බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී. එම්. ආර්. ඩී. අපොන්සු පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා.
මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී. එම්. ආර්. ඩී. අපොන්සු ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.
ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍ය කරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍ර වල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙක්.

