අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ අද (19) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් කුඩා දරුවන් අටදෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩිවැදී ඇත. මියගිය දරුවන් අවුරුදු 1 සිට 14 දක්වා වයස් කාණ්ඩවල පසුවන්නන් බව සඳහන්ය.
වෙඩිතැබීම සිදුකළ සැකකරු වාහනයකින් පලායාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
වෙඩිවැදුණු දරුවන් කිහිපදෙනෙකු සැකකරුගේ ඥාතීන් බව එරට ආරක්ෂක අංශ පවසයි.

