Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ වූ අයුරු ..
පාස්කු ප්‍රහාරය සිදු වී වසර හතක් සපිරේ කෙසේ වෙතත් තවමත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය නම් තවම හිමි වී නැත, වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මේ ප්‍රහාරය ජාතීවාදය ඇතිකරමින් යම් පිරිස් බලය ලබා ගැනීමට සිදුකල එකක් බව කීවේ ඔවුන්ගේ මැතිවරණ වේදිකා වල කිතුණු ජනතාවට සාධාරණයත්වය ඉටු කර හැකියි යන්න පවසමිනි. බලයට පත් වී මෙන් පසු පලමු පාස්කු සැමරුමට පෙර එනම් 2025.03.31 දින පැවසූවේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුරුන් ද පවසන බවය එහෙත් එය සිදු වූයේ නැත එදා ප්‍රහාරය සිදු වන විට CID ප්‍රධානියා අද පොලිස් අමාත්‍යංශයේ ලේකම්,CID අධ්‍යක්ෂක වරයාත් අද පොලීසියේ තවත් උසස් නිලධාරියෙක්, නැගෙනහිර ආඥායපති අද නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේ සියල්ලම…
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ පවසයි. එම සම්බාධක යටතේ, ත්‍රස්තවාදයට හෝ එයට මූල්‍ය සහය ලබාදීමට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් හෝ සංවිධාන වල බැංකු ගිණුම්, දේපළ හා අනෙකුත් වත්කම් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීමට හැකි වේ. ඒ අනුව, එම වත්කම් භාවිතය, මාරු කිරීම හෝ විකිණීමද නීතිමය වශයෙන් තහනම් වේ. මෙම ක්‍රමවේදය, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මගින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක කෙරේ. සම්බාධක…
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැලේසියාව පදනම් කරගත් ලොව විශාලතම කොන්ඩම් සමාගම එහි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම කොන්ඩම් නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සැපයුමට බාධා එල්ල වුවහොත් එහි මිල 30%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි. මේ අතර, ඔහු පවසා ඇත්තේ නිෂ්පාදන පිරිවැය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙම සමාගම වසරකට කොන්ඩම් බිලියන පහකට වඩා වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වෙළෙඳපොළට එක්කරන බව වාර්තා වෙයි. මේ අතර, 2026 වසරේ ගත වූ කාල සීමාව තුළ කොන්ඩම් සඳහා ඇති ඉල්ලුම 30%කින් පමණ ඉහළ ගොස් ඇති බවද එම…
දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කර තිබේ. ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ප්‍රහාර එල්ල වූ ස්ථානය හඳුනාගෙන ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවය. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවද එහි වැඩිදුරටත් දැක් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව වාර්තා වූ බරපතළම සිදුවීමක් ලෙස මෙය සැලකෙන අතර, එම හේතුවෙන් දේශසීමා ආශ්‍රිතව නැවතත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික හවුල්කාරීත්වය ලබා දීමට මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කර ඇත. එමෙන්ම ගුවන්තොටුපළ මෙහෙයුම් සඳහා නවීන තාක්ෂණික උපකරණ, ගුවන් අවකාශ කළමනාකරණය ආදී අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් විදේශ ආයෝජන සහ විශේෂඥ සහාය ලබා දීමටද හැකි බව ඔහු මෙහිදී පවසා තිබේ. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ වරාය කටයුතු ගැන සැලකීමේදී දැනටමත් වරාය පර්යන්ත කිහිපයක් පෞද්ගලික හවුල්කාරිත්වය ඇතිව මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන බවය. එමෙන්ම හම්බන්තොට වරාය ද වෙනස් ආකෘතියකින් පවත්වාගෙන…
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. නුවරඑළිය පොලිසිය සඳහන් කළේ, සැකකරු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වාර්තා වී ඇති බවය. එහිදී ඔහු සතුව තිබූ පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තවද, සැකකරු…
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය අප්‍රේල් 16 වන දින ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවය. එය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ සිද්ධිය පිළිබඳව රටේම අවධානය යොමු වුණි. පහ#දීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් ප්‍රදේශය හැර පලාගොස් සිටි ඇති අතර ගොකරැල්ල පොලීසිය මඟින් සිදුකළ පුළුල් විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඥාතීන් පිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බවය.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සැත්කමකට ලක්ව නැවත ලංකාවට පැමිණ කෙමෙන් සුවය ලබමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූයේ ඇයිදැයි පසුගිය දිනවල මේ රටේ කථිකාවතක් ඇතිවුණා. අප රටේ ඉතා දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා. එමෙන්ම දියුණු රෝහල් පහසුකම් තිබෙනවා. අපේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආසියාවේ වෙනත් රටවල්වලින්ද රෝගීන් පැමිණෙනවා. එවන් තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට තීරණය කළේ ඇයි? මේ ගැන ජනතාවගේ කුතුහලයක් තිබෙනවා. නඩු කෘත්‍යයකට අදාළ කරුණු සම්බන්ධයෙන් ව්‍යංගයෙන් හෝ ප්‍රකාශිතව කරුණක් පැවසීම වැරදියි. අධිකරණයට අපේ පූර්ණ ගෞරවය තිබෙන නිසා අප එවැනි දෙයක් කරන්නේ නැහැ. නමුත් ඊට…
දඹුල්ල – ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය. භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය. එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි. ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ…
