Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 7ක් සපිරීමට සමගාමීව වින්දිතයන් සැමරීමේ වැඩසටහනක් අද (21) පැවැත්වෙන බව ජාතික කතෝලික සභාව පවසනවා. ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන සැමරුම අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදෙස් තානාපතිවරුන්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද එක්වීමට නියමිතයි. මීට අමතරව සෑම දේවස්ථානයකම පෙරවරු 8. 45 ට මළවුන්ගේ සීනුව නාද කිරීම සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ඇති. පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා යාඥා මෙහෙයන්ද…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 203.26 කින් (0.89%) පහත වැටීමෙන් පසු 22,570.03 කින් අවසන් වුණා. ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක්.
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩු හත, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු එම සංකීර්ණයේ පිහිටි වෙනත් අධිකරණ වෙත යොමු කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) දැනුම් දුන්නා. එසේම, සැකකාරියට එරෙහිව පවතින එක් නඩුවක සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව අනෙක් නඩුවල සාක්ෂි විභාගයන් අනුපිළිවෙළින් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව ද එදිනට අධිකරණය සිය තීරණය දැනුම් දීමට නියමිතය බවයි ප්‍රකාශ කෙරුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබ ඇති මෙම නඩු හතෙන් දෙකක් මේ වන විට ප්‍රධාන…
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජයගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 205කි. එහිදී හංසිමා කරුණාරත්න ලකුණු 54ක් සහ ඉමේෂා දුලානි ලකුණු 52ක් ලබාගත්හ. පන්දුයැවීමේදී රිටු මොනි කඩුලු තුනක් බිඳහෙළුවාය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 48.3ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. එහිදී ශර්මින් අක්හ්ටෙර් ලකුණු 86ක් රැස්කළාය. පන්දු යැවීමේදී දෙව්මි විහංගා කඩුලු තුනක් දවාගත්තාය. මෙම තරගය පැවැත්වුණේ, බංග්ලාදේශයේ රාජ්ශාහිදීය.
ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දිගේ තවත් දින 30 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා. සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා. සැකකාරියට එරෙහිව ගෙන තිබූ පළමු දින 90ක රැඳවුම් නියෝග ඉකුත් ජනවාරි 15 දිනෙන් අවසන් වු බවත් ඉන්පසු දෙවන දින 90 ක රැඳවුම් නියෝග කාලය ලබාගත් බවයි. එම දින 90ක රැඳවුම් නියෝග කාලය ද මේ වන විට අවසන් වන බැවින් තවත් දින 30ක කාලයක් ලබා ගත් බව…
පිලිපීන සහ එක්සත් ජනපද හමුදා තායිවානයට ආසන්න දුරස්ථ පිලිපීන දූපතකදී නාවික ප්‍රහාරක අභ්‍යාස පවත්වනු ලබන අතර මෙම වාර්ෂික අභ්‍යාසය “සැබෑ ලෝකයේ පවතින තත්ත්වයන්” යටතේ තම හමුදාවන්හි සූදානම පරීක්ෂා කිරීමක් වනු ඇති බව පිලිපීන හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්ථා කර සිටියේය. අප්‍රේල් 20 සිට මැයි 8 දක්වා පැවැත්වෙන “බලිකාටන්” (Balikatan) හෙවත් “උරෙන් උර ගැටී” ලෙස හැඳින්වෙන මෙම අභ්‍යාසය, සහභාගී වන රටවල් සංඛ්‍යාව අනුව මෙතෙක් පැවැත්වූ විශාලතම අභ්‍යාසය වේ. ඕස්ට්‍රේලියාවට අමතරව කැනඩාව, ප්‍රංශය, නවසීලන්තය සහ ජපානය ප්‍රථම වරට ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස මෙයට එක්වීම මැනිලාහි පුළුල් වන ආරක්ෂක සබඳතා ජාලය විදහා දක්වයි. මෙම අභ්‍යාසයන්ට පිලිපීන වෙරළබඩ මුහුදේ නිරවද්‍ය ප්‍රහාර…
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ සංචාරකයින් 809,595ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 167,095ක් වේ. එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ. මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 15 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 68,961 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය…
දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. නිල සංචාරය ආරම්භ කරමින්, ඔහු දිල්ලි සිට ඊයේ (19) මෙරටට පැමිණියේය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය.
රුසියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳකටයුතු වලදී ඇමෙරිකානු ඩොලර් භාවිතය සම්පුර්ණයෙන්ම නවතා දමන බවට නිවේදනය කර ඇති බව විදෙස් මාද්‍ය වාර්ථා කරයි.ඒ වෙනුවට, රුසියානු රුබල් සහ චීන යුවාන් භාවිත කිරීමට සූදානම් වන අතර මෙම පියවර ගෝලීය මූල්‍ය පද්ධතිය මත පවතින යැපීම අවම කිරීමේ උපාය මාර්ගික පියවරක් ලෙස මෙම ක්‍රියාවලිය හඳුන්වා දිය හැකිය.මෑත කාලීන දත්තවලට අනුව, දෙරට අතර සිදුවන සමස්ත වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණයෙන් 952 සිට 99 % දක්වා අතිවිශාල ප්‍රමාණයක් දැන් පියවනු ලබන්නේ ඔවුන්ගේම දේශීය මුදල් ඒකක මගිනි.මෙම පරිවර්තනය හරහා බටහිර රටවල් පනවන ආර්ථික සම්බාධකවල බලපෑම අවම කර ගැනීමටත්, දෙරටේ ආර්ථික ස්ථාවරත්වය සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත් රුසියාව සහ චීනය බලාපොරොත්තු…
මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු විසින් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගන්වනු ලැබූවාපැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතාත්, සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතාත්, ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස Christian Biever මහතාත්, වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමාත්, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතාත්, කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතාත් මෙලෙස සිය අක්තපත්‍ර භාර දුන් අතර ඔවුන් සියලු දෙනා වෙත උණුසුම් සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා එක්ව…
