Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ඉන්දියාවේ ‘Mazagon Dock Shipbuilders’ සමාගම විසින් කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) ආයතනයේ 51%ක පාලන කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම “සුවිශේෂී වර්ධනයක්” බවත්, එය ඉතා වැදගත් උපායමාර්ගික අංශයක කළ ආයෝජනයක් බවත් ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ගනුදෙනුව හරහා සමුද්‍රීය හා කාර්මික අංශවලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන සහයෝගිතාවය මනාව පිළිඹිබු වන බවයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රජයට අයත් නැව් නිෂ්පාදන සමාගමක් වන Mazagon Dock Shipbuilders Limited (MDL), ඇමෙරිකානු ඩොලර් මිලියන 26.8ක මුළු ආයෝජනයක් කරමින් කොළඹ ඩොක්යාඩ් ආයතනයේ පාලන කොටස් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කළ බව මෑතකදී නිවේදනය…
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ. කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා ප්‍රදේශයේදී අද (20) උදෑසන 9:30ට පමණ මෙම අනතුර සිදු ව ඇත. මෙම ත්‍රීරෝද රථය තුළ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් කර ඇති අතර එය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. කෙසේවෙතත් පොලීසිය පැවසුවේ ඇයට ත්‍රීරෝද රථය ධාවනය කිරිම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද ඇති බවය. මීගමුවේ සිට හැටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර…
දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් 2015 වසරේ මෙම සැකකරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින් එකසිය තිස් හතර දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇතැයි පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයේ සිය දේශපාලන…
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරට ගිනිකොන වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක භූචලනයක් ඇතිවීමත් සමග මෙම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එහි සඳහන්ය. ඉවාට් ප්‍රාන්තයේ සහ හොක්කයිඩෝහි ඇතැම් ප්‍රදේශවලට මීටර් 3ක උසැති උදම් රළ අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.
ඉරානය සමග නව සාකච්ඡා වටයක් සඳහා එක්සත් ජනපද නියෝජිතයින් අද (20) පාකිස්තානයට පැමිණීමට නියමිතව තිබේ. මෙම නව සාකච්ඡා වටය සඳහාද නායකත්වය ලබා දෙනුයේ එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් වන අතර මින් පෙරද ඔහුගේ නායකත්වයෙන් ඉරානයේ පළමු සාකච්ඡාවද පැවැත්විණි. මෙම දූත පිරිසට ට්‍රම්ප් උපදේශකයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඔවුන් දෙදෙනාම මින් පෙරද ඉරානය සමග පළමු සාකච්ඡාවටද සහභාගී වී තිබුණි. මෙම නවතම සාකච්ඡා වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සිය නියෝජිතයින් පිරිස පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත ගමන් කරනු ඇති බවය. එමෙන්ම එක්සත් ජනපදය ඉතා සාධාරණ ගනුදෙනුවක් ඉරානයට පිරිනමන බවත්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදා හැර තිබේ. අද (20) පෙරවරුවේ පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහැරිමට පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්. එම්. එම්. අයි. වාසල මහත්මිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. ඒ අනුව කමල් අමරසිංහ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප 02ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. ඊට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත. වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා…
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද (20) දිනයේ මි.මී 75ත් – මි.මී 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවය. මෙම තද වැසි සමඟ කෙටි කාලයක් තුළ තද සුළං සහ ප්‍රබල අකුණු ඇති විය හැකි බැවින් ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු බවද ඒ මහතා පැවසීය. එමෙන්ම මේ දිනවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් පැවතිය හැකි අතර, දැනට දහවල් කාලයේ පවතින උණුසුම්…
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,829 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය. ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 370,000ක් ලෙස දැක්වුණි. මේ අතර ඊයේ දිනයේ දී රු. 400,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණ කිරීම සඳහා ඒ මහතා මෙලෙස එක්ව ඇති බව වාර්තා වේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනපති, ඊයේ (19) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියද හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
එතෙක් මෙතෙක් මිනිසා විසින් යවන ලද අභ්‍යාවකාශයේ වැඩිම දුර ගමන් කල යානය වූ වොයේජර් 1 (Voyager 1) යානයේ , තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කර ඇති අතර නාසා (NASA) ඉංජිනේරුවන් විසින් එය සිදුකර ඇත්තේ අභ්‍යවකාශ යානයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහායි. වසර 47ක් පැරණි මෙම ගවේෂණ යානය 2030 දශකය දක්වා තාරකා අතර අවකාශයේ (interstellar space) සිට සංඥා එවීම පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන ලද බලශක්ති ඉතිරිකිරීමේ උපාය මාර්ගයක් වශයෙන් මෙම උපකරණය ක්‍රියා විරහිත කර තිබෙනවා.. දකුණු කැලිෆෝනියාවේ පිහිටි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ (JPL) මෙහෙයුම් ඉංජිනේරුවන් විසින් ‘Low-energy Charged Particles experiment’ (LECP) හෙවත් අඩු ශක්ති ආරෝපිත අංශු පරීක්ෂණ උපකරණය අක්‍රිය කරන ලෙස අප්‍රේල්…
