Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

    April 20, 2026

    ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?

    April 20, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට ඇප

    April 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර
    උණුසුම් පුවත්

    ඇමති ලාල්කාන්තගේ නිවසට නෑගම් ගිය සුගීශ්වර

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 18, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් ඇතුළු පක්ෂ සමාජිකයින් පිරිසක් කඩුවෙල වැලි විට ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ නිවසට අද(18) උදෑසන ගොස් තිබෙනවා.

    ඇඳුම් කදමලු, කිරි පැණි, හාල් පොල් රැගෙන ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නිවසට අවුරුදු සමයේ නෑගම් ගිය බවයි, නව ජනතා පෙරමුණ ප්‍රකාශ කරන්නේ.

    මෙම අවස්ථාවේ දී මාධ්‍ය ඇමතු නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නිවස වැනි මන්දිරි තිස් හටක් හැදීමේ කටයුතු මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තිස් අට දෙනෙකු විසින් දැනට ආරම්භ කර ඇති බවයි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මෙසේද ප්‍රකාශ කළා.

    සමාජයේ පොඩි මතයක් තියනවා ලාල්කාන්ත කියන්නේ තමන් දකින දේ නිර්භයව කෙළින් කියන අවංක මනුස්සයෙක් කියලා. ඒ නිසා ඒ වගේ මනුස්සයෙක් මේ වගේ ගේමක් ගහලා නන් අපිට ජ.වි.පෙ ටිල්වින් සිල්වා ඇතුළු ඔය කණ්ඩායම ගැන ඉතින් කවර කතාද? ඒ හින්දා වෙනම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්න වෙනවා, මාලිමා ආණ්ඩු කාලය තුළ ඒ රැස් කරපු අයථා වත්කම් සහ දේපළ සම්බන්ධ වෙනම පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.

    මේ මාලිමා ආණ්ඩුව ඇවිල්ලා මේ දෙවසර තුළ කරපු ලොකුම සංවර්ධනය තමයි සිරිමාවෝ මැතිනිය විසින් ඉදි කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සංවර්ධනය කරපු පිටකොටුව බස් නැවතුම්පොළ සුදු පිරියම් කරලා, සුදු හුණු ගාලා තීන්ත ගාලා නැවත ජන සතු කරපු එක. මේ වගේම මාලිමා ආණ්ඩුවෙන් ලැබිච්ච ලොකුම පුනරුදය ලැබිලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහත්තයට. මේ තියෙන්නේ අලුතෙන් ලැබුණු මේ පුනරුදයේ ප්‍රතිඵලය.
    මේ හරියේ පර්චස් එකක් රුපියල් මිලියන 5 කට වඩා අධිකයි. කඩුවෙල තියන හොඳම location එකේ තමයි මේ සුපිරි නිවස ඉදි කරලා තියෙන්නේ. ඒ අනුව මේ දෙමහල් බංගලාව අඩුම ගාණේ මේක හදන්න ලක්ෂ දාහකට වැඩිය යන්න ඇති.
    එවැනි දැවැන්ත මුදලක් ලාල්කාන්ත මහත්තයා සතුව කොහේද තියෙන්නේ. ලාල්කාන්ත මහත්තයා පහුගිය වත්කම් බැරකම් ප්‍රකාශනයයේ මේ ගෙදර මේ ඉඩම සඳහන් කරලා නෑ. එතකොට ලාල්කාන්ත මහත්තයාගේ ප්‍රකාශයක් තියනවා එතුමා කියනවා මීට දශකයට කලින් මම ජ.වි.පෙ පූර්ණ කාලිනයෙක් විදිහට මට මගේ දරුවා ටියුෂන් යවාගන්න සල්ලි නෑ. මගේ නෝනා හම්බු කරන වැටුපෙන් නෝනයි දරුවයි නඩත්තු වුණාම මාව නඩත්තු කරන්න පක්ෂයෙන් කියලා. එතකොට ලාල්කාන්ත මහත්තයා මීට අවුරුදු 10 කට කලින් එතකොට එතුමා ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට යනකොට එතුමාම කියනවා වත්කම් බැරකම්වල ලියන්න දෙයක් නෑ කියලා. එහෙම කියපු ලාල්කාන්ත මහත්තයට තියනවා කෝටි 47 ක වත්කම්. ඊට අමතරව මේ කෝටි 10 ට වඩා වටින ඉඩම ගැන සඳහන් කරලා නෑ. මේ එතුමා සඳහන් කරපුවා විතරයි. අපි දන් නෑ තව කොච්චර වත්කම් එතුමා සතුව තියනවද කියලා. ඒ නිසා ලාල්කාන්ත මහත්තයා කියන්න උත්සාහ කළා මේවා දෙමව්පියන්ගෙන් ලැබුණා කියලා.

    අනුරාධපුරයේ මිනිස්සු දන්නවා ලාල්කාන්ත කවුද කියලා. දන්නෝ දනිති. ඒ හින්දා ලාල්කාන්ත මහත්තයෝ ව්‍යාජ තොරතුරු සමාජයට ප්‍රකාශ කරන්න කලින් අපි කියනවා කරුණාකරලා මේ අවුරුදු දෙක තුළ මෙවැනි ධනස්කන්දයක් හම්බු කරපු ලාල්කාන්ත මහත්තයගේ ධනය සම්බන්ධයෙන් මේ දේපළ සම්බන්ධයෙන් වහාම අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කරන්න කියලා.

    ලාල්කාන්ත ඇමතිතුමත් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙන්න ඕන. මේ තියෙන්නේ වැව් තාවුළුවල තියෙන හෝටල් කඩනවා කියලා බිය වද්දලා ගත්ත සල්ලි. මේ අර වෘත්තිය සමිති නායකයෙක් වෙලා ඉන්න කාලේ ඒ වෘත්තිය සටන් පාවා දීලා ගත්තු සල්ලි. මේ අර අක්කර ගාණක ඉඩම් ව්‍යාපාරිකයන්ට වගා කටයුතු කරන්න දීලා ගත්ත සල්ලි. ඒ නිසා ලාල්කාන්ත මහත්තයෝ කරුණාකරලා ඉල්ලා අස් වෙලා කරුණාකරලා රටට කියන්න මේ මුදල් කොහොමද උපයා ගත්තේ කියලා.

    ලාල්කාන්ත කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි තව දුරටත් සමාජවාදියෙක් නෙවෙයි,කම්කරු නායකයෙක් නෙවෙයි, විප්ලවවාදියෙක් නෙවෙයි ලාල්කාන්ත කියන්නේ ලංකාවේ අංක එකේ බිලියනපතියෙක්. මේ යන වේගේට ලාල්කාන්ත දේපළ වත්කම් රැස් කළොත් 2029 වෙනකොට ලංකාවේ අංක එකේ බිලියනපතියා ඉෂාර නානායක්කාරවත්, ධම්මික පෙරේරාවත්, අශෝක පතිරගේ වත් නෙවෙයි. කේ.ඩී ලාල්කාන්ත කියලා මතක තියාගන්න. හැබැයි එච්චර කාලයක් මේ ආණ්ඩුව තියෙන්නේ නෑ. තව වෙසක් පෝයක් වත් ඉවර වෙනකන් මේ ආණ්ඩුව තියෙන්නේ නෑ.

    මේ දූෂිත මේ වංචනික ආණ්ඩුව පලවා හරින්න අපි සියලුම දේවල් කරන නිසා ලාල්කාන්ත මහත්තයට කියන්නේ ඉල්ලා අස් නොවුණොත් අද ආපු අපි ආපහු එන්නේ මෙතනින් යන්න නෙවි . අපි අද මෙතන ලාල් ගෝ ගම හදනවා කියන පණිවිඩය අපි ලාල්කාන්තට කියනවා.
    මුළු ජීවිත කාලේම සරල ජීවිතයක් ගත කරපු මේ ජීවිත කාලේම ජ.වි.පෙ පූර්ණ කාලීන කාඩර්වරයෙක් වෙච්ච දවසක්වත් රස්සාවක් නොකරපු එක දවසකටවත් කොහේවත් ව්‍යාපාරයක් නොකරපු ලාල්කාන්ත මෙතරම් ධනයක් එකතු කළේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක් .
    ඒ නිසා අපි මේ ආවේ ටියුෂන් ගන්න ඔබතුමාගෙන්. මෙතන ඉන්න බහුතරය ව්‍යාපාරිකයෝ. ව්‍යවසායකයෝ. මෙවැනි ධනයක් උපයන්නේ කොහොමද කියලා. ඉතින් දියුණුවේ රහස නම් ලාල්කාන්ත තමයි.
    අපේ දරුවන්ට අපිට කියන්න වෙලා තියෙන්නේ ලාල්ගේ මට්ටමට වත් දියුණු වෙන්න කියලා. අද පොලිසිය පාවිච්චි කරලා ඔබ තුමාගේ මේ සුපිරි මන්දිරය ආරක්ෂා කරාට ඔබතුමා මේ මුදල් ඉපයුවේ වංචනිකව. අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ වනවිට ජවිපෙන් පාර්ලිමේන්තුවට ආපු නායකයින් 38 දෙනෙක් තමන්ගේ ගෙවල් හදන්න පටන් අරගෙන කියලා. . පොලිස්පතිතුමනි, ඒ් ගෙවල් 38 ටත් ආරක්ෂාව දෙන්න සුදානම් වෙන්න. නව ජනතා පෙරමුණ අපි ඒනවා ඒ් ගෙවල්වල පිරිසත් හමුවෙන්න.හැබැයි වැඩි ඈතක් නෑ 76 වසරක සාපේ ඉවර කරන්න ආපු මාලිමා ආණ්ඩුවට රටේ ජනතාවට පිළීතුරු දෙන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

    April 20, 2026

    ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?

    April 20, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට ඇප

    April 20, 2026

    පළාත් පහකට අද මි.මී 75ත් – මි.මී 100ත් අතර තද වැසි

    April 20, 2026

    රන් පවුම යළි ලක්ෂ 4 පනී

    April 20, 2026

    ඉන්දීය උප ජනපති නුවරඑළියට

    April 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

    April 20, 2026

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරට ගිනිකොන වෙරළ තීරයේ…

    ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?

    April 20, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට ඇප

    April 20, 2026

    පළාත් පහකට අද මි.මී 75ත් – මි.මී 100ත් අතර තද වැසි

    April 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

    April 20, 2026

    ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?

    April 20, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට ඇප

    April 20, 2026

    පළාත් පහකට අද මි.මී 75ත් – මි.මී 100ත් අතර තද වැසි

    April 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

    April 20, 2026

    ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක?

    April 20, 2026

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට ඇප

    April 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.