Author: Bandara Senanayaka

අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ඔපරේෂන් ඉකොනොමික් ෆියුරි නම් ආර්ථික මර්දන මෙහෙයුම හේතුවෙන් ඉරානය දැඩි අර්බුදයකට ඇද වැටී ඇති බව අමෙරිකාව පවසනවා. මෙම මෙහෙයුම යටතේ ඉරානය සතු ඩොලර් මිලියන 500කට ආසන්න ක්‍රිප්ටෝ වත්කම් අත්පත් කරගත් බවයි අමෙරිකානි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ඉරානය විසින් අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක් කර ඇති අතර, ඔවුන් පවසන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනු ඇති බවයි.

Read More

හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා තිබේ. අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇති බව පොලීසිය පවසයි. මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමරුම් සාමකාමි ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේ, ජනාධිපතිවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදුකළ ආරාධනයක් අනුව බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඊයේ (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තමා එම වගකීම භාරගැනීමට තීරණය කළ බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ. – උපුටා ගැනීම – නිර්මල ප්‍රතිරූපයක් සහ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම මා ලද ගෞරවයකි. රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, අවන්නි කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්ම…

Read More

ක්‍රීඩා ගුරුවරයකු සමග තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7140ක් සමග පොලොන්නරුව දූෂණ මර්දන විමර්ශන අංගයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. ඩුබායි සිට අයිස් මත්ද්‍රව්‍ය ලංකාවේ ලොකේෂන් ක්‍රමයට බෙදා හරින මහා මොළකරු සමග වටිස් ඇප් මගින් සම්බන්ධතාවක් පවත්වා අයිස් මත්ද්‍රව්‍ය ලොකේෂන් ක්‍රමයට සඟවන අවස්ථාවේ මෙම සැකකරු සහ සැකකාරිය පොලිස් නිලධාරීන් විසින් නම් නගරයේ සහ 2 ඇළ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලොන්නරුව දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව විදුහලක සේවය කරන ක්‍රීඩා ගුරුවරයා පොලොන්නරුව නව නගරයේදී ද, තරුණිය පොළොන්නරුව 2 ඇළ ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගත් බව වැටලිම සිදු කළ පොලිස් නිලධාරියකු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සහ තරුණියගෙන්…

Read More

හෙටට යෙදෙන කම්කරු දිනය මැයි 01 පොහොය දිනයට යෙදී තිබීම නිසා දිවසින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මීට පෙර කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා මැයි පෙළපාළි සහ රැලි පැවැත්වෙන නගර සීමා බල ප්‍රදේශ වල පමණක් මත්පැන් හල් වසා තැබීමට කටයුතු කළත් මෙවර මැයි දිනය දා පෝය දිනය ද යෙදීම නිසා සියලු සුරාසල් වසා තබන බට සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි.මෙවර වෙසක් දින දෙක මැයි 30 සහ 31 ලෙස නම් කර ඇති නිසා එම දින දෙක තුළ ද මත්පැන් හල් වසා තැබෙන බව ඒ මහතා කියා සිටී.

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට අමතරව, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින බිය ද මෙයට ප්‍රධාන හේතුවක් වේ. ලෝක බලවතුන් සහ ඉරානය අතර පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල විය.

Read More

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට බලය පවතින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. එම සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේදී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව දඬුවම් ලබාදීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ප්‍රතිපාදන සපයා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට එහි සභාපතිවරයාට බලය ඇති අතර එසේ කැඳවීමකට…

Read More

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නායයාමෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතර මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදි දැඩිව අවධාරණය කර තිබේ. ඒ අනුව ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට විසඳුම් සොයමින් මධ්‍යම කඳුකරය රැකගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට ද තීරණය වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම ක්‍රියාවලියට අදාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ අදාළ…

Read More

භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පැවසීය. හර්ෂණ සූරියප්පෙරුම මහතා හෙට දිනයේ (30) දිනයේ ‘COPF’ හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමුකර ඇති බවට එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක් ගෙන තිබෙන පසුබිමක අදාළ ලිපිය මෙලෙස යොමුකර තිබේ. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන්…

Read More

නේපාලයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුන්ග් (Sudhan Gurung) සිය ධුරයට පත්වී මසක් ගතවීමටත් පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ ආයෝජන සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෑතකදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරික දීපක් භාට් (Deepak Bhatt) සමඟ පවතින බව කියන මූල්‍ය සබඳතා සහ කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයකට ඉඩ සැලසීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව “තනතුරට වඩා සදාචාරය වටිනා” බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇති බවද වාර්තා වනවා. 2025 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ දූෂණයට එරෙහිව…

Read More