූ බවට පැතිර යන…

Read More

මීටර් 89.28ක දියත් කිරීමක් සමග ප්‍රථම ස්ථානය දිනාගනී කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 2026 ‘කිප් කේනෝ ක්ලැසික්’ (Kip Keino Classic) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. එහිදී ඔහු විසින් මීටර් 89.28ක දැවැන්ත දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර, එය එම තරගාවලියේ නව වාර්තාවක් (Meet Record) ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බෙල්ජියමේ තිමොති හර්මන් (මීටර් 87.35) විසින්.

Read More

ඉදිරියේදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මූල්‍යමය කොන්ත්‍රාත් ලබා දීමේදී ජයග්‍රහණවලදී වැඩි ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සකසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළා. ඊයේ ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ තරග පරාජය වීමේදී ක්‍රීඩකයින්ගේ ප්‍රතිලාභය අඩුවනු ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ කොදෙව් සංචාරයට පෙර නව ගිවිසුම්වලට එළැඹෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය නැවත දැනුම් දෙනතුරු කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, විභාගය පැවැත්වෙන නව දිනය ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය හේතුවෙන් මැයි 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එසේම 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මීට පෙර මැයි 01 වැනිදා සහ 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය එම දෙදින තුළ නොපැවැත්වෙන බැවින්, මැයි මස 01 වැනිදාට යෙදෙන පොහොය දිනයේ පමණක් මත්පැන්හල් වසා තැබෙන බව තවදුරටත් එම නිවේදනයේ සඳහන්. ඒ අනුව, මැයි මාසයේ මැයි 01, 30 සහ 31 යන දින තුනෙහි පමණක් මත්පැන්හල් වසා තැබෙනු ඇති. එලෙස මත්පැන්හල් වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම්…

Read More

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසා සිටියේ දන්සල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසයි. දන්සල පවත්වන ස්ථානය සහ කුමන ආකාරයේ දන්සලක්ද යන්න අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා මෙහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළා. ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සියලු දන්සල් සංවිධායකවරුන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඒ මහතා…

Read More

ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ එක්වී සම්පූර්ණයෙන් ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින් මෙන් ම Contactless තාක්ෂණය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීම සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම සහයෝගීතාවය රජයේ ඩිජිටල් ටිකට්පත් හඳුන්වා දීමේ මුලපිරීමට සහය දක්වන අතර ම, ශ්‍රී ලංකාවේ පුද්ගලික මගී ප්‍රවාහන අංශය තුළ ඩිජිටල් ගාස්තු ගෙවීම ප්‍රචලිත කිරීමට දරණ මහා පරිමාණ ප්‍රයත්නයක් ද සනිටුහන් කරයි. බැංකු ජාලය හරහා ආරක්ෂිතව ගෙවීම් ලබාගැනීම හා ස්වයංක්‍රීයව ගෙවීම් පියවීමේ කටයුතු සමඟ ටිකට්පත් නිකුත් කරන උපාංග ඒකාබද්ධ…

Read More

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මූලික විමර්ශනවලදී මෙය අනාවරණ වූ බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම නැවත එම මුදල් ලබාගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුත්තක් බවත් එම ආයතනය ප්‍රකාශ කළේය. මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ රටතුළ දැඩි ආන්දෝලනයක් මතු කරනු ලැබීය. ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වන විට සිදු කෙරේ. ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී අද (24)පැවැත්විණි. මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට…

Read More

‘ඒහිපස්සිකෝ’ සාම පාගමන තුන්වැනි දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අද (24) පස්වරුවේ අවසන් විය. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයෙන් ආරම්භ වු පාගමන අද කිලෝමීටර් 25ක් දුර ගමන් කළේය. ‘ඒහිපස්සිකෝ’ සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13නම අද (24) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තේය. එහිදී භික්ෂූන් වහන්සේ පිළිගනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය ඉදිපිටදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පාගමනේ වඩින භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ විදෙස් බෞද්ධ සැදැහැවතුන්ට ආශිර්වාද කළේය. අද දිනයේදීත් සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ…

Read More

සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 13 වැනිදා කැවුම් පිසිමින් සිටි කාන්තාවක් තෙල් තාච්චියට ගිනි ඇවිලි පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතව සිටියදී පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ මියගොස් ඇති බව සියඹලාණ්ඩුව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු (44) වයසැති දෙදරු මවකි. ඇය කැවුම් පිසිමින් සිටියදී එකවරම තෙල් තාච්චිය ගිනි ගෙන සිරුරට ගිනි ඇවිළී පිලිස්සුම් තුවාල ලැබීමෙන් අනතුරුව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටී බවයි පොලිසිය පවසන්නේ. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යවා තිබෙනවා. අනතුරුව ඇය පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ මියගොස් ඇති බවයි වර්තා වන්නේ. සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Read More