Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොටස් වෙළෙඳපොළ ඒකක 203.26 කින් පහළට

    April 20, 2026

    ඩයනාගේ නඩු හත ට මොකද වෙන්නේ ? තීරණය 26 වැනිදා

    April 20, 2026

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

    April 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි
    උණුසුම් පුවත්

    තායිවානයට ආසන්නව පිලිපීන සහ එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිලිපීන සහ එක්සත් ජනපද හමුදා තායිවානයට ආසන්න දුරස්ථ පිලිපීන දූපතකදී නාවික ප්‍රහාරක අභ්‍යාස පවත්වනු ලබන අතර මෙම වාර්ෂික අභ්‍යාසය “සැබෑ ලෝකයේ පවතින තත්ත්වයන්” යටතේ තම හමුදාවන්හි සූදානම පරීක්ෂා කිරීමක් වනු ඇති බව පිලිපීන හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්ථා කර සිටියේය.

    අප්‍රේල් 20 සිට මැයි 8 දක්වා පැවැත්වෙන “බලිකාටන්” (Balikatan) හෙවත් “උරෙන් උර ගැටී” ලෙස හැඳින්වෙන මෙම අභ්‍යාසය, සහභාගී වන රටවල් සංඛ්‍යාව අනුව මෙතෙක් පැවැත්වූ විශාලතම අභ්‍යාසය වේ. ඕස්ට්‍රේලියාවට අමතරව කැනඩාව, ප්‍රංශය, නවසීලන්තය සහ ජපානය ප්‍රථම වරට ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස මෙයට එක්වීම මැනිලාහි පුළුල් වන ආරක්ෂක සබඳතා ජාලය විදහා දක්වයි.

    මෙම අභ්‍යාසයන්ට පිලිපීන වෙරළබඩ මුහුදේ නිරවද්‍ය ප්‍රහාර සහ බාධා කිරීමේ මෙහෙයුම් මෙන්ම ඒකාබද්ධ ගුවන් සහ මිසයිල ආරක්ෂණ අභ්‍යාස, බහුජාතික නාවික මෙහෙයුම් සහ ගොඩබෑම වැළැක්වීමේ සජීවී වෙඩි තැබීම් ඇතුළත් වේ.

    අභ්‍යාසය ආරම්භ කරමින් පිලිපීන සන්නද්ධ හමුදා ප්‍රධානී රෝමියෝ බ්‍රව්නර් (Romeo Brawner) පැවසුවේ, මෙහි අරමුණ තම සන්ධානයේ ශක්තිය සහ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම යළි තහවුරු කිරීම බවයි.
    “අපි අපේ දූපත් සමූහය පුරාම පුහුණුවීම් කරනවා… සියලුම ක්ෂේත්‍ර ඔස්සේ සැබෑ තත්ත්වයන් යටතේ අපගේ සූදානම පරීක්ෂා කරනවා,” ඔහු පැවසීය.

    වොෂින්ටනය මැද පෙරදිග කටයුතුවල දැඩි ලෙස නිරතව සිටියද, මෙම අභ්‍යාසය සඳහා සෙබළුන් 17,000කට වැඩි පිරිසක් සහභාගී වන අතර, ආරක්ෂක ගිවිසුම්ගත මිත්‍ර රටක් වන එක්සත් ජනපදයෙන් පමණක් සෙබළුන් 10,000ක් පමණ මෙයට එක්ව සිටිති.

    මෙහිදී පිලිපීනය අලුතින් ලබාගත් ‘බ්‍රහ්මෝස්’ (BrahMos) මිසයිල සහ ජපානයේ ‘Type 88’ නැව් නාශක මිසයිල වැනි යුද උපකරණ ප්‍රදර්ශනය කෙරෙන අතර, සජීවී වෙඩි තැබීම් මගින් ඉලක්කගත නැව් ගිල්වා දැමීමේ අභ්‍යාස සඳහා ඒවා යොදා ගැනේ.

    ගොඩබෑම වැළැක්වීමේ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස දකුණු චීන මුහුදේ සැම්බේල්ස් (Zambales) පළාතේදී පැවැත්වෙන අතර, එය චීනය විසින් පාලනය කරනු ලබන, මතභේදයට තුඩු දී ඇති ස්කාර්බරෝ ෂෝල් (Scarborough Shoal) උපාය මාර්ගික කොරල් දූපතේ සිට කිලෝමීටර් 230ක් පමණ දුරින් පිහිටා ඇත.

    පිලිපීනය සහ එක්සත් ජනපදය ප්‍රථම වරට තායිවානයේ සිට කිලෝමීටර් 155ක් පමණ දුරින් පිහිටි පිලිපීනයේ උතුරු කෙළවරේ පිහිටි ඉට්බයාට් (Itbayat) දූපතේ නාවික ප්‍රහාරක අභ්‍යාස පවත්වනු ඇත.
    තායිවානය සම්බන්ධයෙන් පවතින නොසන්සුන්තා මධ්‍යයේ මෙම කලාපයේ පවතින උපාය මාර්ගික වැදගත්කම මෙයින් පෙන්නුම් කරයි. චීනය තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    කොටස් වෙළෙඳපොළ ඒකක 203.26 කින් පහළට

    April 20, 2026

    ඩයනාගේ නඩු හත ට මොකද වෙන්නේ ? තීරණය 26 වැනිදා

    April 20, 2026

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

    April 20, 2026

    සෙව්වන්දිට තවත් දින 30ක රැඳවුම් නියෝග

    April 20, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි 

    April 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    කොටස් වෙළෙඳපොළ ඒකක 203.26 කින් පහළට

    April 20, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 203.26 කින් (0.89%) පහත වැටීමෙන්…

    ඩයනාගේ නඩු හත ට මොකද වෙන්නේ ? තීරණය 26 වැනිදා

    April 20, 2026

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

    April 20, 2026

    සෙව්වන්දිට තවත් දින 30ක රැඳවුම් නියෝග

    April 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    කොටස් වෙළෙඳපොළ ඒකක 203.26 කින් පහළට

    April 20, 2026

    ඩයනාගේ නඩු හත ට මොකද වෙන්නේ ? තීරණය 26 වැනිදා

    April 20, 2026

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

    April 20, 2026

    සෙව්වන්දිට තවත් දින 30ක රැඳවුම් නියෝග

    April 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    කොටස් වෙළෙඳපොළ ඒකක 203.26 කින් පහළට

    April 20, 2026

    ඩයනාගේ නඩු හත ට මොකද වෙන්නේ ? තීරණය 26 වැනිදා

    April 20, 2026

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

    April 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.