Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු
    උණුසුම් පුවත්

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 30, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

    වැඩතහනමට ලක්ව සිටින මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.

    පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බවය.

    ඒ අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරකම විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

    එමෙන්ම රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කළේය.

    එමෙන්ම ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමුවී තිබේ.

    ඒ අනුව මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

    කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය.

    මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දිසානායක මහතා අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

    එලෙස ඔහුව කැඳවා ඇත්තේ, සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් ලෙසයි.

    ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත්, ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

    මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මගින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවය.

    හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු විසින් බව වාර්තා වෙයි.

    මොහුට අධිකරණය මගින් විදෙස්ගමන් තහනමක් ද  පනවා තිබේ.

    ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු වාර්තාවීමක් නොවූ බවද විමර්ශන නිලධාරීන් පවසයි.

    කෙසේවෙතත්, වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිට ඇති බවද වාර්තාවෙයි.

    රාජපක්ෂ මහතාගේ මරණය විමර්ශනවලට දැඩි බාධාවක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්

    April 30, 2026

    විස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    April 30, 2026

    දඬුවම් දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි 

    April 30, 2026

    මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්

    April 30, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින බාධාවන් ගෝලීය ආර්ථිකය ‘හුස්ම හිරකරන’ (strangling) තත්ත්වයකට පත්…

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026

    දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්

    April 30, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026

    දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්

    April 30, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

    April 30, 2026

    හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රිය ට බිලිවේ

    April 30, 2026

    වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණයේ සවිස්තර තොරතරු

    April 30, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.