Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
බීජිං, — චීනය ජනපති ෂී ජින් පින් සහ වියට්නාම අතර උසස් තත්ත්වයේ සම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර, “සංයුක්ත අනාගතයක්” බෙදාගන්නා ප්‍රජාවක් ගොඩනැගීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ, චීනයට රාජ්‍ය සංචාරයක නිරත වූ වියට්නාම ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂ මහලේකම් To Lam සමඟ බීජිංහි Great Hall of the People දී පැවති සාකච්ඡාවකදීය. ජනපති ෂී ජින් පින් පෙන්වා දුන්නේ, වියට්නාමය චීනයේ අසල්වැසි රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රමුඛත්වයක් දරන රටක් වන අතර, දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවස්ථා උපයෝගී කරගත යුතු බවයි. එමෙන්ම, To Lam පවසා ඇත්තේ, චීනය සමඟ සබඳතා වර්ධනය කිරීම වියට්නාමය සඳහා උපායමාර්ගික ප්‍රමුඛතාවයක් වන අතර,…
පෙර පැවති දේශපාලන ධාරාවන් පුරා පැතිර තිබූ දූෂණය, භීෂණය සහ වංචාව මුලිනුපුටා දමන බවට ජනතාවට පොරොන්දු වෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, අද වන විට ජනතාව ඉදිරියේම ස්වයංව නිරාවරණය වෙමින් පවතී. “හොරු ඇල්ලීම” තේමාව කරගනිමින් ජනතා මනාපය කොල්ලකෑ පාලකයින්, අද වන විට තමන්ම දූෂිතයන් බවට පත්වෙමින් සිටීම ජාතික අභාග්‍යයකි. 1.පොරොන්දු කඩකිරීම සහ ජනතාව මුලාවට පත් කිරීම වෛරය වැපිරීම :- පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කර එම රැල්ල මතින් බලයට ආ මොවුන්, අද වන විට තමන් විවේචනය කළ “දූෂිත” ක්‍රමයේම කොටස්කරුවන් වී හමාරය. 2.නීතිය සහ යුක්තිය පසිඳලීමේ සැබෑ ස්වරූපය, 3.මහජනතාවට කරන දැනුවත් කිරීම, මෙතෙක් අල්ලා පෙන්වූ හොරෙක් නැතත්, අලුතින්…
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම “සන්නද්ධ මුහුදු කොල්ලකෑමක්” ලෙස ඉරානය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. මෙම ක්‍රියාවට එරෙහිව නිසි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය ප්‍රතිඥා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ඕමාන් බොක්කේදී ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඇමරිකානු නාවික හමුදාව විසින් පහරදී නතර කළ බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. සිය ටෘත් සමාජ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු නියෝජිත පිරිසක් අද පස්වරුවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වීමට නියමිතයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ…
ඉරාන යුද්ධය ආරම්භ වී දින 50ක් පමණ ගත වන විට, නිපදවීමට නොහැකි වූ බොරතෙල් හේතුවෙන් ලෝකයට අහිමි වී ඇති වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය සහ විශ්ලේෂකයින් පවසනවා. මෙම අර්බුදයේ බලපෑම ඉදිරි මාස කිහිපය තුළ පමණක් නොව වසර ගණනාවක් පුරා දැනෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරාන යුද්ධය අවසන් කිරීමේ එකඟතාවයක් “ඉක්මනින්” ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත් ඒ සඳහා ගතවන කාලය නිශ්චිත නොමැති බවයි. පෙබරවාරි අග භාගයේ මෙම අර්බුදය ආරම්භ වූ දා සිට, බොරතෙල් සහ ඝනීභවනය (condensate) බැරල් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අහිමි වී තිබෙනවා. .…
ඉන්දීය උප ජනපති ගංගාරාම විහාරය වැඳපුදා ගනී කොළඹ — newsforce.lk දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා 19 පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරය වැඳපුදා ගැනීමට එක්විය. මෙම අවස්ථාවේදී ඔහු විහාරාධිපතින් සමඟ හමුවී ආශීර්වාද ලබාගෙන, ආගමික කටයුතු වලට ද සහභාගී වූ බව වාර්තා වේ. ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මෙම සංචාරය, ශ්‍රී ලංකාව හා ඉන්දීය අතර ආගමික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි. #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 90.15ක් ලෙස සටහන් තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිෂ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බවය.
අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ අද (19) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් කුඩා දරුවන් අටදෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩිවැදී ඇත. මියගිය දරුවන් අවුරුදු 1 සිට 14 දක්වා වයස් කාණ්ඩවල පසුවන්නන් බව සඳහන්ය. වෙඩිතැබීම සිදුකළ සැකකරු වාහනයකින් පලායාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත. වෙඩිවැදුණු දරුවන් කිහිපදෙනෙකු සැකකරුගේ ඥාතීන් බව එරට ආරක්ෂක අංශ පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණ පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. #newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcelocalnews#newsforcesrilanka#newsforcepolitical
කලාපීය සාමය සහ ආරක්ෂාව නංවාලීම සඳහා වන අවංක සහ සෘජු ප්‍රයත්නයන් වෙනුවෙන් උපරිමයෙන් කැපවී සිටින බව පාකිස්තානය අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් පවසයි. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී ඔහු මේ බව අවධාරණය කර ඇත. මෙම සංවාදය සිදුව ඇත්තේ ඉරානය සමඟ තවත් වටයක සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිතයන් ඉස්ලාමාබාද් බලා යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කිරීමෙන් පසුවය. අප්‍රේල් 11 සහ 12 යන දිනවල ඉස්ලාමාබාද්හි පැවැත්වූ ඓතිහාසික පළමු වටයේ සෘජු අමෙරිකා-ඉරාන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය. මෙම සාකච්ඡා පැවැත්වුණේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සති දෙකක සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරය. පෙබරවාරි 28 වන දින…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අද (20) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් දෙදෙනා ඉන්දුනීසියානු ජාතිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු 22 හැවිරිදි අයෙකු වන සහ අනෙක් තැනැත්තිය 30 හැවිරිදි කාන්තාවක් බවත් වාර්තා වේ. ඔවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඒවා ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ. එහිදී මෙරටින් පිටමං කරවීමට උත්සාහ කර ඇති අතර ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එම…
