Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයත් සමග ශ්‍රී ලංකාව, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග 4ම ජය ගනිමින් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම 99/10 (පන්දුවාර 19.4) ලිමන්සා තිලකරත්න 35, ප්‍රමුදි මෙත්සරා 21, ඉරා ආරේ 19/3, අමුරෝරා මාවර්ස් 15/2, මියා බාර්වික් 20/2 ඔස්ට්‍රේලියානු කණ්ඩායම 96/10 (පන්දුවාර 19.5) ඇලිසා ඩර්මොඩි 25, ශිලියා ජුලියන් 17, චමුදි ප්‍රබෝධා 22/3, අසේනි තලගුණේ 28/2, ශෂිනි ගිම්හානි 13/2, ලිමන්සා තිලකරත්න 17/2
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (18) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, එහිදී පවසා සිටියේ එම සැකකරුට විරුද්ධව මෙරට අධිකරණවල වරෙන්තු 15ක් නිකුත්කර ඇති බවය. එමෙන්ම ඔහුට විරුද්ධව විදේශ ගමන් තහනම් 26ක් නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. තවද මෙම සැකකරු මීටියාගොඩ, කරන්දෙණිය, බලපිටිය සහ දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, බරපතළ තුවාල කිරීම් සහ මංකොල්ලකෑම් මෙන්ම අවි ජාවාරම වැනි විවිධ අපරාධ රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද සඳහන්…
දීපචෙල්වන් ප්‍රදීපන් රචිත ග්‍රන්ථ හතරක පිටපත් 360ක් රේගුවේ රඳවා ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම ග්‍රන්ථ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින්, වෘත්තීය මගපෙන්වීම් අනුව නිර්දේශ ලබා ගැනීමට එම ග්‍රන්ථ හතර ආරක්ෂක අමාත්‍යංශයට යොමු කළ ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. අදාළ පිටපත් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමේ වගකීම ශ්‍රී ලංකා රේගුව සතුව පවතිනවා.
යුදමය වාතාවරණය හේතුවෙන් සති 7කට ආසන්න කාලයක් වසා දමා තිබූ සිය ගුවන් අවකාශය කොටස් වශයෙන් විවෘත කිරීමට ඉරානය පියවර ගෙන ඇත. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාවන්ට අනුව එරට වේලාවෙන් අද (18) පෙ.ව. 7 සිට නැගෙනහිර ඉරානයේ ගුවන් කලාපය මෙලෙස විවෘත කර තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර සටන් විරාමයක් ක්‍රියාත්මක හෙයින් මෙලෙස ගුවන් අවකාශය ක්‍රමයෙන් විවෘත කිරීමට ඉරානය කටයුතු යොදා ඇත. කෙසේ නමුත් සිය ගුවන්තොටුපොළ හරහා ගුවන්ගමන් නැවත ආරම්භ කරන නිෂ්චිත කාල රාමුවක් ඉරානය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. ඉකුත් පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කළදා සිට ඉරානයේ ගුවන් සීමාව වසා දමා තිබුණි.
පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. අද (18) උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.5ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය පාකිස්තානය මෙන්ම ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව සදහන් වේ. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවය.
ඉරානය විසින් අද (18) යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ. ඉරානයේ රාජ්‍ය විකාශන ආයතනයක් වන ‘IRIB’ නිවේදනය කර ඇත්තේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත. එහිදී එක් පුද්ගලයකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී තිබේ. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ…
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් ඇතුළු පක්ෂ සමාජිකයින් පිරිසක් කඩුවෙල වැලි විට ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ නිවසට අද(18) උදෑසන ගොස් තිබෙනවා. ඇඳුම් කදමලු, කිරි පැණි, හාල් පොල් රැගෙන ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නිවසට අවුරුදු සමයේ නෑගම් ගිය බවයි, නව ජනතා පෙරමුණ ප්‍රකාශ කරන්නේ. මෙම අවස්ථාවේ දී මාධ්‍ය ඇමතු නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නිවස වැනි මන්දිරි තිස් හටක් හැදීමේ කටයුතු මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තිස් අට දෙනෙකු විසින් දැනට ආරම්භ කර ඇති බවයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මෙසේද ප්‍රකාශ කළා. සමාජයේ පොඩි මතයක් තියනවා ලාල්කාන්ත කියන්නේ තමන්…
රු. 143,000ක සුරැකුම්පත් කෝටි 38ක් ලෙස දක්වමින් හා අසත්‍ය වත්කම් ප්‍රකාශ කරමින් සිදුකල අපහාසයට එරෙහිවකේ.ඩී ලාල්කාන්ත අමාත්‍යවරයා හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක් යවා තිබෙනවාඑම එන්තරවාසිය පහතින්
විජිත හේරත්, බිමල් රත්නායක, නලින් ද ජයතිස්ස කැබිනට් අමාත්‍යවරුන් එකට එකතු වෙලා ආණ්ඩුවට එල්ල වී තිබෙන ගල් අඟුරු වංචාවේ චෝදනාව සෝදා හැරීමට දැඩි උත්සහයක් ගත්තත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් සිදු නොවන බවත් මෙම අමාත්‍යවරුන් තිදෙනා එකට එකතු වී මාධ්‍ය හමුවක් පැවැත්වීම තුළින් පෙන්නුම් කරන්නේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ ප්‍රබල කඩා වැටීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කරනවා. මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙම අමාත්‍යවරුන් තිදෙනාම එකතු වී හදිසියේ මාධ්‍ය හමුවක් පැවැත්වීම තුළින්ම ආණ්ඩුවේ බරපතල කඩා වැටීම මැනවින් පෙන්නුම් කෙරුණු බවයි.අමාත්‍යවරුන් තිදෙනා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුවලින් ඒ බව ඉතාම හොඳින් පැහැදිලි වූ බවත් සුජීව සේනසිංහ විසින් පෙන්වා දෙනු ලැබුවා.ආණ්ඩුව…
