Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති කරුණාතිලක අතර සාකච්ඡාවක්
    උණුසුම් පුවත්

    එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති කරුණාතිලක අතර සාකච්ඡාවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 22, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මෙම සාකච්ඡාවේදී වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික හවුල්කාරීත්වය ලබා දීමට මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කර ඇත.

    එමෙන්ම ගුවන්තොටුපළ මෙහෙයුම් සඳහා නවීන තාක්ෂණික උපකරණ, ගුවන් අවකාශ කළමනාකරණය ආදී අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් විදේශ ආයෝජන සහ විශේෂඥ සහාය ලබා දීමටද හැකි බව ඔහු මෙහිදී පවසා තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ වරාය කටයුතු ගැන සැලකීමේදී දැනටමත් වරාය පර්යන්ත කිහිපයක් පෞද්ගලික හවුල්කාරිත්වය ඇතිව මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන බවය.

    එමෙන්ම හම්බන්තොට වරාය ද වෙනස් ආකෘතියකින් පවත්වාගෙන යන බවත් ඉදිරි අලුත් පර්යන්ත මෙහෙයුම් සඳහා පෞද්ගලික හවුල්කාරීත්වය සොයමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    එහිදී මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ කොළඹ වරාය ලෝක මට්ටමේ සම්පත් තිබෙන ස්ථානයක් බවත්, දැනට තිබෙන වසර 15ක ඉදිරි සැලසුම් ඉතා ආකර්ෂණීය බවත්ය. එමෙන්ම ගුවන්තොටුපළ සඳහා ද ඇති සංවර්ධන ව්‍යාපෘති දිගුකාලීන සැලැස්මකට අනුව සිදුවන බැවින් ඊට සිය සතුට පළකරන බව ද ප්‍රකාශ කළේය.

    තවද කොළඹ වරාය වාණිජ වරායක් වූවද සංචාරක කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට උදව් කළ හැකි බව ද මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    සාකච්ඡාව අවසානයේ අමාත්‍යවරයා යුරෝපීය රටවල් ඇතුළු විදේශ ආයෝජකයින් සමඟ හවුල්කාරීත්වය වැඩි කර ගැනීමට සූදානම් බවත් එමඟින් ජාත්‍යන්තර සහයෝගීතාවයන් වැඩි දියුණුව ද වඩා හොඳ ආර්ථක ප්‍රතිලාභයන් ලබා ගැනීමට ද ඉලක්කය වන බවද සඳහන් කළේය.

    මෙම සාකච්ඡාව සඳහා එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ මහෝනි (Theresa O Mahany) මහත්මිය ද, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    සටන් විරාමය අවදානමක – හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට රොකට් ප්‍රහාර

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය…

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026

    මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

    April 22, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    “එහි පස්සිකෝ” සාම පාගමන

    April 22, 2026

    පාස්කු ප්‍රහාරයට වසර හතයි කිතුණුවන්ට වූ පොරොන්දු ඉටුකරන්න – පුබුදු ගමගේ-

    April 22, 2026

    ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

    April 22, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.