දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 2 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(19) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
වැලිගම ප්‍රදේශිය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ ඉකුත් (8) අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

