Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. අප්රේල් මාසය සඳහා ගෑස් මෙට්රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවත් එම සමාගම පැවසීය. ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ එම තොග මාලදිවයිනේ පාවෙන ගබඩාව තුළ ගබඩා කර ඇත බවය. ඊට අමතරව තවත් ගෑස් මෙට්රික්ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද ලිට්රෝ සමාගම පවසයි. මේ අතර ලිට්රෝ ගෑස් සමාගම සැලසුම් කළ පරිදි මෙම උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ලෙස අවශ්ය ගෑස් ප්රමාණයන් වෙළඳපොළට නිකුත් කළ බවද සඳහන් කරයි. එමෙන්ම උත්සව සමයෙන් පසුවද වෙළෙඳපොළට අවශ්ය ගෑස්…
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම උදෙසා ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කරයි. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් රොහාන් ද සිල්වා පියතුමා මේ බව සඳහන් කළේය. ‘මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා’ මැයෙන් පාස්කු ප්රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනක් මෙලෙස කොළඹදී පැවැත්වුණි. එය සංවිධානය කර තිබුණේ සමාජය හා සාමයික කේන්ද්රය මගිනි. එහිදී අදහස් දැක්වූ රොහාන් ද සිල්වා පියතුමා, “ප්රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණය සිදුකරීමට අවශ්ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම්වල අවස්ථාවේ නැගෙනහිර…
ලබන බදාදා වන විට සාකච්ඡා මගින් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ නොකිරීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශයත් සමඟ යළිත් වරක් යුදමය ක්රියාමාර්ග ආරම්භ වීමේ අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්ය පවසන්නේ. මේ අතර, දෙපාර්ශවය අතර දෙවන වටයේ සාකච්ඡා ලබන සඳුදා පැවැත්වීමට නියමිත බවයි ඉරාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව වසර ගණනාවක් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි බිලියනපති මුකේෂ් අම්බානිට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව අදානිගේ ශූද්ධ වත්කම් මේ වනවිට ඩොලර් බිලියන 92.6ක් දක්වා ඉහළගොස් තිබේ. අම්බානිගේ වත්මන් ශූද්ධ වත්කම් ප්රමාණය ඩොලර් බිලියන 90.8ක් බව එම දර්ශකයේ දැක්වේ. කෙසේ නමුත් මෙම දෙදෙනාම ලොව ධනවත්ම පුද්ගලයින් 20 දෙනා අතර සිටියි. ඒ අනුව අදානිට ලොව 19වන ස්ථානයත්, අම්බානිට 20වන ස්ථානයත් හිමිව ඇත. ලොව ධනවත්ම පුද්ගලයන් අතර පළමු 8 දෙනාම අමෙරිකානුවන් වන අතර, එලොන් මස්ක් තවමත් එහි පෙරමුණේ පසුවෙයි. ඔහු ඩොලර් බිලියන…
අළුත් අවුරුද්දට ගම් බිම් කරා ගමන් කළ ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්රියාත්මක කර ඇති බව ශ්රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා. ඒ, අද (18) සහ හෙට (19) යන දිනයන් දෙක සඳහායි. ඒ අනුව, අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව ධාවනය වන සාමාන්ය දුම්රියන්වලට අමතරව මෙලෙස විශේෂ දුම්රියන් ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව සඳහන්.
මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්රදේශයේ පදිංචිකරුවෙක්ය. මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක තිබේ. එම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. කෙසේ නමුත් මෙහිදී අවුරුදු 11 හා 12 වයස්වල පසුවන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැත. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බලශක්ති විෂය භාර අමාත්යවරයා සහ අමාත්යාංශ ලේකම්වරයා ඉල්ලා අස්වීම, මෙම බිලියන ගණනක වංචාව ජන මනසින් යටපත් කිරීමට රජය විසින් රඟ දක්වන තවත් “නාට්ය ජවනිකාවක්” බව සමගි ජන බලවේගය පවසනවා. ඒ අනුව, මෙරට විදුලි බල උත්පාදනය සඳහා ප්රමිතියෙන් තොර බාල ගල් අඟුරු ආනයනය කිරීම හරහා සිදුව ඇති බව කියන දැවැන්ත මූල්ය වංචාව යටපත් කිරීමට රජය දරන උත්සාහය පරාජය කිරීමට එක්වන ලෙසයි සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ, ගල් අඟුරු ගෙන්වීමේ ක්රියාවලිය තුළ අතිශය දූෂිත ගනුදෙනුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන් බවයි. ප්රමිතියෙන් තොර බාල ගල් අඟුරු දහනය නිසා…
පසුගිය 12 වැනිදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් 26 දෙනෙක් මියගොස් තිබෙනවා. දිවයිනේ ප්රදේශ දෙකකින් ඊයේ (17) දිනයේත් දියේ ගිලීම් වාර්තා වූ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබුණා. මිහින්තලය – මරදන්කුලම වැවේ දිය නෑමට ගිය 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති අතර, ඔහු එම ප්රදේශයේ පදිංචිකරුවෙක්. මොහුගේ 11 හැවිරිදි පුත්රයා සහ 12 හැවිරිදි තවත් දරුවෙකු වැවෙහි දිය නාමින් සිටියදී එකවරම දියේ ගිලී ඇති අතර, මියගිය පුද්ගලයා ඔවුන් බේරා ගැනීම සඳහා දියට පැන තිබෙනවා. සිද්ධියෙන් දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නැහැ. මේ අතර, දෙහිඕවිට – හිඟුරලකන්ද ප්රදේශයේදී සීතාවක ගඟේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී ජීවිතක්ෂයට…
මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්රදේශයේ පදිංචිකාරියකි. සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි. පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්රයා අතර ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් පුත්රයා විසින් අතින් පයින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. ඒ අනුව අපරාධයට සම්බන්ධ අවුරුදු 20ක් වන සැකකාර පුත්රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සන්දිවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මුහුදේ ප්රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අමෙරිකාව තවත් මසක සහන කාලයක් ප්රකාශයට පත් කර තිබෙනවා. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇති ලේඛනයකට අනුව, ඊයේ වන විට නෞකාවලට පටවා ඇති තෙල් මිලදී ගැනීමට මැයි 16 දක්වායි අවසර දී ඇත්තේ. මෙය අප්රේල් 11 වැනිදා අවසන් වූ දින 30ක සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමක්. රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට අමෙරිකානු සම්බාධකවලට මුහුණ දීමට සිදු නොවන පරිදි ලබා දී තිබූ මෙම සහනය වොෂින්ටනය විසින් අලුත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්රකාශ කර දින දෙකකට පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. රුසියාවේ ජනාධිපති නියෝජිත කිරිල් දිමිත්රීව් (Kirill Dmitriev)…
