Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි. මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වන 16 හැවිරිදි දැරියකි. අපරාධයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ පියා හා නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබේ. ඊයේ (18) දින මෙම සිදුවීම සිදුව ඇති අතර අසල්වැසියන් වහා මැදිහත්ව ගින්න නිවා දමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි…
තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ තිබී මළසිරුරු දෙකක් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන තිබේ. ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරු මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මරණකරුවන් අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන බැඳිවැව හා තිඹිරිගස්කඩවල ප්‍රදේශවල පංදිචිකරුවන් බව සඳහන්ය. මොවුන් දියනෑමට ගොස් සිටියදී මෙලෙස මෙම අනතුරට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර ඊයේ (18) දහවල් අනුරාධපුර තිසාවැවේ දිය නාමින් සිටියදී එහි ගිලුණු පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක…
ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින්ය. ඊශ්‍රායලය ඉතා නිර්භීත, පක්ෂපාතී සහ බුද්ධිමත් රටක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. අතීත යුද්ධයේදී සැබෑ දක්ෂතා පෙන්වු අය මෙන් නොව ඊශ්‍රායලය දැඩි ලෙස සටන් කරන බවත් ඔවුන් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි දන්නා බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා. හෙට දිනය දක්වා මෙරට රැඳී සිටින ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම, දිට්වා සුළි කුණාටුව සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළුව සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද මෙම සංචාරයේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබෙනවා. ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ එරට රජයේ ඉහළපෙළේ දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වනු ඇති. මේ අතර, ඉන්දිය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙන්…
උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුදු තීරය දෙසට බැලස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව දකුණු කොරියාව සහ ජපානය අද (19) පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා. මෙය උතුරු කොරියාව සිය යුද ශක්තිය ඉහළ නැංවීම සඳහා මෑත කාලීනව සිදුකරන අඛණ්ඩ මිසයිල පරීක්ෂණ මාලාවක තවත් එක් පියවරක්. මෙය මෙම වසර තුළ උතුරු කොරියාව සිදුකළ හත්වන බැලස්ටික් මිසයිල දියත් කිරීම වන අතර, අප්‍රේල් මාසය තුළ පමණක් සිදුකළ සිව්වන පරීක්ෂණයයි. විශ්ලේෂකයින් පවසන්නේ අමෙරිකාව මේ වන විට ඉරානය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බැවින්, සිය න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් ඉහළ නැංවීමට උතුරු කොරියාව මෙය “රන්මය අවස්ථාවක්” කරගෙන ඇති බවයි. දකුණු කොරියානු හමුදාවට අනුව, අද…
මන්නාරම පොලිස් වසමට අයත් තාල්වුපාඩු – තාරාපුරම් මාර්ගයේ, තුර්කිසිටි ගම්මානයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ බේකරි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක මෙම කුඩා දැරිය ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබෙනවා. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 01 යි මාස 06 ක් වයසැති දැරියක්. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා
අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. එහි ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය අටවෙනිදා සිට 18 වෙනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවය. එහිදී මගීන්ගෙන් අධික මුදල් අය කළ බස්රථ 80ක් සොයාගත් අතර මගීන්ගෙන් ලබාගත් එම අධික මුදල් යළිත් ඔවුන් වෙත ලබාදීම කටයුතු කළ බවත් බස් රථ පරිපාලනයට දඩ නියම කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය. ඒ අනුව ඊයේ (18) දින තුළ පමණක් බස්රථ 150කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර ඉන් අධික ලෙස මුදල් අය කළ…
ඉරානය විසින් සිදුකරන බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයකට තමා ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර ඉරානය පිළිබඳ කෙටි අදහස් දැක්වීමක් සිදුකළ ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන් කර තිබේ. ඉරානය සමඟ මේ වන විට “ඉතා යහපත් මට්ටමේ සාකච්ඡා” සිදුවෙමින් පවතින බවද ඔහු එහිදී පැවසීය. ඉරාන නායකයින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන බවත්, නමුත් අමෙරිකාවට එරෙහිව එවැනි තර්ජන එල්ල කිරීමට ඉඩක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂක සහ පරිසර ආරක්ෂණ ගාස්තු අයකිරීමට ඉරානය තීරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය (IRIB) වාර්තා කරනවා. ඉරානයේ උසස් ජාතික ආරක්ෂක මණ්ඩලය විසිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඉරාන රාජ්‍ය විකාශන සේවය (IRIB) වාර්තා කළේ, කලාපීය සාමය සහ ස්ථාවරත්වය තහවුරු වන තෙක් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ පාලනය සහ අධීක්ෂණය දැඩි කිරීමට ඉරානය තීරණය කර ඇති බවයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා සියලු පළාත් කේන්ද්‍ර කරගෙන අදත් (19) විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දුර සේවා බස් රථ භාවිත කරන මගීන්ගෙන් ඉල්ලා සිටියේ පස්වරුවේ අධික තදබදයක් මතුවිය හැකි බැවින් හැකිතරම් වේලාසනින් බස් රථ වෙත යොමුවන ලෙසයි. මේ අතර, නියමිත ගාස්තු ඉක්මවා අයකරන බස් රථ සොයා වැටලීම් ද සිදුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. අද දිනයේදීත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ද පැවසුවේ. එසේම, හෙට සිට සාමන්‍ය පරිදි දුම්රිය ධාවන කාලසටහන ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව…
