Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
තෝලංගමුව – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (26) තෝලංගමුවෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි. ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ…
වැල්ලවාය සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පැවසුවේ. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බවද පොලීසිය සඳහන් කළා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්ලාස්‌ගෝ වතුයායේදී අද (25) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව වී තිබුණා. ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත විමෙන් වූ කාර්මික දෝශයක් නිසා රියදුරුගේ පාලනයෙන් මිදී රථය ප්‍රපාතයට පෙරලී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
දශකයකට පසු ඇතිවන ප්‍රබලම ‘එල් නිනෝ’ තත්ත්වය පිළිබඳ පුරෝකථනයන් හේතුවෙන් 2026 වසරේ දෙවන භාගයේදී ආසියාව පුරා උණුසුම් හා වියළි කාලගුණයක් අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන යුද්ධය හේතුවෙන් පොහොර හිඟයකට සහ ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දී සිටින ගොවීන්ට, මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන් වගා හානි සහ ආහාර සැපයුම් අඩාල වීම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසෙනවා. ජපාන කාලගුණ කාර්යාංශයට අනුව, උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලයේදී එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 70ක්. චීන බලධාරීන් පවසන්නේ මෙය වසර අවසානය දක්වා පැවතිය හැකි බවයි. මේ අතර, ඉන්දියාව වසර තුනකට පසු ප්‍රථම වතාවට සාමාන්‍ය අගයට වඩා අඩු මෝසම් වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. ස්විට්සර්ලන්තයේ ‘Meteomatics’…
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ” ඩිජිටල් පද්ධතිය හැක් වුණාට වැඩිය ඒ අන්තර ජාතික සමාගමට අනුරූපීව ඒ හා සමානවම ඩොමේන්, ඊ මේල් සහ පුද්ගලයින්ගේ නම් ඒ විදියටම එවලා නොමග යැවීමක්” සිදුකර ඇතැයි නියෝජ්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍ය එරංග වීරරත්න පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ”අපි හිතනවා මේක ආයතනය අතුලේ ඉන්න අයගේ සම්බන්ධයකින් තොරව වූ දෙයක් කියලා. ඒක එවැනි වෙනසක් බව අවබෝධ නොකර ගැනීම නිසා වූ ප්‍රශ්නයක් කියලා අපිට හැඟෙනවා. නමුත් පරීක්ෂණ තවම යනවා ඒකෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි මේකට කවුරුත් සම්බන්ධද? නැද්ද? කොහොමද වුණේ? කොයි කාලේ ඉඳන්ද වුණේ ? කියන සම්පූර්ණ විස්තරයක්” බවයි නියෝජ්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා…
ඊයේ පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය අද පීලි ගත කොට නැවත කොළඹ බලා ධාවනය කිරීමේදී නැවත පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරු 06.20 ට පමණයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිරවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මේ වන විට කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙනවා.
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට ඇතුළු වී හැකර්වරුන් සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවධානය යොමුව ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළ බව අද (25) මෙරට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබෙනවා. එසේම එම අරමුදල මේ පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි එම ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ. එම පුවත්පත නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔවුන් මෙම සිදුවීම පිළිබඳව සැලකිල්ලට ගෙන ඇති බවයි. “විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිස ඇති බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශය පිළිබඳව අපි දැනුවත් වී සිටිමු. මේ පිළිබඳව…
චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන එක්ස්පෙන්ග් (XPENG) ආයතනය 2027 වසරේදී පියාඹන මෝටර් රථ සහ මානවරූපි රොබෝ යන්ත්‍ර මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බව එම සමාගම පවසනවා. මේ වන විටත් පියාඹන මෝටර් රථ 7000කට පමණ ඇනවුම් ලැබී ඇති බවත් මේ සඳහා චීනයේ ගුවන් බලධාරීන්ගෙන් අවසර ගනිමින් සිටින බවයි වර්තා වන්නේ. එක්ස්පෙන්ග් සමාගම විසින් රොබෝටැක්සි පරීක්ෂා කිරීම ආරම්භ කරමින් එළැඹෙන මාස 12ත් 18ත් අතර කාලය තුළ රොබෝටැක්සි දහස් ගණනින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බව සඳහන් කරනවා. එසේම ජපානයේ දෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන HONDA සමාගම තම මෝටර් රථ දකුණු කොරියාව තුළ අලෙවි කිරීම මෙම වසරින් පසු…
භූ-දේශපාලනික අවිනිශ්චිතතාවයන් සහ පෙර නොවූ විරූ ගෝලීය බලශක්ති අර්බුද මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’ (World Economic Outlook) වාර්තාව මගින් ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන පුරෝකථනයන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන වර්ධන වේගය සියයට 7.3 සිට 7.6 දක්වාත්, 2027 සහ 2028 මූල්‍ය වර්ෂ සඳහා සියයට 6.4 සිට 6.5 දක්වාත් ඉහළ දමා තිබෙනවා. එසේ වුවද, එම කාලසීමාවේදීම ලෝක නිෂ්පාදන වර්ධනය සියයට 0.2 කින්ද, ජර්මනියේ වර්ධනය සියයට 0.3 කින්ද සහ එක්සත් රාජධානියේ (UK) වර්ධනය සියයට 0.5 කින්ද පහත හෙළා ඇති අතර, ජපානයේ වර්ධන වේගය 2026 වසර සඳහා සියයට 0.7 ක් ලෙස…
තමන් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් (Prostate Cancer) පීඩා විඳි බවත්, සාර්ථක ප්‍රතිකාර මගින් එය දැන් සම්පූර්ණයෙන්ම සුව වී ඇති බවත්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද (24) ප්‍රකාශ කළා. මෑතකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියේ සෙන්ටිමීටරයකටත් වඩා අඩු ප්‍රමාණයේ “කුඩා ලපයක්” සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) කඩිනමින් පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති වුවද, සාකච්ඡාවල ප්‍රගතිය අනුව අවශ්‍ය වුවහොත් ඉස්ලාමාබාද් බලා පිටත්ව යාම සඳහා සූදානමින් සිටින බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්. මෙම තීරණාත්මක හමුව පැවැත්වෙන නිශ්චිත දිනයක් හෝ වේලාවක් මෙතෙක් අනාවරණය වී ඇත්තේ නැහැ.
