කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
අමාත්‍යවරයා වසර 14ක් තිස්සේ රජයේ දේපළ අවභාවිත කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රැඳී සිටි බවටයි එමගින් චෝදනා එල්ල කර ඇත්තේ.
එම පෙරමුණ පවසන්නේ, කේ. ඩී. ලාල්කාන්ත, 2001 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සිට 2010 වසරේ පෙබරවාරි මස 9 වැනිදා දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අතර, මන්ත්‍රී ධූරයක් නොමැතිව 2010 වසරේ සිට 2024 වසර දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පමණක් වෙන්කර ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ D-10 නිවාසයේ පදිංචි වී සිට තිබෙන බවයි.

