Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කකොල්ලය ගැන IMF දැඩි අවධානයෙන්
    උණුසුම් පුවත්

    භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කකොල්ලය ගැන IMF දැඩි අවධානයෙන්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 25, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට ඇතුළු වී හැකර්වරුන් සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවධානය යොමුව ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළ බව අද (25) මෙරට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

    එසේම එම අරමුදල මේ පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි එම ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.

    එම පුවත්පත නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔවුන් මෙම සිදුවීම පිළිබඳව සැලකිල්ලට ගෙන ඇති බවයි.

    “විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිස ඇති බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශය පිළිබඳව අපි දැනුවත් වී සිටිමු. මේ පිළිබඳව අපි සටහන් කරගෙන ඇති අතර, පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු,” යැයි එම ප්‍රකාශකයා පවසා තිබෙනවා.

    මෙම මුදල් ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය වාරිකයක් සඳහා වෙන් කර තිබූ ඒවා වන අතර, 2022 වසරේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවයි එම පුවත්පත සඳහන් කර ඇත්තේ.

    මීට පෙර ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 46ක ණය ගෙවීම පැහැර හැර තිබුණා.

    එම පුවත්පතට අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව අවසන් කිරීමට අදාළ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එම අරමුදල සහ මෙරට බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ තිබෙනවා.

    එසේම මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2023 මාර්තු 20 වන දින අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ මුළු මුදලක් සඳහා එකඟ වී තිබුණු බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026

    පියාඹන මෝටර් රථ සහ මානවරූපි රොබෝ යන්ත්‍ර මහා පරිමාණ ලෙස නිෂ්පාදනයට චීන සමාගමක් සැරසෙයි

    April 25, 2026

    IMF වෙතින් ඉන්දීය ආර්ථිකය ගැන පුරෝකථනයක්

    April 25, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    වැල්ලවාය සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි…

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.