Author: Bandara Senanayaka

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් ඊයේ (28) නිකුත් කර ඇත. දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමූපාකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්…

Read More

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ. අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා, ‘ආලෝකා’ සුනඛයා සහ තවත් ගිහි පිරිසක් මෙලෙස අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් තිබුණි. ඉන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. භික්ෂුන් වහන්සේලා පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත දන් පිළිගැන්වීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ විවිධ අංශවල…

Read More

කැළණිය රජමහා විහාරයෙන් – නිදහස් චතුරස්‍රය හරහා ගමන් කර ගංගාරාම විහාරයට කැළණිය – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (24) කැළණිය රජමහා විහාරයෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.…

Read More

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අද (27) අමෙරිකාවට පැමිණීමට නියමිත විදෙස් වාර්තා පවසයි. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මාධ්‍ය වෙත පවසා තිබේ. දින හතරක කාලයක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වේ. එහිදී ධවල මන්දිරයේදී අමෙරිකාවනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින පිළිගනු ලබන බව සඳහන් වෙයි.

Read More

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය. ඒ හේතුවෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22ක් යොමු කර තිබේ. එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22ට විවෘත පිළිතුරු ලබාදිය යුතු බවය. – උපුටා ගැනීම -…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම හේතුවෙන් රජයට දැවැන්ත මුදලක පාඩුවක් සිදුව ඇති බවය. ඒ අනුව මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ ලිපිගොනු පරීක්ෂා කර දැවැන්ත අලාභයක් මෙන්ම වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කර එයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ. අදාළ පැමිණිල්ල පහතින්, 

Read More

රාජ්‍ය සේවා දුරස්ථව සැපයීමේ දී ඩිජිටල් තාක්ෂණයන්හි ප්‍රශස්ත භාවිතය පිළිබඳව ආයතන ප්‍රධානීන්ට මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දී තිබේ. මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුදමය තත්ත්වය හමුවේ මෙරටට බලපෑ ඉන්ධන සැපයුම් සීමාවන් හා සමස්ත බලශක්ති කළමනාකරණ අවශ්‍යතා හේතුවෙන් ජාතික ඉන්ධන තොග මත ඇති පීඩනය අවම කිරීම සඳහා රජය විසින් කාර්යාලීය සේවා සීමිතව පවත්වාගෙන යාමට මුලදි පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති රාජ්‍ය සේවය ක්‍රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නියමයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දුරස්ථ සේවා ක්‍රමවේදයට (Remote Work) හැකිතාක් දුරට යොමු…

Read More

පෙරියවිලාන්, ඉලවාලි ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව කාන්තාවක් ඇතුළු පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අතර 2025.04.25 වන දින එම භූමිය පරිශ්‍රයේදී ඇතිව ඇති ගැටුම්කාරී තත්වයට අදාලව ඉලවාලි පොලස් ස්ථානයට දෙපාර්ශවයෙන්ම පැමිණිලි ඉදිරිපත් විය. විමර්ශනයට අනුව ඉලවාලි පොලිස් ස්ථානය විසින් ඉඩමකට අයුතු ලෙස ඇතුල්වී පහරදීමේ චෝදනාව මත වයස අවුරුදු 39ක සැකකාරියක් අත්අඩංගුවට ගත් අතර ගරු අධිකරණය විසින් ඇය 2026.04.29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මෙම ගැටුම්කාරී තත්වයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අරචුනා මහතාද අදාල කාන්තාවට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින් 1996 අංක 22 දරණ ගිනි අවි අඥා පනතේ 44(ආ) වගන්තිය…

Read More

ඉකුත් වසරේ (2025) පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ඇඟලුම් සහ රෙදිපිළි, තේ යන අපනයන ක්ෂේත්‍රවලින් ලැබී ඇති අපනයන ආදායම අඩුවී තිබේ. ඉකුත් වසරේ පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) ඇඟලුම් සහ රෙදි පිළි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,383 ක් වූවද, මේ වසරේ පළමු කාර්තුවේදී එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,272 කට ආසන්න අගයක් දක්වා අඩුවී ඇත. තේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුව තුළදී ඇමරිකානු ඩොලර් 370 ක් වූවද, මේ වසරේ පළමු කාර්තුව තුළදී එම ආදායම ඇමරිකානු ඩොලර් 351 ක් දක්වා අඩුවී තිබේ. එමෙන්ම, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළු බඩු සහ සුගන්ධ තෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන යන භාණ්ඩවලද…

Read More

ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම සහ වඩාත්ම ආන්දෝලනාත්මක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වාර්තා විය. ඒ රුපියල් කෝටි එකසිය දහයකට අධික දැවැන්ත වටිනාකමකින් යුක්ත වූ ‘කුෂ්’ සහ ‘හෑෂ්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ තරුණ චීවරධාරීන් විසිදෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. බුද්ධ චීවරයට මුවා වෙමින් සමාජයේ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පවතින අසීමිත ගෞරවය සහ පිළිගැනීම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ඉතා සූක්ෂම අන්දමින් සහ සංවිධානාත්මකව යොදාගැනීමේ කනගාටුදායක තත්ත්වයක් මෙම සිදුවීම හරහා මනාව ප්‍රදර්ශනය වී තිබේ. කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන මෙම තොගය සමඟ මෙතරම් විශාල චීවරධාරීන් පිරිසක්…

Read More