Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලිස් දැලේ මත්ද්‍රව්‍ය හංගලා දිනකට 15000ක් හොයලා

    April 30, 2026

    රට පුරා සුරාසල් හෙට වැසේ

    April 30, 2026

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලිස් දැලේ මත්ද්‍රව්‍ය හංගලා දිනකට 15000ක් හොයලා
    උණුසුම් පුවත්

    ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලිස් දැලේ මත්ද්‍රව්‍ය හංගලා දිනකට 15000ක් හොයලා

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රීඩා ගුරුවරයකු සමග තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7140ක් සමග පොලොන්නරුව දූෂණ මර්දන විමර්ශන අංගයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    ඩුබායි සිට අයිස් මත්ද්‍රව්‍ය ලංකාවේ ලොකේෂන් ක්‍රමයට බෙදා හරින මහා මොළකරු සමග වටිස් ඇප් මගින් සම්බන්ධතාවක් පවත්වා අයිස් මත්ද්‍රව්‍ය ලොකේෂන් ක්‍රමයට සඟවන අවස්ථාවේ මෙම සැකකරු සහ සැකකාරිය පොලිස් නිලධාරීන් විසින් නම් නගරයේ සහ 2 ඇළ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    පොලොන්නරුව දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව විදුහලක සේවය කරන ක්‍රීඩා ගුරුවරයා පොලොන්නරුව නව නගරයේදී ද, තරුණිය පොළොන්නරුව 2 ඇළ ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගත් බව වැටලිම සිදු කළ පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සහ තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ වට්ස් ඇප් මගින් හඳුනාගෙන ලොකේෂන් ක්‍රමයට පොලොන්නරුව ප්‍රදේශයේ ගමින් ගමට ගොස් තැනින් තැන අයිස් මත්ද්‍රව්‍ය සඟවන බවද එක් තැනක තබන අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් සඳහා තමන්ගේ ගිණුමට රුපියල් 5000ක් ලැබෙන බවද, එක් දිනකට රුපියල් 15000ක් පමණ සොයා ගැනීමට හැකි බවද ඔවුන් පොලිස් නිලධාරීන්ට පවසා තිබේ.

    ක්‍රීඩා ගුරුවරයා ළඟ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 7140ක්ද, තරුණීය ළග තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2720ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් නිලධාරියකු පැවසීය. අත්අඩංගුවට ගත් අවුරුදු 22 ක් පමණ වයයැති රූමත් තරුණිය විවාහක තැනත්තියක් බවද, ඇයගේ පුරුෂයා මීට පෙර ලොකේෂන් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය සඟවන අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩාගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

    පුරුෂයා රක්ෂිත බන්ධනාගාර ගතවූ පසු ඇය ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු වූ බවද අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ගන්න මුදල් නොමැති නිසා මුදල් උපයා ගැනීමට ලොකේෂන් ක්‍රමයට ඇයද අයිස් මත්ද්‍රව්‍ය සැඟවූ බවද තරුණිය පොලිසියට පවසා තිබුණි.ඇයට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්න පුරුදු කළේ පුරුෂයා බවද තරුණිය කළ ප්‍රකාශයක සඳහන් වේ.

    පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, වැලිකන්ද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහ යන මහතුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරික්ෂක පී. පී. කේ. පතිරණ මහතා ප්‍රධාන පොළොන්නරුව පොලිසියේ දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රට පුරා සුරාසල් හෙට වැසේ

    April 30, 2026

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති 

    April 30, 2026

    මූල්‍ය චෝදනා හමුවේ නේපාල අමාත්‍ය සුදාන් ගුරුන්ග් ඉල්ලා අස්වෙයි

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලිස් දැලේ මත්ද්‍රව්‍ය හංගලා දිනකට 15000ක් හොයලා

    April 30, 2026

    ක්‍රීඩා ගුරුවරයකු සමග තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7140ක් සමග පොලොන්නරුව දූෂණ මර්දන විමර්ශන අංගයේ නිලධාරීන්…

    රට පුරා සුරාසල් හෙට වැසේ

    April 30, 2026

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලිස් දැලේ මත්ද්‍රව්‍ය හංගලා දිනකට 15000ක් හොයලා

    April 30, 2026

    රට පුරා සුරාසල් හෙට වැසේ

    April 30, 2026

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලිස් දැලේ මත්ද්‍රව්‍ය හංගලා දිනකට 15000ක් හොයලා

    April 30, 2026

    රට පුරා සුරාසල් හෙට වැසේ

    April 30, 2026

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.