පෙර පැවති දේශපාලන ධාරාවන් පුරා පැතිර තිබූ දූෂණය, භීෂණය සහ වංචාව මුලිනුපුටා දමන බවට ජනතාවට පොරොන්දු වෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, අද වන විට ජනතාව ඉදිරියේම ස්වයංව නිරාවරණය වෙමින් පවතී. “හොරු ඇල්ලීම” තේමාව කරගනිමින් ජනතා මනාපය කොල්ලකෑ පාලකයින්, අද වන විට තමන්ම දූෂිතයන් බවට පත්වෙමින් සිටීම ජාතික අභාග්‍යයකි.
1.පොරොන්දු කඩකිරීම සහ ජනතාව මුලාවට පත් කිරීම
- හිටපු දේශපාලන නායකයින් සහ අමාත්‍යවරුන් දූෂිතයන් ලෙස හංවඩු ගසමින්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන්ටම අද වන විට අයතා වත්කම් ඉපයීම් පිළිබඳව චෝදනා එල්ල වී ඇත.
- අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් :- මෑතකාලීන බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම මෙන්ම හිටපු කථානායකවරයාගේ ඉල්ලා අස්වීම හරහා ගම්‍ය වන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තරය කෙතරම් දුරට බොරුව හා දූෂණයෙන් පිරී පවතිනවාද යන්නයි.
වෛරය වැපිරීම :- පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කර එම රැල්ල මතින් බලයට ආ මොවුන්, අද වන විට තමන් විවේචනය කළ “දූෂිත” ක්‍රමයේම කොටස්කරුවන් වී හමාරය.
2.නීතිය සහ යුක්තිය පසිඳලීමේ සැබෑ ස්වරූපය,
- කිසිදු දේශපාලන නායකයෙකුට අනාගත නීතිමය තීරණ පිළිබඳ සහතික විය නොහැක. හොරුන් ඇල්ලීම යනු ආණ්ඩුවක දේශපාලන උවමනාව මත පමණක් සිදුවිය යුත්තක් නොවන අතර, එය ස්වාධීන නීතිමය පද්ධතියක වගකීමකි.
- බොරුවෙන් සහ වංචාවෙන් තාවකාලිකව බලය ලබාගත හැකි වුවද, සදාකාලිකව ජනතාව මුළා කළ නොහැක. අද දූෂණ විරෝධීන් ලෙස වෙස්මුහුණු දමාගෙන සිටින පාලකයින්ගේ සැබෑ මුහුණුවර රටටම නිරාවරණය වී ඇත.
3.මහජනතාවට කරන දැනුවත් කිරීම,
මෙතෙක් අල්ලා පෙන්වූ හොරෙක් නැතත්, අලුතින් බිහිවූ හොරුන් පිරිසක් අද රට හමුවේ පෙළගැසෙමින් සිටිති. සැමදා බොරුව ජයග්‍රහණය නොකරන බවත්, සැබෑ ජනතා හිතවාදී පාලනයක් යනු දේශපාලන පළිගැනීම් නොව පාරදෘශ්‍යභාවය සහ වගවීම බවත් අපි සිහිපත් කරමු.
මෙම යථාර්ථය වටහාගෙන කටයුතු කිරීම ඔබගේත්, රටේත් අනාගත පැවැත්මට සුභදායක වනු ඇතැයි “ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය” වශයෙන් අපි අවධාරණය කර සිටින්නෙමු.
පුබුදු ගමගේ
ජාතික සංවිධායක _ ගැමුණු පරපුර ජාතික සංවිධායක

