සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 13 වැනිදා කැවුම් පිසිමින් සිටි කාන්තාවක් තෙල් තාච්චියට ගිනි ඇවිලි පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතව සිටියදී පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ මියගොස් ඇති බව සියඹලාණ්ඩුව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු (44) වයසැති දෙදරු මවකි.
ඇය කැවුම් පිසිමින් සිටියදී එකවරම තෙල් තාච්චිය ගිනි ගෙන සිරුරට ගිනි ඇවිළී පිලිස්සුම් තුවාල ලැබීමෙන් අනතුරුව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටී බවයි පොලිසිය පවසන්නේ.
ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට යවා තිබෙනවා.
අනතුරුව ඇය පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ මියගොස් ඇති බවයි වර්තා වන්නේ.
සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

