Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
විශ්වාසභංග යෝජනාවට පෙර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස් නොවූ නිසා ඔහු ආරක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබා දුන් මාලිමාවේ එකසිය පනස් තුන්දෙනාම මෙම ගල් අඟුරු වංචාව වෙනුවෙන් පෙනී සිටිය බව අද වන විට ඔප්පු වී තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරනවා. තිබෙන චෝදනාවල බරපතලකම නිසා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙසට විපක්ෂය මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බවත් ඒ කිසිම ඉල්ලීමකට ඇහුම්කන් නොදුන් අතර මේ වන විට තත්ත්වය ඉතා බරපතල බව හැමෝටම වැටහෙන නිසා කුමාර ජයකොඩි මහතාට…
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂාකර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය යන ප්‍රධාන ජාත්‍යන්තර ආයතන වෙත, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ලිපියක් මගින් දැනුම් දීමක් සිදුකර ඇත. එම සංගමය විසින් ඉල්ලා ඇත්තේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ගැඹුරුන් අවධානය යොමු කරන ලෙසටය. මෙම ගැටලු අතරින් ප්‍රධානතම කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාව නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස සේවය තහනම් කර ඇත බවය. එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාවය දැඩි ලෙස උල්ලංඝනය කරන ක්‍රියාවක් ලෙස එම සංගමය පෙන්වා දී තිබේ.…
මහාධිකරණයේ විභාගවන නඩුවකට අදාලව දුරකතන විශ්ලේෂණ වාර්තාවක් කැඳවීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ ජංගම දුරකතනය ලබන 29 වැනිදා අධිකරණය හරහා සිය භාරයට ගනු ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ පවසනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කළේ අද (17) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ, සත්‍ය වශයෙන්ම අදාල විමර්ශනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සාක්ෂියක් අනාවරණය කර ගැනිමට හැකි නිසා මෙම දුරකතනයෙන් විශ්ලේෂණ වාර්තා කැදවීමට අවශ්‍ය බවයි. ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ ජංගම දුරකතනය අධිකරණය හරහා සිය භාරයට ගෙන එහි විශ්ලේෂණ වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා…
අනියම් පෙමක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබේ. අද (17) අලුයම නිදි යහනේ දී මෙම ඝාතනය කර ඇති බව වටවල පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචිව සිටි 27 හැවිරිදි එක් දරු මවකි. මෙම කාන්තාව විදේශගතව සිට දැනට මාස 3කට පෙර සිය සැමියා පදිංචිව සිටි ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත. පසුව මීට සති දෙකකට පෙර ඇය සිය දරුවා ද සමග සිය මව පදිංචිව සිටි වැලිඔය වත්ත නිවසට පැමිණ තිබේ. සිය බිරිඳ නැවතත් තමා වෙත නොපැමිනීම හේතුවෙන් සැමියා ඊයේ (16) ඇය සිටි ප්‍රදේශයට ගොස් ඇත්තේ ඇයව නැවත රැගෙන…
ඉරානය කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නොමැති බවත්, සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි. අන්ටාලියා රාජ්‍ය තාන්ත්‍රික සංසදයට (Antalya Diplomacy Forum) සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ ප්‍රකාශ කළේ, ඕනෑම සටන් විරාමයක් “ලෙබනනයේ සිට රතු මුහුද දක්වා” පවතින සියලුම ගැටුම් කලාප ආවරණය කළ යුතු බවය. “අපි කිසිදු තාවකාලික සටන් විරාමයක් පිළිගන්නේ නැහැ. මේ ගැටුම් චක්‍රය මෙතැනින් සම්පූර්ණයෙන්ම සහ සදහටම අවසන් විය යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම මුහුදු මාර්ගය ඓතිහාසිකව විවෘතව පවතින බවත්, එය ඉරාන…
බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබාදී තිබේ. විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය, අසාමාන්‍ය ලෙස නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ බව පැවසීය. ජලාශවල ජලය අධික වශයෙන් විදුලිබල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වනවිට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්ත්වයක් උද්ගතව ඇති බව අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් දැක්විණි. ‘මහනුවර ජල සම්බන්ධතා 17,000ක්’ මැයෙන් ජාතික ජල…
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සී/ස ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොමිෂන් සභාවක් පත් කර තිබේ. 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන අනුව මෙම කොමිෂන් සභාවක් පත්කර ඇත. මෙම කොමිෂන් සභාවේ…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි ඉදිරිපත් කරමින් මොවුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අමාත්‍යවරයා සහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ විමර්ශන කටයුතු සාධාරණව සිදුවීමට නම් තමන් එම තනතුරුවලින් බැහැරව සිටීම අත්‍යවශ්‍ය බවයි. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත්තේ 2009 වසරේ සිට සිදුවූ ගල් අඟුරු ආනයන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව, විමර්ශනයට කිසිදු බාධාවක් නොවනු පිණිස තමා අද සිට…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් මෙරට මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින්, එළඹෙන මැයි මස 01 වනදා සිට සියලුම මෝටර් රථ රක්ෂණ සහතික ඩිජිටල් ක්‍රමයට (Digital Motor Insurance Card) පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව, 2026 මැයි 01 වනදායින් පසුව කිසිදු රක්ෂණ සමාගමක් විසින් ප්ලාස්ටික් හෝ කඩදාසි ඇසුරින් සකස් කළ භෞතික රක්ෂණ කාඩ්පත් (Physical Cards) නිකුත් කරනු නොලැබේ. රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ පරිසර හිතකාමී “Go Green” ප්‍රතිපත්තියට සමගාමීව මෙම තීරණය ගෙන තිබේ.පොලිස් පරීක්ෂාවන් පහසු වෙයිමෙම නව ක්‍රමයත් සමඟ රියදුරන් තම වාහනයේ මුද්‍රිත රක්ෂණ සහතිකයක් තබා ගැනීමේ අවශ්‍යතාවය මින් ඉදිරියට පැන නොනගිනු ඇත. ඒ වෙනුවට…
