Author: Bandara Senanayaka

ඉන්දියාව සහ දකුණු කොරියානු ජනරජය අතර මූලෝපායික හවුල්කාරිත්වය ආරක්ෂක සහයෝගීතාව, ආර්ථික ආරක්ෂාව, කාර්මික සහයෝගීතාව සහ නැගී එන තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කරමින් සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණි තිබෙනවා. ඒ, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග්ගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සිදු කළ ද්විපාර්ශවික සාකච්ඡා වටයේදීයි. නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ ඔවුන්ගේ පොදු දැක්ම මෙහිදී යළිත් තහවුරු කර තිබෙනවා. අවුරුදු අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව සනිටුහන් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු කොරියානු ජනාධිපති ලී සිය පළමු ඉන්දීය සංචාරය සඳහා සාදරයෙන් පිළිගනු ලැබුවා. එහිදී දෙරට අතර…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටදී ප්‍රතිකාර ලබා ගැනීමට සූදානමින් සිටියද මීට පෙර ප්‍රතිකාර කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවීම නිසා මෙරට ප්‍රතිකාර ලබා නොගෙන විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමට වික්‍රමසිංහ මහතා තීරණය කළ බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කරනවා. හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද(21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. රනිල් වික්‍රමසිංහ මහතට මෙරටදී ප්‍රතිකාර කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් පසුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවත් එම වෛද්‍යවරුන් චූදිතයින් බවට පත් කළ බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එල්. පීරිස් මෙසේද පැවසුවා.මේ රටේ ඉහළම පෙළේ විශේෂඥ…

Read More

කීව් — යුක්‍රේනයේ පාබල හමුදා නිලධාරියෙකු වන ඔලෙක්සියි (Oleksiy) දින 343ක් අඛණ්ඩව යුද පෙරමුණේ සේවය කිරීම, රට මුහුණ දෙන දැඩි මනුෂ්‍යබල හිඟය තවදුරටත් හෙළි කරයි. 37 හැවිරිදි මෙම නිලධාරියා, නැගෙනහිර Zaporizhzhia කලාපයේ වනාන්තර ප්‍රදේශවල සේවය කර ඇති අතර, තම ඒකකය අනුව එය යුක්‍රේන හමුදාවේ නිලධාරියෙකු විසින් සිදුකළ දිගුම යුද සේවා කාලවලින් එකක් ලෙස සැලකේ. ඔහුගේ දිගු සේවා කාලය තුළ මනෝභාවය පවත්වා ගැනීමට, සෙබළුන්ට දිනපතා තම පවුල් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම වැදගත් බව ඔහු පැවසීය. “එය ඉතාම වැදගත් දෙයක්. මමත් හැමදාම මගේ දුවට කතා කරන්න උත්සාහ කරනවා,” යනුවෙන් ඔහු කියා සිටියේය. ඔහුට පෙරමුණෙන් ඉවත්වීමට අවස්ථාවක් තිබූවත්, මනුෂ්‍යබල හිඟය හේතුවෙන් තමාම…

Read More

ඉරානය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ලෝකය මෙතෙක් මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානියා පවසනවා. France Inter’ ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බිරෝල් (Birol) පවසා සිටියේ, “මෙය සැබවින්ම ඉතිහාසයේ විශාලතම අර්බුදය” බවයි. ඔහු තවදුරටත් සඳහන් කළේ, “රුසියාව සමඟ ඇති වූ පෙට්‍රල් අර්බුදයේ සහ ගෑස් අර්බුදයේ බලපෑම් මෙයට එකතු වූ විට, මෙම අර්බුදය දැනටමත් දැවැන්ත වී ඇති” බවයි. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු ගමනාගමනය අඩාල වී ඇති අතර, එය ගෝලීය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයයි. යුරෝපයට රුසියානු ගෑස්…

Read More

‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ මෙම සාම පාගමනට එක්ව ලොව පුරා ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද ඔවුහු සමග මෙරටට පැමිණි සිටී. මෙම සාම පා ගමනට සහභාගි වන තවත් භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් පසුගිය 18 වනදා මෙරටට වැඩම කළ අතර අද (21) පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාම පා ගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරේ. එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ වෙත පූජා කිරීමට නියමිතය. එමෙන්ම, අද…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සුබවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී, ඇතැම් රාජ්‍ය නිලධාරීන් එය අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් අද (21) පැවති වැඩසටහනට එක්වෙමිනි. පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන් නියෝජනය කරන දේශපාලනික බලවේග සිටියේදැයි ප්‍රශ්නයක් මතුවන බවද පැවසු කාදිනල් හිමි එසේ නොවන්නේ නම් සත්‍ය සොයා යන ගමනට මෙතරම් බාධා කරන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය. මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම පවා ගැඹුරින් අධ්‍යයනය කළ නොහැකි වු කරුණු කිහිපයක් පිළිබඳ එම වාර්තාවේ සඳහන් කර ඇති බව සඳහන්…

Read More

නුවරඑළිය මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පහර දුන් බව පවසමින් 23 හැවිරිදි තරුණයෙකු නුවරඑළිය මහ රෝහලට ඇතුළත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ පොලිසිය කළ දැනුම්දීම අනුව තම පුතුන් දෙදෙනා අද පොලිසියට ඉදිරිපත් කරන බවයි. නුවරඑළිය තුරඟ තරග පිටියේ පැවති සැණකෙළියක් අතරතුර ඊට පැමිණි තරුණයෙකුට මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 17 වනදායි. පහරකෑමට ලක් වු 23 හැවිරිදි තරුණයා නුවරඑළිය මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔහු ප්‍රකාශ කලේ නුවරඑළිය මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුතුන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු කළ බවයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු පයාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා පයාගල ප්‍රදේශයේ රහසිගතව රැඳී සිටිමින් අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව පයාගල නිර්මලවත්ත හා කුඹුරුගොඩ යන ප්‍රදේශයන්හි අද (21) අළුයම සිදු කළ විශේෂ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැතුම් නොහොත් ‘පෙත්තා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ කවිඳු නොහොත් ‘කවියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙකු බව සඳහන්. පැතුම් නැමැත්තා ළඟ තිබී…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. එහිදී අදාළ ගිනිඅවියේ බලපත්‍රයට කල්ඉකුත් වී තිබුණු බව වාර්තා වේ.

Read More

අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරියේදී පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් ඊයේ( 20) දිනයේදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්ගේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි නිවසේදී පැවැති අවස්ථාවේදී.ගල් අඟුරු වංචාවටත් වඩා නොදෙවෙනි මෙම ඉන්ධන වංචාව පිළිබඳව නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතු බවත් රටේ ජනතාව දැනුවත් කළ යුතු බවටත් මෙහිදී යෝජනා කර ඇත්තේ එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින්. ඒ අනුව අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊට අදාල ලියකියවිලි සකස්…

Read More