Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මේ පිළිබඳව කරුණු විමසීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයාව අද (18) සන්ධ්‍යාවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි. එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා සහ තානාපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්විණි. වෙළෙඳ නෞකාවල සහ නාවිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ප්‍රමුඛතාවය මෙහිදී විදේශ ලේකම්වරයා අවධාරණය කර ඇති බව සඳහන් වේ. ඉන්දියාව බලා පැමිණෙන නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සඳහා මීට පෙර ඉරානය ලබා දුන් සහයෝගය ඔහු මෙහිදී සිහිපත් කර ඇත. වෙළෙඳ නෞකාවලට වෙඩි තැබීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, මේ…
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ. අද පැමිණෙන ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. ඊට අමතවරව අවස්ථා කිහිපයකටම සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමග සම්බන්ධ වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුව සම්බන්ධව පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල අද (20) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. මේ අතර හෙට (20) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම්…
බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ පරීක්ෂණවලට සහාය ලබා නොදීමට බවත් ඔහු ඉල්ලා අස්වූයේ මහජනතාවගෙන් පැමිණි දැඩි පීඩනය නිසා බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව පැවසුවේ අද (18) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. බලශක්ති ඇමතිවරයාට එරෙහිව විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පරාජයට පත් කිරීමෙන් සතියක් වැනි කාලයක් තුළදී අමාත්‍යවරයා ඉල්ලා අස්වීම තුළින් ආණ්ඩුවේ පරාජය ඉතා හොඳින් පෙන්නුම් කරන බවත් මෙය මහජනතාව ලබා ගත් ජයග්‍රහණයක් බවට ඉතා හොඳින් තහවුරු වන බවද මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…
ඉරානය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටයේ සාකච්ඡා සඳහා එකඟ වී නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන තස්නිම් පුවත් ඒජන්සිය මේ බව වාර්තා කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙතෙක් මෙම සාකච්ඡා සඳහා ඉරාන බලධාරීන් එකඟතාව පළ කර නොමැති බවය. මීට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ ඉරානයේ නාවික ගමනාගමන අවහිරතාවන් සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශ මෙන්ම මෑත කාලීන හුවමාරු වූ පණිවිඩවල අමෙරිකාව විසින් සිදුකරන ලද අධික ඉල්ලීම් වන බවය. ඒ අනුව මෙම ඉල්ලීම් සහ තර්ජන මැද ඊළඟ වටයේ සාකච්ඡා සඳහා තවමත් එකඟතාවකට ඉරානය නොපැමිණි බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන්…
සතුරන්ට නව අමිහිරි පරාජයන්හි රස බැලීමට සැලැස්වීමට ඉරාන නාවික හමුදාව සූදානම් බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි පවසනවා. ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ වීඩියෝ පණිවුඩයක් නිකුත් කර නොමැති අතර, මෙම පණිවුඩය ද ලිඛිතව නිකුත් කර තිබීම විශේෂත්වයක්. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ව්‍යාකූල තත්ත්වය පිළිබඳව මෙම පණිවුඩය හරහා ඔහු සෘජු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඒ වෙනුවට ඉරාන භූමිය, මුහුද සහ ධජය නිර්භීතව ආරක්ෂා කරන සිය හමුදාවට ප්‍රශංසාව පළ කර තිබෙනවා. මෙම පණිවුඩය නිකුත් කර ඇත්තේ ඉරාන හමුදා දිනය සැමරීම වෙනුවෙන්.
විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගෙන ඇති බැවින් මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම දහයෙන් එකකටත් වඩා අඩු වී ඇති බවත් මේ තත්ත්වය මත කුණ්ඩසාලේ ප්‍රදේශයට දින පහළොවක් තිස්සේ බීමට ජලය නොමැති තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රකාශ කරනවා.මීට ප්‍රධානතම හේතුව ආණ්ඩුවේ දුර්වල ජල කළමනාකරණය බවත් මේ වන විට කුණ්ඩසාලයේ ප්‍රදේශයට මුදල් ගෙවා වතුර බවුසර් ගෙන්වා ගැනීමේ තත්ත්වයක් මතුවී ඇති බවද හිටපු ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දෙනු ලබනවා. වික්ටෝරියා ජලාශය ඉතිහාසයේ මීට පෙර මෙවැනි අඩු ජල මට්ටමකට පත්වී නොමැති බවත් ජලය තිබූ අවස්ථාවේදී එය නිසි පරිදි කළමනාකරණය කරගත්තා නම් මෙවැනි ගැටලුවක් ඇති…
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මගින් මෙහෙයවනු ලබන සන්නද්ධ යාත්‍රා දෙකකින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒකකය (UKMTO) පවසනවා. ඕමානයේ සිට නාවික සැතපුම් 20ක් උතුරු දෙසින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බවයි වාර්තා වෙන්නේ. මේ අතර, තවත් වෙළඳ නෞකා දෙකක් එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරයට අදාළව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. උප ජනාධිපතිවරයා හෙට (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන අතර එතැන් සිට ඔහු ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතය. ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිසිය සදහන් කළේය. ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පැවසීය.…
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ අටේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, එම කාලසීමාව තුළ සංචාරකයින් 809,595 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. එමෙන්ම, මේ මාසයේ මුල් දින 15 තුළදී පමණක් මෙරටට සංචාරකයින් 68,961 ක් පැමිණ තිබුණා. ඒ අනුව වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් එනම් 19,822 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
