Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි. වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත. පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බවය. ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරකම විශාල ලේ පැල්ලමක් තිබෙන…
මෙරට සිදුවන මරණවලින් 80%කට ආසන්න සංඛ්‍යාවක් බෝනොවන රෝග නිසා සිදු වන බවත් ඊට ප්‍රධාන හේතුව දුම්කොළ සහ මධ්‍යසාර නිෂ්පාදන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා. ලෝකයේ වර්ෂයකට මිලියන 70 කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ නිෂ්පාදන හේතුවෙන් සහ 10% ක් පමණ අක්‍රීය දුම්පානය නිසා මිය යන බවයි ඔහු පෙන්වා දුන්නේ. එමෙන්ම, මේ වනවිට මෙරට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 කට ආසන්න වී තිබෙනවා.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුතු තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. සිල්හෙට්හිදී අද (30) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත් විය. එහිදී හර්ෂිතා සමරවික්‍රම (49) හා චමරි අතපත්තු (42) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ. කෙසේ නමුත් ලකුණු 155ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් දවාගත්තාය. ඒ හැරෙන්න බංග්ලාදේශ…
කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරීක හා මානසික දණ්ඩනය ළමයාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය මේ බව සඳහන් කළේ, අප්‍රේල් 30 දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා පණිවුඩයක් නිකුත් කරමිනි. ළමයා විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණවලින් නිශ්චිතව මේ බව තහවුරු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. ළමුන් හික්මවීම සඳහා දෙමාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් ලෙස දශක ගණනාවක සිට අප විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිත කරමින් සිටිමු. ඒ අනුව රටක් ලෙස සංස්කෘතිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ළමුන්ට නිවස තුළදී හෝ පාසල තුළදී ශාරීරික…
භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ දී විදේශගත වනවා නම්, උන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ, ප්‍රදේශීය නායක හාමුදුරුවෝ සහ එම නිකායේ මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලබාගැනීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබේ. මෙම නීතිය මීට පෙර පනවා තිබුණත්, පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය. ඒ අනුව ජනාධිපතිවරයා සමග ලේඛකාධිකාරී හිමිවරු පැවැත්වූ සාකච්ඡාවකින් පසු මින් ඉදිරියට එය අත්‍යවශ්‍ය කාරණයක් බවත්, ඒ පිළිබඳ මහානායක හිමිවරුන්ද දැනුම්වත් කළ බවත් හෙතෙම පැවසීය. මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 22 සම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශයට පත්කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. මේ අතර ලේඛකාධිකාරී හිමිවරු, නීතිපතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ (29)…
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ දුෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරියෙකු ලබන 12 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(30) නියෝග කළා. සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි සිටි තවත් පොලිස් නිලධාරියෙක් පලා ගොස් ඇති බවයි. ඔහු සොයා විමර්ශන කටයුතු සිදුකර තිබේද යන්න සහ පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේද යන්න මහේස්ත්‍රාත්වරයා…
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ පුද්ගලික ෆාමසියක හිමිකරුවකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න හමුවේ දී. පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. කොළඹ ප්‍රදේශයේ පැවති පුද්ගලික ෆාමිසියක හිමිකරුවට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි. විධාන අංක 52 දරන විධානයට අනුව පැවරී ඇති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනයට අනුව සියලු නිෂ්පාදකයන් ආනයනයකරුවන් ,බෙදාහරින්නන් වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු , කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නුසුදුසු බවට හඳුනාගෙන විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම සහ අලෙවි කිරීම…
ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් රටේ අනන්‍යතාව හා බැඳුණු “ජාතික සම්පතක්” (National Asset) ලෙස සලකා ඒවා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ඉරානයේ උත්තරීතර නායකයා ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන රජයේ නිල රූපවාහිනී සේවය හරහා නිකුත් කළ ප්‍රකාශයක මේ බව සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානයේ තාක්ෂණික, කාර්මික මෙන්ම න්‍යෂ්ටික සහ මිසයිල ශක්තිය එරට අනන්‍යතාවයට වැදගත් වන බැවින්, රටේ ගොඩබිම සහ ගුවන් සීමාව ආරක්ෂා කරන්නාක් මෙන් මෙම සම්පත්ද ආරක්ෂා කරන බව එහි සඳහන්. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අස්ථාවරත්වයට සහ අනාරක්ෂිත භාවයට වගකිව යුත්තේ අමෙරිකානු හමුදාවන් එම කලාපයේ රැඳී සිටීම බවටද උත්තරීතර නායකයා එහිදී චෝදනා කරනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විසින් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස කමාන්ඩෝ සලින්ත නම් කර ඇත.
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතා සියදිවි හානි කරගෙන තිබේ. ඔහුගේ කුලියාපිටිය ප්‍රදේශයේ සිය නිවස පිහිටි ඉඩම පහළ කොටසේදී ගෙල තියුණු ආයුධයකින් කපා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. මේ අතර අවස්ථා දෙකකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම නිලධාරියාට පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දී…
