Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පැලවත්තේ ඩෝබි බලකාය සමාජ මාධ්‍ය හරහා සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් සහ මඩ ගැසීම්වලට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවත් මේ සම්බන්ධයෙන් ළඟදීම පොලිස් මූලස්ථානයට ගොස් විමසීමට කටයුතු කරන බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය කණ්ඩායම් හෙවත් පැලවත්තේ ඩෝබි බලකාය දිගින් දිගටම අසත්‍ය ප්‍රචාරයන් සිදුකරමින් අනෙකුත් පාර්ශ්වවලට එරෙහිව එල්ල කරන මඩ ප්‍රහාර සම්බන්ධයෙන් කෙතරම් පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර නොමැති බවයි. පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ තීන්ත ආලේප කොට නවීකරණය කිරීමෙන් පසු එහි ටැප් ගැලවූ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…
කුලියාපිටිය — newsforce.lk — 2025 අගෝස්තු මාසයේ දිනෙක කුලියාපිටිය පාසල් දරුවන් ප්‍රවාහන කරනු ලබන වෑන් රථයක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයනු ලබන ටිපර් රථයක් මුහුණට මුහුණ අනතුරට ලක්වීමෙන් එම ස්ථානයේ දී පාසල් වෑන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්විය.පාසල් දරුවන් රෝහල් ගත කිරිමෙන් පසුව කුලියාපිටිය සුරදූත බාලිකා පාසලේ ඉගනුම ලැබූ දැරියන් දෙදෙක් තම ජීවිතයට සමු දුන්හ.නමුත් එම අනතුරුට ලක්ව කොළඹ ජාතික රෝහලේ මාස 07කට ආසන්න කාලයක් මරුවා සමග දැඩි සටනක් කල සනාදි ඒකනායක පසුගිය දා අවසන් සුසුම් හෙලීය.පාසලේ තූර්ය වාදක කණ්ඩායම් නායිකාව වූ සනාදි ගැන කිසිවෙකුට අවදාන නොවූයේ අලුත් අවුරුදු දිනට පෙර දින ඇයගේ සමුගැනීමයි. පවුලේ එකම දියණිය වු සනාදිගේ වියෝව දරා ගත…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අය දින තුනක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මෙම නියෝගය ලබා ගෙන ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කළේ. ඒ අනුව අනිද්දා (18) එම සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවා. හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අයගේ පිළියන්දල පිහිටි නිවෙසේ තිබී ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගනු ලැබුවේ ඊයේ (16) පෙරවරුවේදීයි. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකට අනුවයි. මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයා අනවසරයෙන්…
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගම හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව සැකකරු ලබන 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉන් අනතුරුව නැවතත් QR ක්‍රමය ක්‍රියාත්මක බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් තොගයක බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක් ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා. කෙසේ වෙතත්, අදාළ මිල ගණන්වලට ආසන්න අගයකින් පිරිපහදු කරන ලද ඩීසල් තොග මිලදී ගත් බවයි අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව මාර්තු 31 වැනිදා මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවේ ඩීසල් බැරලයක මිල ඩොලර් 288.05ක් වී ඇති බව ඔහු පෙන්වා දුන් අතර එමෙන්ම අප්‍රේල් 07 වැනිදා පැමිණි ඉන්ධන නෞකාවල ඩීසල් තොග සඳහා පිළිවෙළින් ඩොලර් 288.06ක් සහ ඩොලර් 281.07ක් ද, සුපර්…
කොළඹ – ශ්‍රී ලංකා- Newsforce.lk බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වූ කෙසෙල්ගමු ඔයට අසලට පෙරළී ගොස් තිබේ. අනතුරින් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. අද (17) උදෑසන 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුව ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේදීය. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර රථයේ සිටි රියදුරා මාර්ගයෙන් ඉවතට පැමිණ අනතුර සම්බන්ධව බගවන්තලාව පොලීසිය වෙත දැනුවත් කිරීමක් කර තිබේ. අනතුරින් මියගිය පුද්ගලයා සහ තුවාල…
කොළඹ – ශ්‍රී ලංකා- Newsforce.lk ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධ ක්‍රිෂ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා ලබන අප්‍රේල් 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙන්නේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අප්‍රේල් 19 සිට 20 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය, දෙරට අතර මෑතකදී ශක්තිමත් වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇති බවයි. උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. “දිට්වා” සුළි කුණාටුවෙන් පසුව සිදුකෙරෙන පුනරුත්ථාපන කටයුතු සහ දෙරට අතර සංවර්ධන සහයෝගීතාව සම්බන්ධ අවබෝධතා ගිවිසුම් කිහිපයක් මෙහිදී හුවමාරු කර ගැනීමට නියමිතයි.
කොළඹ – ශ්‍රී ලංකා- Newsforce.lk ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂයේ නායක, ඉන්දිය සිනමා නළු තලපති විජේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වා තිබෙනවා. ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ඔහු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරට පුරවැසිභාවය ලබාදීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කිරීමටත්, මෙරට සිටින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙනුත්, තමන් පෙනී සිටින බවයි ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම කච්චතිව් දූපත ආශ්‍රිතව ඉන්දිය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු සිදුකිරීමට ඇති අයිතිය යළි තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දී…
කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේද සිරුරු සොයා ගෙන තිබේ. ඒ අනුව මෙම අනතුරින් මේ දක්වා මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ. අද (17) උදෑසන අතුරුදන් වූ සිව්දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්වූ අතර තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සමත්වූ අතර අනෙක් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණි. ඒ අනුව අදාළ සිරුරු දෙකද මේ වන විට සොයාගෙන ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමග 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස් තිබූ අතර එහිදී මෙම ඛේදවාචකය සිදුව…
