Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු භාරයට

    April 19, 2026

    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

    April 19, 2026

    මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්
    උණුසුම් පුවත්

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු කොරියාව සිය නැගෙනහිර මුහුදු තීරය දෙසට බැලස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව දකුණු කොරියාව සහ ජපානය අද (19) පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

    මෙය උතුරු කොරියාව සිය යුද ශක්තිය ඉහළ නැංවීම සඳහා මෑත කාලීනව සිදුකරන අඛණ්ඩ මිසයිල පරීක්ෂණ මාලාවක තවත් එක් පියවරක්.

    මෙය මෙම වසර තුළ උතුරු කොරියාව සිදුකළ හත්වන බැලස්ටික් මිසයිල දියත් කිරීම වන අතර, අප්‍රේල් මාසය තුළ පමණක් සිදුකළ සිව්වන පරීක්ෂණයයි.

    විශ්ලේෂකයින් පවසන්නේ අමෙරිකාව මේ වන විට ඉරානය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බැවින්, සිය න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් ඉහළ නැංවීමට උතුරු කොරියාව මෙය “රන්මය අවස්ථාවක්” කරගෙන ඇති බවයි.

    දකුණු කොරියානු හමුදාවට අනුව, අද උදෑසන 6:10 ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ‘සින්පෝ’ (Sinpo) නගරය අසල සිට මෙම මිසයිල දියත් කර තිබෙනවා.

    ජපාන රජය සඳහන් කරන්නේ මෙම මිසයිල කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදට වැටී ඇති බවට විශ්වාස කරන අතර ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයට ඉන් බලපෑමක් වී නොමැති බවයි.

    මෙම පරීක්ෂණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා උල්ලංඝනය කිරීමක් වුවද, උතුරු කොරියාව පවසන්නේ එය තම ස්වයං ආරක්ෂාව සඳහා ඇති අයිතියක් බවයි.

    මැයි මස මැද භාගයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත සමුළුවේදී උතුරු කොරියානු අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබියදී මෙම ප්‍රහාර දියත් කිරීම විශේෂත්වයක්.

    පසුගිය බදාදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි පෙන්වා දුන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉතා බරපතල ප්‍රගතියක් ලබා ඇති බවයි.

    මාර්තු අග භාගයේදී කිම් ජොන් උන් ප්‍රකාශ කර සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයක් වීම ආපසු හැරවිය නොහැකි කරුණක් බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු භාරයට

    April 19, 2026

    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

    April 19, 2026

    මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

    April 19, 2026

    තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

    April 19, 2026

    ඊශ්‍රායලය, අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙක් බව ට්‍රම්ප් කියයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු භාරයට

    April 19, 2026

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් පනස් එක් ලක්ෂයක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු…

    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

    April 19, 2026

    මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

    April 19, 2026

    තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු භාරයට

    April 19, 2026

    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

    April 19, 2026

    මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

    April 19, 2026

    තඹුත්තේගම නල්ලච්චිය ජලාශයේ ගිලී දෙදෙනෙකු ජීවිතක්ෂයට

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී රේගු භාරයට

    April 19, 2026

    ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

    April 19, 2026

    මහරගම නිවසක ඉහළ මහළට ගිනි තැබීමෙන් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.