Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දීය උප ජනපති නුවරඑළියට

    April 20, 2026

    වොයේජර් 1 යානයේ තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කරයි

    April 20, 2026

    චීනය – වියට්නාමය අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැපවෙයි

    April 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉරාන ජනාධිපති හා පාකිස්තානය අග්‍රාමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්.
    උණුසුම් පුවත්

    ඉරාන ජනාධිපති හා පාකිස්තානය අග්‍රාමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්.

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කලාපීය සාමය සහ ආරක්ෂාව නංවාලීම සඳහා වන අවංක සහ සෘජු ප්‍රයත්නයන් වෙනුවෙන් උපරිමයෙන් කැපවී සිටින බව පාකිස්තානය අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් පවසයි.

    ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදී ඔහු මේ බව අවධාරණය කර ඇත.

    මෙම සංවාදය සිදුව ඇත්තේ ඉරානය සමඟ තවත් වටයක සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිතයන් ඉස්ලාමාබාද් බලා යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කිරීමෙන් පසුවය.

    අප්‍රේල් 11 සහ 12 යන දිනවල ඉස්ලාමාබාද්හි පැවැත්වූ ඓතිහාසික පළමු වටයේ සෘජු අමෙරිකා-ඉරාන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය.

    මෙම සාකච්ඡා පැවැත්වුණේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සති දෙකක සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරය.

    පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ ආරම්භ වූ ගැටුම් මෙම සටන් විරාමය මගින් තාවකාලිකව නතර කර ඇති අතර, එය අප්‍රේල් 22 වන දින අවසන් වීමට නියමිතය.

    ෂරීෆ් සහ පෙසෙෂ්කියන් අතර විනාඩි 45ක පමණ කාලයක් පැවති මෙම සුහද සංවාදයේදී නායකයන් දෙපළ වත්මන් කලාපීය තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනය කර ඇත.

    අප්‍රේල් 11-12 දිනවල ඉස්ලාමාබාද්හි පැවති පළමු වටයේ සාකච්ඡා සඳහා ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් එවීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉරානයට ස්තූතිය ද පුද කර තිබේ.

    එමෙන්ම සෞදි අරාබිය, කටාර් සහ තුර්කියේ නායකත්වයන් ඇතුළු ලෝක නායකයින් ගණනාවක් සමඟ තමන් මෑතකදී පැවැත්වූ සාකච්ඡා පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා ඉරාන ජනාධිපතිවරයා දැනුවත් කළ බව වැඩිදුරටත් සඳහන් වේ.

    සාම ප්‍රයත්නයන්හි සාර්ථකත්වය වෙනුවෙන් පාකිස්තානය දක්වන දැඩි කැපවීම පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා විසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කර ඇති අතර, ඉදිරියේ දී ඉරානය සහ පාකිස්තානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව අවධාරණය කළේය.

    #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්දීය උප ජනපති නුවරඑළියට

    April 20, 2026

    වොයේජර් 1 යානයේ තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කරයි

    April 20, 2026

    චීනය – වියට්නාමය අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැපවෙයි

    April 20, 2026

    “දූෂණය පිටුදැකීමට පැමිණි පාලනය අද දූෂණයේ අගාධයක” – පුබුදු ගමගේ –

    April 20, 2026

    අමෙරිකාව ඉරාන නෞකාව අත්අඩංගුවට ගැනීම “මුහුදු කොල්ලකෑමක්” – ඉරානය කියයි

    April 20, 2026

    යුද්ධයේ දින 50 තුළ ඩොලර් බිලියන 50ක තෙල් අහිමි වෙයි

    April 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දීය උප ජනපති නුවරඑළියට

    April 20, 2026

    ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඉන්දීය සම්භවයක් සහිත…

    වොයේජර් 1 යානයේ තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කරයි

    April 20, 2026

    චීනය – වියට්නාමය අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැපවෙයි

    April 20, 2026

    “දූෂණය පිටුදැකීමට පැමිණි පාලනය අද දූෂණයේ අගාධයක” – පුබුදු ගමගේ –

    April 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දීය උප ජනපති නුවරඑළියට

    April 20, 2026

    වොයේජර් 1 යානයේ තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කරයි

    April 20, 2026

    චීනය – වියට්නාමය අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැපවෙයි

    April 20, 2026

    “දූෂණය පිටුදැකීමට පැමිණි පාලනය අද දූෂණයේ අගාධයක” – පුබුදු ගමගේ –

    April 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දීය උප ජනපති නුවරඑළියට

    April 20, 2026

    වොයේජර් 1 යානයේ තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කරයි

    April 20, 2026

    චීනය – වියට්නාමය අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැපවෙයි

    April 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.