Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

    May 19, 2026

    වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළිත් රිමාන්ඩ්

    May 19, 2026

    වෙළෙඳ සබඳතා තර කිරීමට ඉන්දියාව සහ නෝර්වේ එකඟවෙයි

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වෙළෙඳ සබඳතා තර කිරීමට ඉන්දියාව සහ නෝර්වේ එකඟවෙයි
    උණුසුම් පුවත්

    වෙළෙඳ සබඳතා තර කිරීමට ඉන්දියාව සහ නෝර්වේ එකඟවෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගහර් ස්ටෝරේ සමඟ ඔස්ලෝ නුවරදී විශේෂ ද්විපාර්ශ්වික සහ නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

    ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරයට සමගාමීව සිදු කෙරෙන නෝර්වේ සංචාරයේදීයි.

    එහිදී පිරිසිදු බලශක්තිය, නිල් ආර්ථිකය (blue economy) සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා “හරිත උපායමාර්ගික හවුල්කාරිත්වයක්” (Green Strategic Partnership) දක්වා ඉහළ නැංවීමට නායකයෝ එකඟ වුණා.

    මෙම සාකච්ඡා පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මෝදිගේ පළමු නෝර්වේ සංචාරය අතරතුරදී වන අතර, මෙය දශක හතරකට වැඩි කාලයකට පසු ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයෙකු නොර්ඩික් රට වෙත කළ පළමු අග්‍රාමාත්‍ය සංචාරය ද වනවා.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, නායකයින් දෙපළ ඉන්දු-නෝර්වේ සබඳතාවල සමස්ත ප්‍රගතිය සමාලෝචනය කළ අතර වෙළෙඳාම සහ ආයෝජන, පුනර්ජනනීය බලශක්තිය, චක්‍රීය ආර්ථිකය, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), අභ්‍යවකාශය සහ ආක්ටික් කලාපය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වුණා.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, සබඳතා හරිත උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමේ තීරණය හරිත සංක්‍රාන්ති මුලපිරීම් (green transition initiatives) සඳහා වන සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

    ඉන්දියා-යුරෝපීය නිදහස් වෙළෙඳ සංගමය (EFTA) අතර ඇති කරගත් වෙළෙඳ සහ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම හරහා, විශේෂයෙන්ම වෙළෙඳ පුළුල් කිරීම, තාක්ෂණික සහයෝගීතාව සහ රැකියා උත්පාදනය සම්බන්ධයෙන් මතු වන නව අවස්ථා පිළිබඳව ද නායකයින් සාකච්ඡා කළා.

    කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගත් අතර, එහිදී ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව ගෙන යන සටනට නෝර්වේ අග්‍රාමාත්‍ය ස්ටෝරේ සිය සහයෝගය පළ කර තිබෙනවා.

    මේ අතර බහුපාර්ශ්වික සංසදයන්හිදී (multilateral forums) දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට ද මෙහිදී එකඟතාව පළ වුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

    May 19, 2026

    වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළිත් රිමාන්ඩ්

    May 19, 2026

    “එදා පාන්දර 1.30ට පමණ සුදුපාට බෝතලයක් අතේ තියාගෙන කපිල මහත්තයා වතුර ෆිල්ටරය ගාව හිටියා” – අරවින්දගේ නිවෙසේ සේවකයා සාක්ෂි දෙයි

    May 19, 2026

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.

    May 19, 2026

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

    May 19, 2026

    මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම…

    වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළිත් රිමාන්ඩ්

    May 19, 2026

    වෙළෙඳ සබඳතා තර කිරීමට ඉන්දියාව සහ නෝර්වේ එකඟවෙයි

    May 19, 2026

    “එදා පාන්දර 1.30ට පමණ සුදුපාට බෝතලයක් අතේ තියාගෙන කපිල මහත්තයා වතුර ෆිල්ටරය ගාව හිටියා” – අරවින්දගේ නිවෙසේ සේවකයා සාක්ෂි දෙයි

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

    May 19, 2026

    වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළිත් රිමාන්ඩ්

    May 19, 2026

    වෙළෙඳ සබඳතා තර කිරීමට ඉන්දියාව සහ නෝර්වේ එකඟවෙයි

    May 19, 2026

    “එදා පාන්දර 1.30ට පමණ සුදුපාට බෝතලයක් අතේ තියාගෙන කපිල මහත්තයා වතුර ෆිල්ටරය ගාව හිටියා” – අරවින්දගේ නිවෙසේ සේවකයා සාක්ෂි දෙයි

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

    May 19, 2026

    වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළිත් රිමාන්ඩ්

    May 19, 2026

    වෙළෙඳ සබඳතා තර කිරීමට ඉන්දියාව සහ නෝර්වේ එකඟවෙයි

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.