සතුරන්ට නව අමිහිරි පරාජයන්හි රස බැලීමට සැලැස්වීමට ඉරාන නාවික හමුදාව සූදානම් බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි පවසනවා.
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ වීඩියෝ පණිවුඩයක් නිකුත් කර නොමැති අතර, මෙම පණිවුඩය ද ලිඛිතව නිකුත් කර තිබීම විශේෂත්වයක්.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ව්‍යාකූල තත්ත්වය පිළිබඳව මෙම පණිවුඩය හරහා ඔහු සෘජු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඒ වෙනුවට ඉරාන භූමිය, මුහුද සහ ධජය නිර්භීතව ආරක්ෂා කරන සිය හමුදාවට ප්‍රශංසාව පළ කර තිබෙනවා.
මෙම පණිවුඩය නිකුත් කර ඇත්තේ ඉරාන හමුදා දිනය සැමරීම වෙනුවෙන්.

