Author: Bandara Senanayaka

රතිඤ්ඤා ශබ්දය හේතුවෙන් තම සුරතල් සුනඛයින් දැඩි ලෙස පීඩාවට පත්වන බැවින් එය නවත්වන ලෙස ඉල්ලා සිටි අසල්වැසි කාන්තාවකට අමානුෂික ලෙස ඉදලකින් පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය. මෙම කම්පන සහගත සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් දියත් කළ මොරගහහේන පොලිසිය, පහරකෑමට ලක්වූ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාළ ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුව එළඹෙන 2026 අප්‍රේල් 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඉකුත් 16වනදා අහුංගල්ල, ලෝකන්වත්ත කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘පොඩි පැටී’ට ටී56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණි. ඒ සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (17) රාත්‍රියේ කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 760 ක්ද සොයාගැනීමට හැකිව ඇත. සැකකරු…

Read More

අමෙරිකා – ඉරාන සටන් විරාමයේ ඉතිරි කාලසීමාව සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” බව ඉරානය ප්‍රකාශ කිරීමෙන් පසු, ලෝක බොරතෙල් තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් බොරතෙල් මිල 10%කට වඩා අගයකින් පහත වැටී ඇති බවය. ඊයේ (16) දිනය වනවිට ඩොලර් 98ක් දක්වා ඉහළ ගොස් තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 88ක් දක්වා පහත වැටී ඇති අතර, අමෙරිකානු WTI බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 84ක් දක්වා පහත වැටී ඇත. ගල්ෆ් කලාපය අරාබි මුහුදට සම්බන්ධ කරන පටු ජල තීරුවක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය, ලොව තෙල් සහ ස්වභාවික වායුවලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික…

Read More

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනය සිදුවිය යුතු ආකාරය පිළිබඳව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික විධානය විසින් නව කොන්දේසි මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, එම මුහුදු සීමාව හරහා ගමන් කරන නෞකා සඳහා ඉරාන හමුදාවේ පූර්ව අවසරය ලබා ගැනීම අනිවාර්ය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඕනෑම නෞකාවක ගමනාගමනය සඳහා අවසර දෙනු ලබන්නේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික අංශයේ අනුමැතිය මත පමණක් බවත්, විල් නෞකා සඳහා ගමනාගමනයට අවසර ලැබෙන අතර, ඒවා ඒ සඳහා විශේෂයෙන් නම් කරන ලද මුහුදු මාර්ගයක් ඔස්සේ පමණක් ගමන් කළ යුතු බවත් එම කොන්දේසි…

Read More

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන ‘රාජු’ නමැත්තා මෙරටට ගෙන එනු ලැබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වන සනත් ද සිල්වා හෙවත් රාජු නමැත්තා පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සමයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ, කරන්දෙණිය සුද්දා මෙරටදී සිදුකළ සියලුම මනුෂ්‍ය ඝාතන මෙන්ම එම අපරාධ සැලසුම් කිරීම සහ අවි ආයුධ ප්‍රවාහනය සිදුකර ඇත්තේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණ වීමත් සමගයි. කලක් ඩුබායි හි සැඟව සිටි ඔහු ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබූ පසුබිමක ජාත්‍යන්තර පොලිසියේ ද සහය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් එරටදී…

Read More

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X සටහනක් තබම්න් පැවසීය. ඔහුගේ විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට පාර්ලිමේන්තුව මුළු දවසක්ම ගත කළ අතර, සියලුම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එයට විරුද්ධව ඡන්දය දීමට පමණක් හැකි විය, එමඟින් පෙන්නුම් කළේ ඔවුන් ඔහුට එරෙහි දූෂණ චෝදනා නොසලකා හැර සහාය දුන් බවයි. ගල් අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇත. අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සිදුවුනත් සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලිය. අවසාන වශයෙන්, මෙම දැවැන්ත වංචාවේ බර දරන්නේ පාරිභෝගිකයාය. ඉල්ලා අස්වීමකින් සැබවින්ම වන්දි ගෙවිය හැකිද යන්න ගැටළුවකි. ඔහුගේ අතීත…

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (18) ප. ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම අප්‍රේල් මස 20 වන දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම්…

Read More

ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමයට සමගාමීව, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සියලුම වාණිජ නෞකා ගමනාගමනය සඳහා පූර්ණ අවසර ලබාදීමට ඉරානය තීරණය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ මෙම සහනය හිමිවන බවයි. ඒ අනුව ඉරාන වරාය සහ සමුද්‍රීය සංවිධානය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති සම්බන්ධීකරණ මුහුදු මාර්ග ඔස්සේ නෞකා ගමනාගමනය සිදු කළ හැකි බව එරට රජය වැඩිදුරටත් අවධාරණය කරනවා.

Read More

ගල් අඟුරු ආනයනයට අදාළව සිදුව ඇති බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත්, ඒවා පරීක්ෂණ සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔහු මේ බව සඳහන් කළේ, මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්. ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට පියවර ගත් අතර, ඊට අදාළව මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවා. අතීතයේ සිට ගල් අඟුරු මිලදී ගැනීමේදී සහ බෙදා හැරීමේදී සිදුව ඇතැයි සැක කෙරෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පූර්ණ හා විනිවිද පෙනෙන පරීක්ෂණයක්…

Read More

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී. එම්. ආර්. ඩී. අපොන්සු පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා. මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී. එම්. ආර්. ඩී. අපොන්සු ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍ය කරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍ර වල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙක්.

Read More