Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රනිල් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට ගියේ ඇයි
    උණුසුම් පුවත්

    රනිල් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට ගියේ ඇයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 22, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සැත්කමකට ලක්ව නැවත ලංකාවට පැමිණ කෙමෙන් සුවය ලබමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූයේ ඇයිදැයි පසුගිය දිනවල මේ රටේ කථිකාවතක් ඇතිවුණා. අප රටේ ඉතා දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා. එමෙන්ම දියුණු රෝහල් පහසුකම් තිබෙනවා. අපේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආසියාවේ වෙනත් රටවල්වලින්ද රෝගීන් පැමිණෙනවා. එවන් තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට තීරණය කළේ ඇයි?

    මේ ගැන ජනතාවගේ කුතුහලයක් තිබෙනවා. නඩු කෘත්‍යයකට අදාළ කරුණු සම්බන්ධයෙන් ව්‍යංගයෙන් හෝ ප්‍රකාශිතව කරුණක් පැවසීම වැරදියි. අධිකරණයට අපේ පූර්ණ ගෞරවය තිබෙන නිසා අප එවැනි දෙයක් කරන්නේ නැහැ. නමුත් ඊට පරිබාහිරව පුළුල් ප්‍රශ්න කීපයක් තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළේ මේ රටේ ඉහළම පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් විසින්. එතුමා දැඩි සත්කාර ඒකකයේද සිටියා. විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙක් එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහතික ඉදිරිපත් කළා. පසුව ඒ විශේෂඥ වෛද්‍යවරුන් සියලුම දෙනා සී.අයි.ඩී එකට කැඳෙව්වා. ඔවුන් චූදිතයන් බවට පත්වුණා. එම වෛද්‍යවරුන් දේශපාලන කටයුත්තකට කිසිසේත් සම්බන්ධ වූයේ නැහැ. ඔවුන් ඉටු කළේ වෘත්තීමය වගකීම් යුතුකම් පමණයි. නමුත් අවසානයේ ඔවුන්ට චූදිතයන් බවට පත්වීමට සිදුවුණා. මේ රටේ අතිශය කීර්තියකට පත් වූ වෛද්‍යවරුන්ට අපහසුතා විඳින්න වුණා.

    රනිල් වික්‍රමසිංහ මහතාට වෛද්‍ය ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට හිරිහැර වනු දැකීමට එතුමා කැමැති වුණේ නැහැ. මේ රටේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන වෛද්‍යවරුන් හිරිහැරයට පත් කිරීම ඔවුන්ට කරන අසාධාරණයක් බව රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළා. එමෙන්ම වෛද්‍යවරුන්ගේ රක්ෂාව කරගෙන යාමට එය ලොකු බාධාවක් බවද රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කළා. ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ලබා ගන්නවාට වඩා පිටරටකට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු බව ඒ නිසා එතුමා තීරණය කළා.

    මෙවැනි තත්ත්වයන් නිසා කැපී පෙනෙන දේශපාලන චරිත වලට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ රටේ වෛද්‍යවරුන් මැලි වෙනවා. මෙවැනි තත්ත්වයක් යළිත් මෙරට සිදු නොවීමට අප වග බලා ගත යුතුයි යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.

    අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි තිබෙනවාද කියන කාරණය අප රටේ නීතියේ එක් මූලික කාරණයක්. බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබෙනවාද කියා තීරණය කළ හැක්කේ නීතිපති වරයාට පමණයි. එතුමා ඒ තීරණය ගැනීමේදී සම්පූර්ණයෙන් ස්වාධීන අපක්ෂපාත නිලධරයෙක් ලෙස කටයුතු කළ යුතුයි.

    අපරාධ නඩුවක් පවරනවා කියන්නේ බරපතළ කාරණයක්. එය සැහැල්ලුවට කරන්න පුළුවන් දෙයක් නොවේ. එමෙන්ම නීතිපතිවරයාට දේශපාලන හෝ වෙන කිසිම ආකාරයේ බලපෑමක් කරන්නට හැකියාවක් නැහැ. ජනතා මනසේ එවැනි සුළු හෝ සැක සංකාවක් ඇතිවෙනවා නම් එය සමස්ත අධිකරණ පද්ධතියට මූලික වශයෙන් බලපාන ඉතා අහිතකර දෙයක් වෙනවා.

    උග්‍ර අපරාධ සම්බන්ධයෙන් නීතියේ යම් සුවිශේෂ ක්‍රියාදාමයක් තිබෙනවා. එවැනි අවස්ථාවකදී අදාල නඩුව සාමාන්‍ය විදිහට නොව සුවිශේෂ ක්‍රියා පටිපාටියක් අවශ්‍ය බව තීරණය කරන්න අගවිනිසුරුවරයාට බලය තිබෙනවා. මේ ක්‍රියාපටිපාටිය වන්නේ මහාධිකරණයේ විනිශ්චකාරවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව ඇසීමයි. මෙය නිතර කෙරෙන දෙයක් නොවේ. ඊට අභිමතය ඇත්තේ අගවිනිසුරුට පමණයි. වෙනත් තුන්වෙනි පුද්ගලයෙකු ඒ බලය පැහැර ගැනීමට උත්සාහ දරනවා නම් එය සදාචාරයට පටහැනි ප්‍රශ්නයක්. එවැනි දෙයක් මේ රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව සුවිශේෂී ක්‍රියාමාර්ගයට අනුකූලව මහාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් ඉදිරියේ අසන බවට අගවිනිසුරුවරයා තීරණයක් ගෙන නැහැ. එසේ තිබියදී මහාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් ඉදිරියේ අදාළ නඩුව අහනවා යැයි වෙනත් තුන්වන පාර්ශවයක් ප්‍රකාශ කරනවා නම් එය අයුතු මැදිහත්වීමක් වෙනවා. එය අගවිනිසුරුතුමාට කරන නිග්‍රහයක්.

    ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමන ගැන හොයන්න පොලිස් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍යයට යැව්වා. ඒ පොලිස් කණ්ඩායම කොතරම් මුදලක් වියදම් කළාද කියා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර තිබෙනවා.මේවා මහජන මුදල්.රටේ පුරවැසියන් ලෙස ඒ තොරතුරු ලබා ගන්න අපට අයිතියක් තිබෙනවා. නමුත් ඒ තොරතුරු අනාවරණය කර නැහැ.

    අප රටේ චිරාත් කාලයක් ආරක්ෂා කර ගත් නීතිය පසිඳලන ආයතන දියාරු කළ යුතු නැහැ යනුවෙන්ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

    එමෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතීඥ එස්. ටී. ජයනාග, ජ්‍යේෂඨ කතිකාචාර්ය නදීෂ් ද සිල්වා යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026

    එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති කරුණාතිලක අතර සාකච්ඡාවක්

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

    April 22, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions -…

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026

    එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති කරුණාතිලක අතර සාකච්ඡාවක්

    April 22, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026

    එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති කරුණාතිලක අතර සාකච්ඡාවක්

    April 22, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.