Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
61 වන වරටත් පැවැත්වුණු Femina Miss India World 2026 තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට ගෝව ප්‍රාන්තය නියෝජනය කළ සාධ්වී සතිෂ් සේල් සමත් වූවාය. මෙම අවසන් මහා තරගය ඊයේ (18) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි. සාධ්වී සතිෂ් සේල් යනු නිරූපිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකි. ඇය දරුවන් වෙනුවෙන් සහ සෞඛ්‍ය පදනම් සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළු අර්ථාන්විත සමාජ සේවා කටයුතුවල නිරන්තරයෙන් නිරත වන්නියකි. ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පිරික්සීමේදී ඇයගේ පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ විවිධ පැතිකඩයන් දැකගත හැකිය. සාධ්වී විශේෂයෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ට සහය වීමට දැඩි කැපවීමකින් කටයුතු කරන්නියක ලෙස ඉන්දියාවේ ප්‍රසිද්ධය.
අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පවසා සිටියේ, ඒ අනුව පසුගිය අප්‍රේල් මස 17 වනදා සිට මෙම මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදී ඇති බවය. මීට පෙර මෙම මුදාගැනීමේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සිදුකර තිබුණි. ඒ අනුව කටුනායක සිට කොට්ටාව දක්වා සහ කොට්ටාව සිට මත්තල දක්වා මෙම මුදාගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන අතර, මීරිගම අධිවේගයේ මුදාගැනීමේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරනු ඇත. ඒ අනුව ගැලනිගම, සීදුව, කුරුදුගහහැතැක්ම, පින්නදූව, සූරියවැව යන…
ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර දෙන ලෙස සමගි ජන බලවේගය ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ආණ්ඩුව එසේ කටයුතු නොකර විවිධ කොමිෂන් සභා පත්කරන්නේ සැබෑ ප්‍රශ්නයෙන් ගැලවීමට බවද ඔහු චෝදනා කළේය. කොළඹ ඔහුගේ නිවසේ අද (19) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, “ආණ්ඩුව පිළිඅරන් තියනවා බාල ගල්අඟුරු ගෙනාවා කියලා. මෙය සනාත කරමින් විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරාම මේ වාර්තාව…
යුරියා පොහොර මිල සහ අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ඉහළ යාම නිසා ගොඩ බෝග වගා කරන ගොවීන් දැඩිව අපහසුතාවයට පත්ව සිටින බව පොළොන්නරුව සහ හබරණ ප්‍රදේශවල ගොවින් පවසනවා. ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරන සඳහන් කළේ ගොඩබෝග වගාවලට පොහොර සහනාධාරයක් ලබා නොදීම හේතුවෙන් ගොවීන් දැඩිව පීඩාවට පත්ව ඇති බවයි.
නීති විරෝධී ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීති විරෝධි ලෙස සංචාරක වීසා මත මෙරටට පැමිණ සංචාරක මාර්ගෝපදේශයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසකුයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. මාර්ගෝපදේශයේ යෙදෙන පිරිස් සඳහා මෙරට මාර්ගෝපදේශකයින් සිටියදී මොවුන් අනීතික ලෙස මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි ආගමන විගමන නිලධාරීන් පවසන්නේ. ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ මැදිහත් වීම මතයි වැටලීම සිදු කෙරුණේ.
මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ගතවූ කාලය තුළ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ Martyr Foundation විසින් නිකුත් කළ වාර්තාවක් පදනම් කරගනිමින් ඔවුන් වාර්තා කර ඇත්තේ එම යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරාන ජාතිකයින් 3,468ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. මින් පෙර අප්‍රේල් 12 වැනි දින නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ යුද්ධයෙන් ඉරානයේ පුද්ගලයින් 3,375ක් මිය ගොස් තිබූ බවය. කෙසේ නමුත් එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය අප්‍රේල් 07 වැනි දින වාර්තා කර ඇත්තේ යුද්ධය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,636ක්…
මැලේසියාවේ සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක ඇති වූ ගින්නකින් නිවාස 200ක් පමණ විනාශවී තිබේ. එරට රාජ්‍ය පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද (19) අලුයම 01.32ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය. මෙම ප්‍රදේශයේ ලීවලින් ඉදිකරන ලද නිවාස විශාල ප්‍රමාණයක් තිබීම සහ අධික සුළං තත්ත්වයක් පැවතිම ගින්න පාලනය කිරීම අපහසු වූ බව සඳහන්ය. පුරවැසිභාවය නොමැති සහ ආදිවාසී කණ්ඩායම් ඇතුළුව රටේ දුප්පත්ම ප්‍රජාවන් මෙම ප්‍රදේශයේ වාසය කළ බවට මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. විපතට පත් වූවන් සඳහා මූලික ආධාර සහ තාවකාලිකව නැවත පදිංචි කිරීම සඳහා ෆෙඩරල් රජය සබාහ් බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් සඳහන් කර ඇත. ගින්නෙන්,…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබේ. මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කර ඇත. අග්‍රාමාත්‍යවරිය විසින් අරලියගහ මන්දිරයේදී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහය අතරතුර දෙරට සතු පොදු ශිෂ්ටාචාරමය උරුමයන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගෙන තිබේ. ඉන් අනතුරුව, ඉන්දීය උප ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම…
ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඇමි ධුරයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවය. කෙසේ නමුත් ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ. මෙම ගල්අඟුරු සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර නොතිබූ බවත් එවන් සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දීමේ තීරණයේ සාමුහික වගකීම බාරගත යුතු බවත් අදාළ…
ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු දෙනාය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
