ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
හෙට දිනය දක්වා මෙරට රැඳී සිටින ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළුව සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද මෙම සංචාරයේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ එරට රජයේ ඉහළපෙළේ දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වනු ඇති.
මේ අතර, ඉන්දිය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙන් අද සහ හෙට කටුනායක අධිවේගී මාර්ගය සහ කොළඹ නගරය අවට විශේෂ රථ වාහන සැලැස්ම ද ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා

