Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි. සිය x ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ. මෙම චෝදනාවත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් කථානායකවරයා අනතුරු අඟවන්නේ පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බවය. වොෂින්ටනය උත්සාහ කරන්නේ සාකච්ඡා මේසය යටත් වීමේ මේසයක් බවට පත් කිරීමට වන බව ද ඔහු සඳහන් කර තිබේ. එමෙන්ම නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම් වී සිටින…
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මඟින් ඊයේ (20) පුද්ගලයින් 25,683 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී සැකපිට අත්අඩංගුවට ගත් පිරිස 396ක් බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ. අපරාධවලට සෘජුවම සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. එමෙන්ම අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් 282ක් අතර දින වරෙන්තු 191ක් සහ විවෘත වරෙන්තු 91ක් වන බව සඳහන්. මීට අමතරව මාර්ග විනය උල්ලංඝනය කරන්නන් සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී බීමත් රියදුරන් 67ක් සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 51ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රථවාහන සම්බන්ධ වෙනත් වැරදි 3,332ක් ද වාර්තා වී ඇති බවයි…
අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පූර්ණ සහයෝගය පළ කර ඇත. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. “සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි.” ලෙස එහි සඳහන් ව ඇත. “මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන…
ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම ප්‍රධාන වශයෙන් හේතු වෙමින් 2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි. මෙලෙස 2026 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනුයේ 2025 වසරේ දී 5%ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබූ පසුබිමකය. කෙසේවෙතත් ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම වූ 2018 වසරේ තිබුණු ප්‍රමාණයට මෙම වසරේ දී ළඟා වනු ඇති බවට ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ. දකුණු ආසියානු කලාපයේ ආර්ථික යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කරමින් 2026 අප්‍රේල් වාර්තාවෙහි මේ බව සඳහන් වේ. In Sri Lanka, growth is expected to moderate…
බොස්ටන් මැරතන් 2026 තරගාවලියේදී සුවිශේෂී දක්ෂතාවක් දැක්වීමට මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සමත් වී තිබෙනවා. වයස අවුරුදු 55 – 59 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු, එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් මෙම ජයග්‍රගණය හිමිකරගෙන තිබෙනවා.
ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරාන වරායන් මත පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. යුද්ධය අවසන් කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වෙන්නේද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය සතියේ ආරම්භ වූ මෙම වරාය අවහිර කිරීම් මගින් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පවසා ඇත. එමෙන්ම තම රට මෙම ගැටුමෙන් ඉහළින්ම ජයග්‍රහණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාමය ලබන බදාදායින් අවසන් වීමට නියමිතව තිබියදී ඔහු මෙම අදහස් පළ කර ඇත. කෙසේ…
කටුනායක — newsforce.lk නවසීලන්ත කි.ලෝ 85න් පහළ රග්බි කණ්ඩායම කටුනායකට 2026 සංචාරය සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති අතර, ඔවුන් SriLankan Airlines මගින් දිවයිනට ළඟා වී ඇත. මෙම සංචාරය අතරතුර කණ්ඩායම රග්බි තරඟ රැසකට සහභාගී වීමට නියමිත අතර, එය දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයට ද වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සමඟම, කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ස්වභාවික සුන්දරත්වය සහ ආගන්තුක සත්කාරය අත්විඳීමටද අවස්ථාව ලැබෙනු ඇත. මෙවැනි ක්‍රීඩා සංචාර ජාත්‍යන්තර ක්‍රීඩා සබඳතා ශක්තිමත් කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන බවයි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical
බ්‍රිතාන්‍යයේ ඇතැම් උපදේශකයින් සහ නීති වෘත්තිකයින්, සංක්‍රමණිකයන්ට දේශපාලන රැකවරණය (asylum) ලබා ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීම සඳහා තමන් සමලිංගික පුද්ගලයින් ලෙස පෙනී සිටින ලෙස මඟ පෙන්වන බවට බීබීසී (BBC) සිදු කළ විමර්ශනයකින් හෙළි වී තිබෙනවා. මෙම ජාලයන් විසින් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප, සහයෝගිතා ලිපි සහ ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය වාර්තා ද ඇතුළත් මුදල් ගෙවා ලබාගත හැකි “පැකේජ” පිරිනමන බවද එම වාර්තාව පෙන්වා දෙනවා. සොයාගැනීම්වලට අනුව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල සමලිංගික සබඳතා තවදුරටත් නීතිවිරෝධී මට්ටමේ පවතින බැවින්, එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට ලිංගික නැඹුරුව පදනම් කරගෙන තමන් පීඩාවට පත්වන බව පවසන ලෙසයි දක්වා ඇත්තේ. රැකියා, අධ්‍යයන හෝ සංචාරක වීසා වැනි බලපත්‍ර…
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් අද (21) දිවයිනේ සියලුම දේවස්ථානවල විශේෂ අනුස්මරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව පෙරවරු 8:45ට: සියලුම දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කෙරෙනු ඇති. පෙරවරු 8:45 සිට 8:47 දක්වා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් ගෞරව දැක්වීම සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ. පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාඥා මෙහෙයන්ද සෑම දේවස්ථානයකම සිදුකිරීමට නියමිතයි. එමෙන්ම, මීගමුව – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30 ට දිව්‍ය පූජාවක් පවත්වා සිහිවටන ස්මාරකය අසළදී ඉටිපහන් දැල්වීමක් සිදුකෙරෙනවා. මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තෙන් යැදුම් පාගමනක්ද සංවිධාන කර ඇති අතර එය පස්වරු 4 ට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical
