Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්
    උණුසුම් පුවත්

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට බලය පවතින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

    එම සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේදී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවය.

    පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව දඬුවම් ලබාදීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ප්‍රතිපාදන සපයා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට එහි සභාපතිවරයාට බලය ඇති අතර එසේ කැඳවීමකට නොපැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ දඬුවම් බලපතල සහ වරප්‍රසාද පනතේ දක්වා ඇති අතර එම වරදවලට පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දඬුවම් කළ හැකි බව රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම යටත් කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.

    ඒ අනුව හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි වේ.

    ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර පාර්ලිමේන්තු කමිටු සතු බලතල හෑල්ලුවට ලක්කර නොමැති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

    මුදල් කමිටුවට පැමිණීමට දැනුම්දී තිබියදීත් යම් අයෙකු නොපැමිණෙන්නේ නම් කමිටු සභාපතිවරයා ඉල්ලා අස්වීම හෝ දඬුවම් කිරීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් සිදුකර පාර්ලිමෙන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතු බව රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
     
    මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් පිළිබඳ කාරක සභාව හමුවට නොපැමිණෙන බවට තමාට දැනුම්දුන් බව කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

    විදෙස් ණයක් ගෙවීම සඳහා මහභාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හට අද (30) දිනයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි. 

    කෙසේවෙතත් අද දිනයේ තමාට අදාළ කමිටුව හමුවට පෙනී සිටීමට නොහැකි බව දන්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා විසින් තමාට ලිපියක් මඟින් දැනුම් දුන් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

    මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සාමාජික මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේය.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (29) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුවට වැඩසටහනට එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පල කළේ මෙවන් අදහසක්.

    “මේකට හැකර්වරයෙකු සම්බන්ධයක් කියලා ඍජු නිගමනයක් තාම ඇවිල්ලා නෑ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කරලා බලන්න ඔ්නේ. දැන් අපිට නිගමනය කරලා කියන්න පුළුවන් පිටරට තියෙන ආයතනය විදියටම ඩොමේන් එකක් හදාගෙන එවැනි පුද්ගලයින්ගේ නම් හා ඊමේල් ආකෘතියත් සමානයි. නොසැලකිල්ලක් තියෙනවා. බැහැර කරන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නය තියෙන්නේ වෙන ආයතනයක් හරහා ආව ඊමේල් එක නිසා තමා මේක වෙලා තියෙන්නේ.”

    වත්මන් ආණ්ඩුවේ ද දූෂිතයින් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. 
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති 

    April 30, 2026

    මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි

    April 30, 2026

    අමෙරිකානු භාරයට පත් ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6ක් නිදහස්

    April 30, 2026

    අදත් හවස තද වැසි

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. මෙය 2022 ජුනි මාසයෙන්…

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති 

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති 

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.