රුසියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳකටයුතු වලදී ඇමෙරිකානු ඩොලර් භාවිතය සම්පුර්ණයෙන්ම නවතා දමන බවට නිවේදනය කර ඇති බව විදෙස් මාද්‍ය වාර්ථා කරයි.
ඒ වෙනුවට, රුසියානු රුබල් සහ චීන යුවාන් භාවිත කිරීමට සූදානම් වන අතර මෙම පියවර ගෝලීය මූල්‍ය පද්ධතිය මත පවතින යැපීම අවම කිරීමේ උපාය මාර්ගික පියවරක් ලෙස මෙම ක්‍රියාවලිය හඳුන්වා දිය හැකිය.
මෑත කාලීන දත්තවලට අනුව, දෙරට අතර සිදුවන සමස්ත වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණයෙන් 952 සිට 99 % දක්වා අතිවිශාල ප්‍රමාණයක් දැන් පියවනු ලබන්නේ ඔවුන්ගේම දේශීය මුදල් ඒකක මගිනි.
මෙම පරිවර්තනය හරහා බටහිර රටවල් පනවන ආර්ථික සම්බාධකවල බලපෑම අවම කර ගැනීමටත්, දෙරටේ ආර්ථික ස්ථාවරත්වය සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත් රුසියාව සහ චීනය බලාපොරොත්තු වේ
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

