Author: Bandara Senanayaka

අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් පමණක් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. පසුගිය අප්‍රේල් මස 10 වන දින සිට 18 වන දින දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත. පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ලයින් 53දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් අප්‍රේල් 10 සහ 13 යන දිනවලදී වාර්තා වී තිබේ. දියේ ගිලීම් නිසා සිදු වූ අනතුරුවලින් ද පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වේ. පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිළීම්වලින් සිදු වූ මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන…

Read More

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ. මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබා දී තිබුණි. ඒ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ. මේ අතර 2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබුණු සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය බෙදාහැර අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත.…

Read More

මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියෙකුට අළෙවි කළ අයෙක් සහ ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අලවතුගොඩ පොලීසිය පවසනවා. මෙම සිද්ධියෙන් පසු තිස් පස් හැවිරිදි තිදරු මව සියදිවි හානිකර ගැනීමේ අරමුණින් මහනුවර වැවට පැන තිබෙන අතර ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් ඇයව බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. පසුව ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් හමුවේ සියදිවි නසා ගැනීමට හේතුවූ කරුණු දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා. මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ සිය සැමියා මෙයට වසර පහකට…

Read More

මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශවල ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අද (19) නිල වශයෙන් අවසන් වී තිබේ. මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 60,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය ආධාර ලබා දෙනු ඇත. ඉන් මුල් අදියර දෙක යටතේ නිවාස 46,000ක් ඉදිකර අවසන් කර තිබුණි. තවත් නිවාස 4,000කින් සමන්විත වූ තෙවන අදියර ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වතුකර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ අතර, ඒ හරහා පවුල් 3,855ක් ප්‍රති ලාභ ලබා තිබුණි. කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා එක් නිවසකට ලබා දෙන මුදල රුපියල් මිලියන 2.8 දක්වා ඉහළ නැංවීමට ඉන්දීය…

Read More

ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු නියෝජිත පිරිසක් හෙට (20) සන්ධ්‍යාවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීම් කිහිපයක් ද සිදුකර තිබෙනවා. මෙම සාකච්ඡා හරහා නිසි එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරට පාලම් සහ විදුලි බලාගාර ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවට ඔහු යළිත් අනතුරු අඟවා තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අවහිර කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙරට අතර පවතින අර්බුදය සමනය කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ බව සඳහන්. කෙසේ වෙතත්, ට්‍රම්ප්…

Read More

අලුත් අවුරුදු සමයේ 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහන වලින් රුපියල් මිලියන 441 කට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසයි. එම කාලය තුල රථ වාහන 1,170,830ක් අධිවේගී මාර්ගය භාවිතා කිරීමෙන් මෙම ආදායම ලබා ගැනීමට හැකි වී ඇති බව ඒ මහතා සඳහන් කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ – කටුනායක මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්වලින් ධාවනය වූ වාහන වලින් එම ආදායම උපයා ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය. *අප්‍රේල් 10 වෙනිදා,අධිවේගී මාර්ගය භාවිත කළ රථ වාහන ගණන 161,847ක් – ආදායම රුපියල් මිලියන 59.8…

Read More

ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳව තොරතුරු ඇත්නම් සමාජ මාධ්‍යයට නොකියා ජනාධිපතිවරා පත්කළ විශේෂ ජනාධිපති කොමිසමට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විපක්ෂයට කියා සිටිනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

Read More

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (20) සිට නැවත ක්‍රියාත්මක කෙරෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වන විට යථාවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් එම දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි නැවත ක්‍රියාත්මක වන බවයි සඳහන්.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් එම ප්‍රශ්න කිරීම සිදුකරනු ඇති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ පවත්වා තිබෙනවා. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ඉදිරි සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එම හමුව පිළිබඳව විපක්ෂ නායකවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ද අදහස් දක්වා තිබිණා. මෙම හමුවේදී දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සහ ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම දෙරටේම ජාතීන්ට ප්‍රතිලාභ අත්වන අයුරින් විවෘත කළ හැකි ප්‍රායෝගික අවස්ථා පිළිබඳව ඉතා ඵලදායී සාකච්ඡාවක් මෙහිදී සිදු වූ බව විපක්ෂනායකවරයා සිය…

Read More